IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙන්නකෝන් ටුවර්ස් සමාගමට විශිෂ්ටම සංචාරක සේවා BWIO සම්මානය


තෙන්නකෝන් ටුවර්ස් පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සංචාරක සේවා සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ සභාපති දේශමාන්‍ය ආචාර්ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 

Thennakoon Holdings සමාගම් සමූහයට අයත් තෙන්නකෝන් ටුවර්ස් සමාගම පෞද්ගලික සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩ දෙවර්ගයටම පුළුල් පරාසයක විහිදී ඇති සේවා රැසක් සපයයි. එම ආයතනය මෙරට වැඩිම වාහන සංඛ්‍යාවක් සහිත ප්‍රවාහන සේවා සැපයුම්කරුද වේ. ඔවුන් වෙතින් ඕනෑම දුර ප්‍රමාණයක සංචාරයක් සඳහා කාර්, වෑන්, බස් ඇතුළු සියලු‍ වර්ගයේ වාහන කුලී පදනම මත ගත හැකිය. රියදුරෙකු නොමැතිව වාහනයක් ගැනීමට අවශ්‍ය අයකුට දිගු කාලීන පදනම යටතේ වාහනයක් ගත හැකිය. කෙටි කාලීන පදනම යටතේ වාහන ගැනීමේදී වෘත්තීය සහ විනයගරුක රියදුරෙකුද සමග සේවය ගත හැකිය.

Thennakoon Holdings වෙතින් හෝටල් හා නවාතැන් වෙන් කිරීමේ සේවාද ගත හැකිය. ඔවුන් Premium Credit පෞද්ගලික සමාගම නමින් ණය සපයන මූල්‍ය ආයතනයක් මෑතකදී අරඹා ඇත. සෑම විටම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන තෙන්නකෝන් ටුවර්ස් සමාගමේ වෘත්තීය පළපුරුද්ද සහිත පාරිභෝගික සේවා කණ්ඩායම පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට වඩාත් ගැළපෙන වාහනය තෝරා ගැනීමට මඟ පෙන්වයි. තමන් සතු වාහන විශ්වාසවන්තව සහ ආරක්ෂිතව කුලී පදනම මත සැපැයීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන වාහන හිමිකරුවකුට තෙන්නකෝන් ටුවර්ස් සමාගම සමඟ සම්බන්ධ විය හැකිය. මීට පෙරද එම සමාගම දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇත.



අදහස් (0)

තෙන්නකෝන් ටුවර්ස් සමාගමට විශිෂ්ටම සංචාරක සේවා BWIO සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site