IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තේ කිලෝවක වටිනාකම අගෝස්තුවේදී ඉහළට

  • තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු මිල රුපියල් 54.67කින් ඉහළට
  • 2024 අගෝස්තු හා සැසඳීමේදී තේ කිලෝවක මිල රුපියල් 6.22කින් පහළට

ජාතික තේ අලෙවියේ සාමාන්‍ය මේ වසරේ අගෝස්තු මාසයේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,182.27ක් (ඩොලර් 3.92ක්) ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය ජූලි මාසයේ සටහන් වූ රුපියල් 1,127.60 එනම් ඩොලර් 3.74 හා සැසඳීමේදී රුපියල් 54.67 ක එනම් ඩොලර් ශත 18 ක ඉහළ යාමකි.
කෙසේ වෙතත් 2024 අගෝස්තු මාසයේ පැවැති තේ කිලෝග්‍රෑමයක් සඳහා වූ රුපියල් 1,188.49ක (ඩොලර් 3.95) ක අගය හා සැසඳීමේදී මෙය රුපියල් 6.22 කින් එනම් ඩොලර් ශත 33 ක අඩුවීමකි. 
ෆෝර්බ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරැව් සමාගමට අනුව 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලයේදී මෙම ජාතික තේ අලෙවියේ සාමාන්‍ය තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,156.37 ක් (ඩොලර් 3.87ක්) ලෙස පැවතුණි. මෙය 2024 එම කාලසීමාවේ පැවැති රුපියල් 1,249.99 (ඩොලර් 4.09) හා සැසඳීමේදී රුපියල් 93.62 ක් එනම් ඩොලර් ශත 22 ක පහත වැටීමකි. 
මේ අතර තේ වගා බිම් මට්ටම් අනුව ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී තේ අලෙවියේ වටිනාකමෙහි ඉහළ ගොස් තිබේ. ඒ අතරින් උස් බිම් තේ වටිනාකම් ජූලි මාසය හා සැසඳීමේදී කිලෝග්‍රෑමයකට රුපියල් 70.83 ක් එනම් ඩොලර් ශත 23 ක් ලෙසින්ද, මැදි බිම් තේ කිලෝග්‍රෑමයක් රුපියල් 47.20 ක් එනම් ඩොලර් ශත 15 ක් ලෙසින්ද, පහත් බිම් තේ කිලෝග්‍රෑමයක් රුපියල් 44.01 ක් එනම් ඩොලර් ශත 14 ක් ලෙසින්ද ඉහළ ගොස් තිබේ.



අදහස් (0)

තේ කිලෝවක වටිනාකම අගෝස්තුවේදී ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site