(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ගෝලීය අභියෝග හමුවේ තේ කර්මාන්තයේ දියුණුව උදෙසා නව දැක්මක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (9) ප්‍රකාශ කළේය.
කෝප්පයකට දමා තේ දමා දෙන සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගොස් තේ කර්මාන්තය පූර්ණ නවීකරණයකට යා යුතු බව අගමැති පැවැසීය.
මෙරට තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නැමැත්තෙන් පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ’ ආරම්භ සැසියේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“තේ කර්මාන්තයට අලුත් දැක්මක් අවශ්‍යයි. එහිදි අපට බොහෝ දේ පිළිබඳ බලන්න වෙනවා. අපිට පුළුල් දැක්මක් අවශ්‍යයි. ජනගහනය, ජනවිකාශය, ඉල්ලුම සැපයුම, අලෙවිකරණය, ප්‍රවර්ධනය, තේ වගාව, ඉඩම්, ශ්‍රමය, දේශගුණ විපර්යාස අදී බොහෝ දේ ගැන අපට බලන්න වෙනවා. අපට තේ තිබෙන්නේ එක වෙළෙඳපොළයි. එය කොළඹ තේ වෙළෙන්දන්ගේ වෙළෙඳපොළ නෙමෙයි. එය ගෝලීය තේ වෙළෙඳපොළයි. අපි සැලැසුම් සකස් කළ යුත්තේ ගෝලීය වෙළෙඳපොළ දෙස බලලා. එය දීර්ඝකාලීන සැලැස්මක් විය යුතුයි. අපිට ඒ සඳහා තරුණ අමාත්‍යවරයෙක් සිටිනවා. ඔහුගේ පියා ගාමිණි දිසානායක මහතා මහවැලියට දායකත්වය දුන්නා. ඔහුගේ පුතා නවීන් දිසානායක අපේ තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාවි කියා මා විශ්වාස කරනවා”




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු කතා නම් තියෙනවා. ඒ වුණාට තේ ගොවියා බින්දුවට වැටුණු වෙලාවේදී පොරොන්දු වුණු කිලෝවට රුපියල් 80 දුන්නද ?
ලොකු කතා නම් තියෙනවා. ඒ වුණාට තේ ගොවියා බින්දුවට වැටුණු වෙලාවේදී පොරොන්දු වුණු කිලෝවට රුපියල් 80 දුන්නද? මේ හදන්නේ තේ වතු ටිකත් ඉවර කරලා ඉන්දියාවෙන් තේ ගෙන්නන්න. එතකොට මේ අයට එ්කෙනුත් කොමිස් ගහන්න පුළුවන්නේ.
1900 ගණන් වල තිබ්බ සන්නිවේදන, බෙදාහැරීම්, ක්‍රමයෙන් එහාට යන්න ලංකාවේ තේ කර්මාන්තය සමත් වෙලා නැහැ. ඩිල්මා සහ අක්බාර් වගේ සමාගම් සෑහෙන දුර ගිහින් තියෙනවා. ඒත් වැඩි තේ ප්‍රමාණයක් යන්නේ අවසන් ප්‍රඩක්ට් එක විදිහට නෙවෙයි. තේ බ්ලෙන්ඩ් කිරීමේ වෙන ඔරිජින් තේ රටට ගෙන්වීමේ අවධානමෙන් මිදෙන්න විදේශ බිමකදී හෝ ලංකා තේ වෙළඳ නාමය යොදාගෙන බ්ලෙන්ඩ් කිරීමට සහ අවසන් පාර්භෝගිකයාගේ මට්ටමින් ස්ථර 1,2 උඩටවත් යාමට වැවිලිකාර සමාගම් තල්ලු කලයුතුයි.
රාජපක්ෂලා, වෙල්ගමලා, අළුත්ගමගේලා, රත්තරන්ලා වගේ අයගේ ලෝකය සහ වෙලඳපොලවල් ක්‍රියාකිරීම ගැන ඇති දැනුමෙන් නම් මේ වගේ ක්ෂේත්‍ර වලට නායකත්වයන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක නම් සහතිකයි.
කතාව ඇත්ත. එක්කෝ ඔළුවෙන් හිටගෙන බලන්න වෙනවා. නැතිනම් තේ ගස් ටික ගලවල මුල් උඩට හිටින්න ඉඳන්න වෙනවා ලිච්ඡවි ක්‍රමයට. කයිවාරුව විතරයි. කරපු අටමඟලයක් තවම නම් නැහැ. අන්තිමට භාණ්ඩාගාරේ තිබුණු සල්ලි ටිකත් නැහැ. අනේ අම්මප දැන්වත් මේ ටයි කොට් කාරයින්ට තේරෙන්නේ නැතිද මේ ඉන්නේ දොරටුපාලයා කියලා. කොහේද? ඒ අයත් ඉංග්‍රීසියෙන් වචන දෙකක් කතාකළාම කැරකිලා වැටිලා වශීවෙලා ඉන්නේ? ඉන්දියන් කාරයෝ නම් වැඩේ තේරුම් අරන් අත්සන අරන් ලංකාව අයගේ බූදලේට ලියාගත්තා. රටට හුළං තමයි. අවුරුදු දෙක හමාරක් ගිහින් දැනුයි දැක්ම ගැන කතාකරන්නේ. ඒ කියන්නේ එද්දී කිසිම දැක්මක් නැතුව තමයි ඇවිත් තියෙන්නේ.
නව දැක්මක් අවශ්‍ය බව අපටත් පේනවා.ඒ නිසා මේ ටික කරන්න. 1) වහාම පිටරටින් තේ ආනයනය නතර කරන්න. 2) කසල තේ හදන අය අවු.20 කට හිරේ දමන්න. 3) ප්‍රමිතියෙන් යුත් පොහොර ලබා දෙන්න 4) විදේශීය වෙළඳපොළ ශක්තිමත් කරන්න. 5) කර්මාන්තකරුවන් විසින් තේ ගොවියා සූරා කෑමෙන් වලකන්න.
නව දැක්මක් අවශ්‍ය බව අපටත් පේනවා.ඒ නිසා මේ ටික කරන්න. 1) වහාම පිටරටින් තේ ආනයනය නතර කරන්න. 2) කසල තේ හදන අය අවු.20 කට හිරේ දමන්න. 3) ප්‍රමිතියෙන් යුත් පොහොර ලබා දෙන්න 4) විදේශීය වෙළඳපොළ ශක්තිමත් කරන්න. 5) කර්මාන්තකරුවන් විසින් තේ ගොවියා සූරා කෑමෙන් වලකන්න.(