IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමග ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. 

මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමුවෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද සුවිශේෂී හරිත ණය පහසුකම් හඳුන්වා දීම සිදු කෙරෙන අතර, දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත ශාඛා ජාලය හරහා සම්පත් බැංකුවේ මූල්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සහ ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් හි විශේෂඥතාව සංයෝජනයෙන් ගොඩනැගුණු මෙම සහයෝගිතාව හරහා මෙරට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවීම වේගවත් කරයි. 

ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි සහ සම්පත් බැංකුව අතර මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සම්පත් බැංකුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ශාඛා බැංකුකරණ) දීපාල් ද සිල්වා, ප්‍රධාන කළමනාකරු (ශාඛා බැංකුකරණ) කේෂාන් දාබරේ, කළමනාකරු (ණය) දිලු‍ම් ඉලේපෙරුම සහ සහකාර කළමනාකරු (ණය) සඳරුවන් කෝදාගොඩ යන මහත්වරු සහභාගී වූ අතර, ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජනය කරමින්, එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රත්නායක, විධායක අධ්‍යක්ෂ සමන්ත සිල්වා, සාමාන්‍යාධිකාරී (මූල්‍ය, උපායමාර්ග හා මෙහෙයුම්) ළහිරු විතාරණ, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ප්‍රසන්න දිසානායක සහ සහකාර කළමනාකරු (විදුලි ඉංජිනේරු) රිසිල් රාජසිංහ යන මහත්වරු සහභාගි වූහ.

සූර්ය බලශක්ති පද්ධති සියයට සියයක් පරිසර හිතකාමී වන අතර නිවාස සහ ව්‍යාපාරවල අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට නිකුත් කිරීම හරහා අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ද මෙමගින් හිමි වේ. එමෙන්ම නිවැරදි සූර්ය බල පද්ධතියක් සවි කර ගැනීමෙන් ගනුදෙනුකරුවන්ට ඕනෑම විදුලි උපාංගයක් භාවිත කළ හැකි අතර විශ්වසනීය අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ලැබීම විශේෂත්වයකි. ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ සම්පත් බැංකුව අතර ඇති කරගත් මෙම කාලෝචිත සහයෝගිතාව තිරසාර පුනර්ජනනීය බලශක්ති පද්ධතිවලට අනුවර්තනය වීමට හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන නිවාස හිමියන්, ව්‍යවසායකයන්, ආයතන, කර්මාන්ත ශාලා සහ සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු‍ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම ඵලදායී ප්‍රතිලාභයක් ලෙස හඳුන්වා දිය හැකිය.

අත්සන් තැබූ ගිවිසුම යටතේ සම්පත් බැංකුව ආකර්ෂණීය හරිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන අතර, එහිදී වසරකට සියයට 10.5 ක ස්ථාවර පොලී අනුපාතයකට රුපියල් මිලියන 5 ක් දක්වා ණය ලබාගත හැකිය. ඊට අමතරව රුපියල් මිලියන 5 ට වැඩි මුදල් වාර්ෂිකව සියයට 11 ක අනුපාතයකින් ලබාගත හැකි වන අතර, සූර්ය බල පද්ධතිය ද ඇතුළත්ව නිවාස ණය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට සියයට 0.25 ක අමතර පොලී අඩු කිරීමක් ලබා දීම විශේෂිතය. එමෙන්ම ප්‍රතිමූල්‍යකරණය සඳහා සුදුසුකම් ලබන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත වසරකට සියයට 6.5 ක සුවිශේෂී සහනදායී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10 ක් සහ ධාරිතාව කිලෝවොට් 50 දක්වා ව්‍යාපෘති සඳහා විශේෂ ණය ලබා දීමට ද සම්පත් බැංකුව කටයුතු කරයි. කිලෝවොට් 5 දක්වා සූර්ය පද්ධති ස්ථාපනය කරන අයට ඇපකරයක් නොමැතිව රුපියල් මිලියන 1.25 ක් දක්වා ණය ලබාගත හැකිවීම ද විශේෂිතය. 

පාරිභෝගික අත්දැකීම් සහ පද්ධතිවල ආයු කාලය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති අගය එකතු කළ සේවා ඇතුළත් පුළුල් පැකේජයක් සමග ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්, සම්පත් බැංකුව සමග එක්ව ලබා දෙන මෙම හරිත මූල්‍ය විකල්පවලට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි (පෞද්ගලික) සමාගම සමග සම්බන්ධීකරණ කටයුතු සහ සූර්ය බලශක්ති පද්ධතිය සඳහා පළමු වසරේ රක්ෂණය ද නොමිලේ ඩේවිඩ් පීරිස් සෝලා වෙතින් පාරිභෝගිකයාට පිරිනැමේ. 



අදහස් (0)

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 249 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site