ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිහිසි තෙල් සන්නාමයක් වන කැල්ටෙක්ස් (Caltex) නිෂ්පාදන අලෙවි කරන Chevron Lubricants Lanka PLC වෙත BAIC X55 SUV රථ 08ක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
ජාත්‍යන්තරව පිළිගත් SUV රථ සන්නාම දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, ශක්තිමත් අලෙවියෙන් පසු සේවයක් සහ ආයතනික පාරිභෝගිකයන්ට විශ්වාසනීය ප්‍රවාහන විසඳුම් ලබා දීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මේ ඔස්සේ කටයුතු කර ඇත.
මෙම SUV රථ භාරදීමේ අවස්ථාවට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් නිලධාරීන් මෙන්ම චීනයේ BAIC මව් සමාගමේ නියෝජිතයන්ද සහභාගී වූ අතර එය දේශීය බෙදාහරින්නා සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයා අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මැනවින් විදහා දැක්වීය. ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ විකාශනය වන අවශ්‍යතාවලට ගැලපෙන ලෝක මට්ටමේ ප්‍රවාහන විසඳුම් සැපයීම සඳහා වූ ඔවුන්ගේ පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු විය. නවීන සැලසුම්, උසස් තාක්ෂණය සහ විශ්වාසනීය කාර්යසාධනයක් සහිත ප්‍රීමියම් SUV රථයක් වන BAIC X55 කෙරෙහි මෙරට ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් සතු විශ්වාසය වර්ධනය වීම මෙහි ඇති සුවිශේෂී කරුණකි.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එම සමූහයේ රෝද හතරේ වාහන අලෙවිය සඳහාම වෙන් වූ අංශය වේ.
ගෝලීය වශයෙන් කීර්තිමත් වාහන සන්නාම මෙරටට හඳුන්වා දීමට කැපවී සිටින ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ විශිෂ්ට පාරිභෝගික සේවයෙන් ශ්‍රී ලාංකීය රථවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් කරා ගමන් කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd