ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
වසර පහක උපරිමයකට යටත්ව වසර දෙකේ සිට එම වීසා ලබා දෙන බව ද ඔහු කීවේය.
ඔහු මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශිකයෝ වුණාට කමක් නැහැ වැදගත් කට්ටිය විතරක් (නි)
අපේ මුදල් ඇමතිතුමාත් නාගෙන වගේ ඉන්නේ. කිසිම ආර්ථික සැළැස්මක් නැහැ. විදේශික ආයෝජකයෝ මෙහෙට ගෙනෙන්න පෙර ඔබගේ කැබිනෙට්ටුවේ ඉන්න විදෙස් මුදල් හොරකම් කරපු හොරුන්ට දඬුවම් දීලා, රටේ නීතිය හරියටම සාධාරනව ක්‍රියාත්මක කරන්න. එවිට විදේශ ආයෝජකයෝ ඕනෑතරම් රටට එයි. ඊළඟට ලංකාවේ ඉන්න කුඩුකාරයෝ ටික නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් දෙන්න. රට අැතුළ පිරිසිදු වුණොත් විදේශිකයෝ අපේ රටට ඕනෑතරම් එයි. රට ග්‍රාමීය මට්ටමින් දියුණු කරන්න සැළැස්මක් හදන්න (නි)
ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුත් ලංකාවේ අයහපත් ආර්ථිකය නිසා විදේශ රටවල් වලට යන්න වෙර දරනකොට ඇමෙරිකා ඩොලර් ලක්ෂ තුනකුත් අරන් විදේශිකයෝ ලංකාවට එන්නේ මොන එහෙකටද ? (බ)
ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුත් ලංකාවේ අයහපත් ආර්ථිකය නිසා විදේශ රටවල් වලට යන්න වෙර දරනකොට ඇමෙරිකා ඩොලර් ලක්ෂ තුනකුත් අරන් විදේශිකයෝ ලංකාවට එන්නේ මොන එහෙකටද? (නි)
සල්ලි ගැනම හිතලා බලලා විස දෙන්න එපා , පුද්ගලයාගේ කල් ක්‍රියාව, විශේෂ දක්ෂතා , ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මොහුගේ ව්‍යාපාරික අත්දැකීම් වැනි දේ ගැනත් සොයලා බලන්න. (ම)
බලාගෙන ඉන්න තියෙන්නේ වැල නොකැඩී එන ආයෝජකයෝ පිළිගන්න. (බ)
ලාල්, ඩොලර් ලක්ෂ 300 යක් ආයෝජනය කරන්න වෙන රටවල් නැතුවද අනේ. (බ)
මේ වීසානේ. පුරවැසිබාවය නොවෙයිනේ. ඔන්න ඔහේ දීලා දාන්න (නි)
අනේ මන්දා මේවට හොඳයි කියන්නද නරකයි කියන්නද කියලා (නි)
මේක නම් හොඳ අදහසක්. (නි)
ලංකාව මැද පෙරදිගට විකිනේවි මේ වැඩෙන්... (ම)
ඩොලර් තුන්ලක්ෂය කියන්නේ සොච්චම් මුදලක්. හිලවු වෙන්න අවුරුදු 5කට නේවාසික විසා. ඒ තරමටම අපේ රටේ ආර්ථිකය බාල්දු වෙලාද.. ? (බ)
ඩොලර් තුන්ලක්ෂය කියන්නේ සොච්චම් මුදලක්. හිලවු වෙන්න අවුරුදු 5කට නේවාසික විසා. ඒ තරමටම අපේ රටේ ආර්ථිකය බාල්දුවෙලාද.. ? (නි)
අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්.දූරදර්ශීව කටයුතු කරන්න නොදන්නකමක මහත.හරිනම් විය යුත්තේ ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් නොව ඩොලර් ලක්ෂ 300කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බවයි.(අ)
ඩොලර් ලක්ෂ තුනකින් කරන ආයෝජනය ගැන හිතාගන්න අමාරුයි. නමුත් ඉන්දියානු හා චීන සුලුපරිමාන වෙළෙන්දන්ට මෙය මහගු අවස්වථාවක් වනු ඇත. ගෙන්ගෙට ගොස් වෙළදාම් කිරීමට. (අ)
අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්. දූරදර්ශීව කටයුතු කරන්න නොදන්නාකමක මහත. හරි නම් වියයුත්තේ ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් නොව ඩොලර් ලක්ෂ 300කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබාදීමට කටයුතු කිරීමයි. (නි)
කුඩු, ආයුධ, බෙහෙත් යෝජනාත් ඔට්ටුද? මොකද වැඩිම සල්ලි තියෙන්නේ ඒ ආයෝජකයන්ට (නි)