IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඩෙන්ටල් වන් නවතම ශාඛාව ගල්කිස්සේ

ඩෙන්ටල් වන්, සිය සේවා ජාලය පුළුල් කරමින් අතිනවීන තාක්ෂණ පහසුකම්වලින් යුත් නවතම දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගල්කිස්සේ දී පසුගිය දා විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්‍රය තුළ අංක 106/01, ගාලුපාර, ගල්කිස්ස දරන ලිපිනයෙහි පිහිටා ඇති මෙම නව ඩෙන්ටල් වන් ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වජිර ජයසිංහ, ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ආසියා පැසිෆික් දන්ත වෛද්‍ය සම්මේලනයේ හිටපු සභාපති වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් සහ ඩෙන්ටල් වන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අශෝක අමුණුගම විසිනි.

නවීනතම පහසුකම් සහිත උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප්‍රතිකාර සේවා ලබාදෙන විශේෂිත දන්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඩෙන්ටල් වන් ආයතනය මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් පුළුල් මුඛ සෞඛ්‍ය සේවා ලබාගැනීමේ හැකියාව පවතී.

ඩෙන්ටල් වන් හි කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අශෝක අමුණුගම මෙසේ පැවසීය. “ප්‍රවාහන පහසුකම් තරමක් අසීරු මෙවන් අවධියක, මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟින් අපගේ සේවා දායකයන් වෙත තවත් ළං වීමට හැකිවීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අද සිට, ගල්කිස්ස සහ ඒ අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප්‍රතිකාර සේවා රැසක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව, මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්‍රය තුළ මෙම ඩෙන්ටල් වන් ශාඛාව පිහිටා ඇති බැවින්, අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ අවශ්‍යතා සඳහා රෝහලට පැමිණෙන රෝගීන්ටද දන්ත වෛද්‍ය සේවා සඳහා අප වෙත පැමිණීමට අවස්ථාව තිබෙනවා”.

ඩෙන්ටල් වන් සියලුම ශාඛා මඟින් රෝගීන්ට පුළුල් පරාසයක මුඛ සෞඛ්‍ය සේවා සපයන අතර සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා යටතේ රෝගීන්හට මුඛ පරීක්ෂණ, විදුරුමස් රැකවරණය, පිරවුම්, දන්ත මූල වැනි ප්‍රාථමික දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ තවත් බොහෝ ප්‍රතිකාර ලබා ගත හැක.

595



අදහස් (0)

ඩෙන්ටල් වන් නවතම ශාඛාව ගල්කිස්සේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site