ඇමරිකානු රජය මගින් රටවල් ගණනාවක් සඳහා පනවා තිබූ බදු ප්‍රතිශත වැඩිකිරීමක් පසුගියදා සිදුකළේය. ඒ අතරට ලංකාව ද අයත්ව තිබේ. ලංකාවේ අපනයන සැලකීමේ දී ප්‍රධාන අපනයන පාර්ශවකරුවකු වන්නේ ඇමරිකාවයි . 2024 වර්ෂයේ දී ඇ. ඩො. බිලියන 2.9 වටිනාකමකින් යුතු භාණ්ඩ අපනයනය කර තිබූ අතර එය ලංකාවේ මුළු අපනයන ආදායම සමග සසඳා බැලීමේ දී සියයට 23 ක ප්‍රතිශතයකි. මෙය තීරණාත්මක සහ විශාල අගයක් ලෙස පෙන්වා දිය යුතුය. මෙම අපනයන ආදායමෙන් ඇ. ඩො. බිලියන 1.7 ක් ප්‍රමාණයක් ඇඟලුම් අපනයනවලින් අත්පත් කරගෙන තිබේ. ආනයන සැලකීමේ දී ඇමරිකාවෙන් මෙරටට කෙරුණු සමස්ත ආනයන භාණ්ඩ වල වටිනාකම වන්නේ ඇ. ඩො. මිලියන 350 ක් පමණය.
ආනයන අපනයන බදු සැලකීමේදී ප්‍රධාන වශයෙන් ලංකාවේ අපනයන සඳහා ඇ. එ. ජනපදය එය සියයට 11-12.5 ක බදු ප්‍රතිශතයක් අයකර තිබේ. එහෙත් ලංකාව ඇමරිකානු භාණ්ඩ ආනයනයේදී සියයට 88 ක බදු ප්‍රතිශතයක් අයකර තිබීම කැපී පෙනේ. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ ලංකාව හා ඇමරිකාව අතර පවතින වෙළෙඳාම සැලකීමේ දී ඇමරිකාවට ඍණ ශේෂයක් පවතින බවයි. එහෙත් ලංකාව තුළ වෙළෙඳ ශේෂය සැලකීමේදී ඇ.ඩො. බිලියන 2.5 ක් වෙළෙඳ අතිරික්තයක් පවතින බව පෙනී යයි. ඒ අනුව ඇමරිකානු ආර්ථිකය දෙසින් බලන විට ඇමරිකාව හා ලංකාව අතර පවතින වෙළෙඳ ගනුදෙනුවේ දී ඇමරිකාව පාඩුවක් ලබන බව පෙන්වා දිය යුතුය. එසේනම් ඔවුන් එවැනි වෙළෙඳාමෙන් පාඩු ලබන රටවල් සලකා බලා නව බදු ප්‍රතිපත්තිය වෙනස් කර ඇති බව පෙනේ.
ඇඟලුම් කර්මාන්තයට වන බලපෑම
ඇමරිකාව සඳහා සිදුකරන අපනයන වෙළෙඳාමේ වැඩිම කොටස අයත් වන්නේ ඇඟලුම් අපනයනය සඳහාය. එය ඇ. ඩො. බිලියන 1.9 ක් තරම් වටිනාකමකි. ලංකාවේ මුළු ඇඟලුම් ආදායමත් සමඟ සැලකීමේ දී එය සියයට 38 ක විශාල ප්‍රතිශතයකි. එසේම මේ වනවිට ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව ලක්ෂ තුනහමාරකට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටිති. මෙම බදු ඉහළ යාමෙන් මෙම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මේ වනවිට ඇතිවී තිබේ. පෙර පැවති බදු ප්‍රතිශතයට වඩා සියයට 33 කින් බදු ප්‍රතිශතය ඉහළ යාමෙන් ඇඟලුම් කර්මාන්තයට ඇමරිකානු වෙළෙඳපොළේ තරඟකාරී ලෙස හැසිරීමට විශාල බාධාවක් වනු ඇත. ඉදිරියේදී ලංකාවට ලැබෙන ඇණවුම් අහිමිවීමේ අවදානමක් පවතී.
ඇඟලුම් කර්මාන්තය ලංකාවේ ආර්ථික ක්‍රියාදාමය තුළ විදේශ විනිමය උත්පාදන අංශයක් ලෙසද රැකියා උත්පාදන අංශයක් ලෙසද කැපී පෙනේ. කෙසේ නමුත් මෙම කර්මාන්තය පසුගිය වකවානුව තුළ දී කඩා වැටීමට ලක්වී තිබූ අතර බොහෝ මහා පරිමාණ කර්මාන්තකරුවන් බංගලාදේශය වැනි රටවල්වල තම කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීම සිදුවිය. වගකිවයුතු පාර්ශව මෙම කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණි. මෙම කර්මාන්තයෙන් වඩාත් ඵලදායී ලෙස විදේශ විනිමය උපයා ගැනීමත් එහි සේවක පාර්ශවයේ රැකියා ආරක්ෂා කිරීම සඳහාත් රජයේ මැදිහත් වීම මේ අවස්ථාවේ ඉතා වැදගත් වේ.
මෙම බදු සංශෝධන නිසා ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිය හැකිය. බොහෝ විට ලෝක වෙළෙඳාමේ වර්ධනය අඩාල විය හැකිය. බොහෝ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අඩුවීම හේතුවෙන් කර්මාන්ත අඩාල විය හැකිය. කෙසේ නමුත් ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවල වෙළෙදාමට බලපෑමක් නැති වුවත් කෙටි කාලීන බලපෑම අවම කර ගැනීම සඳහා ආර්ථික පසුබිමක් පවතින බැවින් ඍජූ බලපෑම අඩුවිය හැකිය. එහෙත් අඩු ආර්ථිකයක් පවතින ලංකාව වැනි රටවල් හා කඩාවැටී ඇති ආර්ථිකයක් පවතින රටවලට ආර්ථික මෙන්ම සාමාජීය බලපෑමක් ඇති විය හැකිය.
අර්බුදයට මුහුණදීම
ඇමරිකානු ආණ්ඩුවේ මෙම බදු සංශෝධන පිළිබඳව මෙයට පෙර විවිධ අවස්ථා වලදී දැනුම් දී තිබුණ ද කිසිදු වගකිවයුතු පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර තිබුණේ ද යන්න පිළිබඳ ගැටලුවකි. කෙසේ හෝ මෙම සංශෝධනය ලංකාවට බලපාන බව දැනුවත් වීමක් සිදුවී නම් මෙම සංශෝධනයට පෙර නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් තිබුණි. මේ සම්බන්ධයෙන් ලංකාවේ තානාපති අංශවල ක්‍රියාකාරීත්වය දුර්වල මට්ටමක පවතින බව කිව යුතුය.
රජය මේ අවස්ථාවේ දී කළ යුත්තේ අර්බුදයේ ස්වභාවය හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවීමයි. මේ සඳහා යෝජනා කළ හැකි විකල්ප කිහිපයක් පවතී. ලංකා රජය මගින් ලංකාවේ අර්බුදය පිළිබඳ සමාලෝචනයක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා IMFසංවිධානය සහ ලෝක බැංකුවේ උපකාරය ලබාගත යුතුය . මක්නිසාදයත් ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කරන්නේ IMF සංවිධානය බැවිනි. ඒ නිසා ඔවුන්ගේ පාර්ශවයෙන් සහනදායී තල්ලුවක් ලබාගත හැකිය. ඇමරිකානු ආනයන සඳහා ලංකාවට ආනයන පිරිවැය වන්නේ ඇ.ඩො. මිලියන 300ක් වැනි ගණනකි. එහෙත් අප ඇ.ඩො. බිලියන 2.9 ක ආදායමක් උපයනු ලබයි. ඒ අනුව ඇ.ඩො. බිලියන 2.6 ක් වාසියක් අත්පත් කරගෙන තිබේ. එමනිසා වෙළෙදාමේ වාසිය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු භාණ්ඩ සඳහා අයකරන බදු සියයට 88 සිට සියයට 40 දක්වා අඩු කළහොත් අපට අහිමි වන බදු ප්‍රමාණයට වඩා වෙළෙඳාමෙන් ලබාගත හැකි වාසිය වැඩිවිය හැකිය. ඒ අනුව ලංකා රජයට ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා අයකරන බදු ප්‍රතිශතය සියයට 40ක් නොව සියයට 10 ක ප්‍රතිශයක් ලෙස ඉල්ලා සිටිය හැකිය. ඒ සඳහා ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව/ අපනයන සංවර්ධන මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කළ යුතු වේ.
ඇමරිකාවේ ආර්ථික ක්‍රමෝපාය හඳුනාගැනීම
විශේෂයෙන් ට්‍රම්ප් පාලනය සම්බන්ධයෙන් මෙයට වඩා අධ්‍යනයක් කළ යුතුය. බොහෝ විට ට්‍රම්ප් පාලනයේ දැකිය හැකිවන්නේ ජාතිකවාදී පාලනයක් වන අතර ට්‍රම්ප් වඩාත් පෙළඹෙන්නේ ඇමරිකානු අර්ථිකය ශක්තිමත් කිරීම සඳහාය. ඔවුන් මෙම බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කරන්නේ ඇමරිකානු භාවය සඳහා දේශීය වෙළෙඳපොළ පුළුල් කිරීමයි. ඒ අනුව පෙනී යන්නේ ට්‍රම්ප් දේශීය ආර්ථික, වෙළෙඳපොළ කෙරෙහි වඩාත් අවධානය යොමු කරන බවයි. අනෙක් අතට ලෝක වෙළෙදාමට තරවටු කිරීමක්ද ඇමරිකාවේ ආර්ථික ක්‍රමෝපාය හඳුනා ගැනීම අපේක්ෂා කරයි. උඹලා අපිට වැඩි බදු අයකරයි නම් අපිත් උඹලට වැඩි බදු අයකරනවා යන්නයි. ඒ අනුව මෙම නව බදු ප්‍රතිපත්තිය නොහොත් Recirprotary Tax යටතේ සියලු රටවල් සඳහා යුනිවසල් Tax අපනයනය කර බදු සමතුලිත ප්‍රතිපත්තිය සියයට 10ක ප්‍රමාණයක් අයකරන අතර සමහර රටවල් සඳහා ඉහළ බදු අනුපාත හඳුන්වා දී තිබේ. වියට්නාමය සියයට 46ක්, චීනය සියයට 34ක්, යුරෝපා සංගමය සියයට 20ක්, ඉන්දියාව සියයට 26ක්, පිලිපීනය සියයට 17ක් සහ සිංගප්පූරුව සියයට 10ක් ලෙස බදු අයකිරීමට යෝජනා කර තිබේ.
ලංකාවේ බදු ක්‍රමය සමාලෝචනය කිරීම
ලංකාවේ බදු ප්‍රතිපත්තිවල විශාල දුර්වලකම් පවතින බව නිරීක්ෂණය වේ. එය ඉතා සංකීර්ණ ක්‍රමවේදයකි. ලංකාවේ සරල බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාව දිගින් දිගටම ආනය හා අපනයනකරුවන් විවිධ අවස්ථාවලදී රජයට පෙන්වා දී තිබේ. එහෙත් ඒ පිළිබඳ සැලකීමක් දක්වා නොමැත. බදු ප්‍රතිපත්තිය සංකීර්ණ වීම තුළ විවිධ පාර්ශ්ව එය අපයෝජනය කරන බවද පෙනී යයි. ලංකාව ඇමරිකානු භාණ්ඩ ආනයනයේ දී සියයට අසූ අටක බදු ප්‍රතිශතයක් අයකරන බව සඳහන් වූවත් එම ප්‍රතිශතයේ විවිධ භාණ්ඩ ආනයනයේ දී විවිධාකාරයෙන් වෙනස්වන බව විවිද පාර්ශ්ව පෙන්වා දෙයි. එහෙත්, ඇමරිකානු රජය ගණන් බලා ඇති ආකාරයෙන් මේ සියයට 88 ක ප්‍රතිශතයක් වීම තුළද පෙනී යන්නේ ලංකාවේ බදු ප්‍රතිපත්තිය සමතුලිත නොවන බවයි. එම නිසා ලංකාවට සරල බදු ප්‍රතිපත්තියක් හෝ පොදු බදු ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කළ යුතුය.
ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක්
මෙම බදු සංශෝධන නිසා ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවිය හැකිය. බොහෝ විට ලෝක වෙළෙඳාමේ වර්ධනය අඩාළ විය හැකිය. බොහෝ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අඩුවීම හේතුවෙන් කර්මාන්ත අඩාළ විය හැකිය. කෙසේ නමුත් ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවල වෙළෙදාමට බලපෑමක් නැති වුවත් කෙටි කාලීන බලපෑම අවම කර ගැනීම සඳහා ආර්ථික පසුබිමක් පවතින බැවින් ඍජූ බලපෑම අඩුවිය හැකිය. එහෙත් අඩු ආර්ථිකයක් පවතින ලංකාව වැනි රටවල් හා කඩාවැටී ඇති ආර්ථිකයක් පවතින රටවලට ආර්ථික මෙන්ම සාමාජීය බලපෑමක් ඇති විය හැකිය. ඒ සඳහා මුහුණ දීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ වගකීම වේ.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ට්‍රම්ප් බදු ප්‍රතිබත්තිය ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම