රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික අය කිරීමේ පදනම මත දඹදිව වන්දනාව සඳහා ගුවන් ටිකට් පත් ලබාදීමට මිහින් ලංකා ගුවන් සමාගම තීරණය කර ඇත.
එළැඹෙන අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා දඹදිව වන්දනා සමයේදී මිහින් ලංකා සමාගම රජයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අනුබද්ධිතව මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර දැන්වත් මෙම ගුවන්සේවා දෙක එකතුකර අවුරුදු පතා සිදුවෙන මහජන මුදල් නාස්තියෙන් කොටසක් හෝ අඩුකරගන්න බලන්න (නි)
අනේ අපිට ගෙවීමේ ක්‍රමයට දඹදිව යන්න ඕනේ නැහැ. අපේ වැටුප් විෂමතාවය නැති කරලා අද රටේ පවතින ආර්ථිකයට සරිලන ලෙස විශ්‍රාම වැටුප සකස් කර දෙන්න. ඒක යහපාලනයේ පොරොන්දුවක්. (ස)
අනේ අපිට ගෙවීමේ ක්‍රමයට දඹදිව යන්න තියා මාසෙට කන්නවත් සල්ලි මදීවයි ඉන්නේ. ඔය බොරු කතා පැත්තක තියලා පොරොන්දු වෙච්ච විදියට අපේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කරලා රටේ ආර්ථිකයට සරිලන ලෙස විශ්‍රාම වැටුප සකස් කර දෙන්න. එහෙම කරලා දුන්නොත් අපි ගෙවා ගෙවා ඉන්නේ නැහැ. කෙලින්ම මුදල් දීල දඹදිව යන්නම්. (ම)
දඹදිව යන්නෙ ඇයි? අපේ රටේ අටමස්ථානය වඳින්න පුලුවන්නේ! (නි)
අපේ රටේ අටමස්ථාන වඳින්න. (නදී)
මිහින් ලංකා එක හැදුවේ උතුම් අරමුණකට. ඒක ඉටුකරමුද වාණිජ පරමාර්ථ පැත්තකට දාලා? (නි)
මිහින් ලංකා එකට ජයවේවා! (නි)
මිහින් ලංකා නඩත්තු කරන එක ඵලක් නැති වැඩක් කියලයි මම නම් හිතන්නේ (නි)
මෙය සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක් (නි)
මිහින් ලංකා සැමදා දිනේවා! (නි)
කොච්චර හොඳ වැඩක්ද? (නි)
දුප්පතුන් වෙනුවෙන් මිහින් ලංකා නිර්මාණය කළ උතුමාට ජය වේවා! (නි)
මිහින් ලංකා එක දුප්පතුන් වෙනුවෙන් නිර්මාණය කලාලු. හැබෑව නේන්නම් ඒකනේ එදා ඉඳන් සිද්ධ වෙන පාඩු පියවන්න ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරය හරහා පුදන්නේ.(නදී)
සම්පත්,අරමුණ උතුම් වුණාට ගුවන් යානා කුලියට ගැනීමට, නඩත්තු කිරීමට, කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට, ඉන්ධන මිලදී ගැනීමට... මේ හැමදේම කරගන්න වෙලා තියෙන්නේ උතුම් අරමුණු ඉෂ්ට කරගන්න හදන අයට විතරක් නොවේ, රටේ සමස්ත ජනයාටමයි. (නි)
මේවා මාධ්‍ය සංදර්ශන විතිරයි රටට වැඩක් නැහැ (අ)