IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනවාරියේදී නිල සංචිත ඩො.මි. 57 කින් පහළට

  • සියයට 0.9 කින් පහළයාමක්
  • ජනවාරි සංචිතය ඩො.බි. 5.98

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

මෙරට නිල සංචිත දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර, මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත සියයට 1 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.04 සිට 5.98 දක්වා පහත වැටී තිබිණි. මෙරට නිල සංචිතවලට කොන්දේසි සැපිරීමෙන් පසුව භාවිතයට ගත හැකි විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීනය මෙරටට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙරට සංචිත අඛණ්ඩව පහළ ගිය තෙවැනි මාසය පසුගිය ජනවාරි මාසය වූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට නිල සංචිත සුළු වශයෙන් පහළ යමින් පවතී. 



අදහස් (0)

ජනවාරියේදී නිල සංචිත ඩො.මි. 57 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site