IMG-LOGO

ජූනි මාසයේදී උද්ධමනය ඉහළට

ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු කරගනිමින් ජූනි මාසයේදී උද්ධමනය 6.3%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මේ වසරේ මැයි මාසයේ පැවැති 5.2% සිට ජූනි මාසයේදී සියයට 6.3 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වසරේ මැයි මාසයේදී 11.1%ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදී 13.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදී 0.8%ක් නොවෙනස්ව පැවැතී ඇත.

ජූනි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස 1.4%ක් ලෙස වාර්තා වූ අතර ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම ඒ සඳහා බලපා ඇත.

ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, සීනි, මාළු, බිත්තර සහ සහල් ඇතුළත්ව ආහාර අයිතම හතක මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

තවද, ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය මැයි මාසයේදී පැවැති  3.7% සිට ජූනි මාසයේදී පැවැති 4.4% දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මැයි මාසයේදී පැවැති 4.8% සිට ජූනි මාසයේදී  4.6% දක්වා පහළ ගියේය.

 

055



අදහස් (0)

ජූනි මාසයේදී උද්ධමනය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site