IMG-LOGO

ජෝන් කීල්ස් සමූහයෙන් ‘සුව සැරියට’ රු. මිලියන 100 ක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. මූල්‍යමය ගැටලු‍ හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබූ අතර, මෙම කාලෝචිත පරිත්‍යාගය එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වනු ඇතැයි එම සමාගම සඳහන් කළේය.

2016 වර්ෂයේ දී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම දිවයිනේ දුෂ්කර පළාත්වල ජීවත් වන, සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමින් හිමිවන ජනතාවට හදිසි සෞඛ්‍ය සේවා සැපයීම මෙහි මූලික අරමුණ විය.

මෙම පරිත්‍යාගය නිසා සුව සැරිය සේවාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට සහ ගිලන් රථ නඩත්තුව නිසි පරිදි කිරීමට මෙන්ම කාර්ය මණ්ඩලය බඳවාගෙන ඔවුන්ට පුහුණුව ලබාදීමට ද හැකි වනු ඇති අතර, ඉදිරියේදී සුව සැරිය සේවා තව දුරටත් ව්‍යාප්ත කරමින් තවත් ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට ද හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවැසීය. ප්‍රජාවට අත්වැලක් වීම සහ ඔවුන් සවිබල ගැන්වීම තම යුතුකමක් හා වගකීමක් බව ජෝන් කීල්ස් සමූහය විශ්වාස කරනවා. “සෞඛ්‍යය යනු ජෝන් කීල්ස් පදනම යටතේ අපගේ ප්‍රජා සත්කාර මෙහෙවර තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන එක් අංශයක්. එම නිසා සුව සැරිය ගිලන් රථ සේවාවටත්, එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීමට කැප වන සුව සැරිය කාර්ය මණ්ඩලයටත් මෙලෙස අත්වැලක් වීමට හැකිවීම පිළිබඳව අප ආඩම්බර වනවා. එමෙන්ම මෙම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තම දායකත්වය ලබාදෙන මෙන්, දිවයිනේ සෙසු සමාගම් හා ආයතනවලින් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.”

අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහිත ගිලන් රථ 297 ක් සුව සැරිය සේවාව සතුව පවතින අතර, මනාව පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් එම ගිලන් රථවල සේවයෙහි යෙදී සිටිති. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කළ මෙම පරිත්‍යාගය මගින්, සුව සැරිය ගිලන් රථ සේවාවට මෙන්ම එහි සේවා ලබන සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ද සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමාන ය.

595



අදහස් (2)

ජෝන් කීල්ස් සමූහයෙන් ‘සුව සැරියට’ රු. මිලියන 100 ක්

රනේ Wednesday, 03 May 2023 06:43 AM

ස්තූතියි!

:       0       2

Namal Wednesday, 31 May 2023 09:15 AM

ඉන්දියන් මේ සේවාව හොදයි,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 518 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 945 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site