මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා
සංවර්ධනය වෙමින් පවතින රටවල පළාත් සභාවලට පත්වන සභිකයන්ට බොහෝ විට පරිපාලන පුහුණුවක් හෝ අත්දැකීම් නැත. එසේම මෙවන් පළාත් පාලන ආයතනවලට පත්වන සභිකයන්ගේ අධ්‍යාපන දැනුම ද සීමාසහිතය. මේ නිසා සාර්ථක පළාත් පාලන සේවාවක් ලබා ගැනීමට නම් පුහුණු සැසිමාලා පැවැත්විය යුතු වේ. අදාළ චක්‍ර ලේඛවලට අදාළව යම් යම් සේවා අනුමත කිරීම නොව සංයමයෙන් කටයුතු කිරීමට පළාත් පාලන සභිකයන් පමණක් නොව නිලධාරි පෙළැන්තිය ද බැඳී සිටී.
|
රටක ජාතික සංවර්ධනය උදෙසා ඒ රටේ රජය මඟින් විශාල කාර්යභාරයක් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී හෝ ඕනෑම රටක විශේෂයෙන් ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතා එනම් ආරක්ෂාව, ආර්ථිකය, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා මධ්‍යගත රජය ප්‍රමුඛව කටයුතු කළ යුතු වේ. එය රටවැසියන් වෙනුවෙන් වගකීමෙන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්තිමය සාධකයකි. මෙසේ රට මෙහෙයවන පාලක ප්‍රබුද්ධයන්ගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ එයයි.
කෙසේ වෙතත් සමස්ත රට වෙනුවෙන් මධ්‍යගත රජයට සියල්ල සාර්ථක කරගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත් මේ අභියෝගයට පූර්ණ සහයෝගය ලබාදීම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීම වේ. මැයි හයවැනි දින පළාත් පාලන ආයතනවලට අදාළ මන්ත්‍රීවරු තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වේ. මහ නගර සභාවලට, නගර සභාවලට, ප්‍රාදේශීය සභාවලට සහිකයන් තෝරා ගැනීම පිණිස පවත්වනු ලබන මේ ඡන්දයට විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන අපේක්ෂකයෝ ද කරග බිමේ සිටිති.
මෙසේ ඉහත සඳහන් පළාත් පාලන ආයතනවලට තෝරා පත් වූ මහජන නියෝජිතයන් තමන්ගේ පාලන ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කළ යුතු අතර තමුන් කරා එන ජනතාවට සේවයක් ඉටුකරදීමේදී නීති විරෝධී කටයුතුවල යෙදෙන්නේ නම් එය මධ්‍යම රජයට මෙන්ම ඔවුන් තෝරාපත් වූ නගර සභාවලට ද හානියකි. පසුගිය කාලවකවානුවල මහ නගර සහ අනෙකුත් නගර සභාවල තෝරාපත් වූ මහජන නියෝජිතයන් නොයෙකුත් අල්ලස් දූෂණ කටයුතුවලට සම්බන්ධ වී නීතියේ රැහැනට ද හසුවී තිබේ. අලුතින් පත්වන පළාත් පාලන සභිකයන් මේ සම්බන්ධයෙන් පාඩමකට ගෙන තම නාගරික බල ප්‍රදේශයේ ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලා අවංකව සිය වගකීම ඉටුකිරීම යුතුකමක් ද වේ.
පළාත් පාලන ආයතනවල බලධාරීන්ට තම පළාත්වල හෝ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදී තීන්දු තීරණ ගැනීමට නිදහස ඇතත් එය දඩමීමා කරගෙන අත්තනෝමතික ලෙස තම බලය උපයෝගී කරගැනීම නොකළ යුතුවේ. තමන්ට මධ්‍යගත රජයේ පළාත් පාලන අමාත්‍යංශයෙන් එවන චක්‍රලේඛ හෝ වෙනත් විධිවිධාන නොසලකා ක්‍රියාකිරීම නීතිවිරෝධී වේ. රජය ගෙන යන පොදු වැඩපිළිවෙළට උපරිම සහයෝගය ලබාදීම පළාත් පාලන නියෝජිතයන්ගේ යුතුකම වේ. යම් හෙයකින් විපක්ෂය ජය ලබා ඇති පළාත් පාලන ආයතනවල බලධාරීන් ද ක්‍රියා කළ යුත්තේ රටේ සාමාන්‍ය වැඩපිළිවෙළට අනුකූලවය. රජය පිරිහීමට ලක්කරන ආකාරයේ ක්‍රියාවක පළාත් පාලන ආයතනයක් කටයුතු කළහොත් එය අසාධාරණය. මෙහිදී මධ්‍යගත රජයේ පළාත් පාලන අමාත්‍යංශයට ද වගකීමක් ඇත. එනම් නිරතුරුවම මේ පළාත් පාලන ආයතන වැඩ කරන්නේ කෙසේද යන්න අධීක්ෂණය කිරීමයි. මධ්‍යගත රජයට මහජනතාවගේ සෑම අවශ්‍යතාවක් ගැන විසඳුම් සෙවීමට ඉඩකඩ නොමැත. එබැවින් පළාත් පාලන ආයතනවලට එන ජනතාව අතර ඇතැම් අයට නැතිකමේ ප්‍රශ්න, ඉඩම් බෙදීම සම්බන්ධ ගැටලු ඇතුළු වෙනත් විවිධාකාරයේ ප්‍රශ්න ඇත. ඒවාට විසඳුම් ලබාදීම සඳහා පළාත් පාලන ආයතන ඍජුව සිය රාජකාරි ඉටුකිරීම වැදගත් වේ. මෙහිදී මහජනතාවට හිරිහැර ඇතිවන අන්දමට තීන්දු තීරණ ගත යුතු නොවේ. මහජන ඡන්දයෙන් පත් වූ පළාත් පාලන සභිකයන් සිය ඡන්දදායකයන්ගේ ගැටලු විසඳීමේදී දුරදක්නා නුවණින් සේවය කළ යුතු වේ.
මධ්‍යගත රජය සහ පළාත් පාලන ආයතන අතර ඵලදායි සන්නිවේදන ක්‍රමයක් තිබිය යුතු වේ. මීට කලකට පෙර මේ සම්බන්ධතා අඩපණ වී තිබුණි. දුර පළාත්වල පිහිටි නාගරික සහ ප්‍රාදේශීය සභාවල ඇතැම් කටයුතු ඉටුකිරීමේදී මධ්‍යගත රජයේ පළාත් පාලන අමාත්‍යංශයේ ඇතැම් තීරණ හෝ මඟපෙන්වීම් එම ආයතනවලට සන්නිවේදනය වන්නේ ප්‍රමාද වීමෙනි. වාසනාවට අද එවන් තත්වයක් නැත. මාර්ගගත ක්‍රමයෙන් හෝ වට්ස් ඇප් මඟින් හෝ ඍජුව සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත.
වර්තමාන තත්වය අනුව ප්‍රධාන නගරයෙන් පරිබාහිරව ඇති පළාත් පාලන ආයතනවල උපදෙස් හෝ වෙනත් කටයුතු සඳහා ප්‍රධාන අමාත්‍යංශයට පැමිණීමට එතරම් අවශ්‍යතාවක් නොමැත. ප්‍රාදේශීය මට්ටමෙන් බොහෝ කාර්යයන් ඉටුකර ඇත. මෙම පහසුකම් අද ඇත. පළාත් පාලන සභිකයන් සඳහා වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වෙන අතර මීට කලකට පෙර ඒ සඳහා ප්‍රධාන අමාත්‍යංශයට ඒමට සිදුවූවත් දැන් ප්‍රාදේශීය වශයෙන් සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමට තාක්ෂණික පහසුකම් ඇත. එමඟින් මේ සඳහා වැය වන අනවශ්‍ය වියදම් සීමා කිරීමට හැකිවේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල පළාත් සභාවලට පත්වන සභිකයන්ට බොහෝ විට පරිපාලන පුහුණුවක් හෝ අත්දැකීම් නැත. එසේම මෙවන් පළාත් පාලන ආයතනවලට පත්වන සභිකයන්ගේ අධ්‍යාපන දැනුම ද සීමාසහිතය. මේ නිසා සාර්ථක පළාත් පාලන සේවාවක් ලබා ගැනීමට නම් පුහුණු සැසිමාලා පැවැත්විය යුතු වේ. අදාළ චක්‍ර ලේඛවලට අදාළව යම් යම් සේවා අනුමත කිරීම නොව සංයමයෙන් කටයුතු කිරීමට පළාත් පාලන සභිකයන් පමණක් නොව නිලධාරි පෙළැන්තිය ද බැඳී සිටී. ලබන ඡන්දයෙන් තෝරා පත්වන සභිකයන්ට පරිපාලන නීතිරීති, මූල්‍ය නීතිරීති පිළිබඳ අවබෝධයක් ලබාදීමට කටයුතු කළ යුතුවේ.
මහ නගර සභා, නගර සභාවලට තේරෙන්නේ එක පක්ෂයක සභිකයෝ නොවේ. එහෙත් මේ තේරී පත් වූ කවර පක්ෂයකට අයත් අය වුවද, තම නගර හෝ ගම් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් ලබාදිය යුතුවේ. සභාව තුළ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී සෑම අයකුගේ අදහස් සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීම වැදගත් වේ. ඕනෑම සංවේදී කරුණුවලදී පාලක පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ සහිකයන් අතර ආවේගාත්මක වාද විවාද ඇති වුවත් එය අවබෝධ කරගෙන සාමකාමී වාතාවරණයක් නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව තුළ ඇතිකරගත යුතු වේ.
ජනතාවට පීඩා නොවන පරිදි අදාළ බදු මුදල් ලබාගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් පළාත් පාලන බලධාරීන් දියත් කළ යුතු වේ. මධ්‍යගත රජයට බරක් නොවන පරිදි ආදායම් ලබාගත යුතුය. එහිදී වැදගත්ම දේ මූල්‍ය කළමනාකරණයයි. අයථා කටයුතු සඳහා මුදල් වැය කිරීමට ඇති ඉඩ කඩ නැති කිරීම ගත යුතුය. රජයේ පරිපාලන නීති හා මූල්‍ය නීතිරීති අකුරටම අනුගමනය කිරීම ද වැදගත්වේ. නගර සභාවලට අදාළ ව්‍යාපෘති දියත් කිරීමේදී විශේෂයෙන් මුදල් ගනුදෙනුවලදී විනිවිද බවක් තිබිය යුතුය. පසුගිය දශක කිහිපය තුළ පළාත් පාලන ආයතනවල බලධාරීන් සංවර්ධන ව්‍යාපෘති හරහා තම මඩිය තර කරගත් බව ප්‍රවෘත්ති පත්‍රවලින් දුටුවෙමු. රට මේ මොහොතේ ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන විටෙක පළාත් පාලන ආයතන රජයට හානියක් නොවන අන්දමින් කටයුතු කිරීමට වගබලා ගත යුතුය.
අප ජීවත් වන්නේ 21 වැනි සියවසේය. කර පින්නාගෙන ජීවත්වන බව පෙනේ. බ්‍රිතාන්‍යයන්ගේ පාලන ප්‍රතිපත්ති නිසා රට තුළ බහු සමාජයක ලක්ෂණ ගොඩනැගී තිබේ. බහු සමාජයක් යනු එකම භූගෝලීය ප්‍රදේශයක විවිධ ජාතීන් නියෝජනය කරන, නොයෙකුත් භාෂා කතා කරන, විවිධ ආගම් අදහන යටතේ වාසය කිරීමකි. ඒ අතර කුලභේද, පන්ති භේද, වාර්ගික භේද, ප්‍රාදේශීය භේදයන් ද නැත්තේ නොවේ. මෙම තත්වය පළාත් පාලන බලධාරීන්ට අභියෝගයකි. මෙම පටු ජාති භේද අමතක කොට තමන් සමීපයට එන ජනතාවට උපරිමයෙන් මෙහෙවරක් කිරීමට ළඟදී පත්වන පළාත් පාලන බලධාරීන්ට හැකි වේවා යනු අපගේ පැතුමයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික සංවර්ධනයට පළාත් පාලනය