ශ්රී ලාංකික කතක වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මුම්බායි නුවර අවහන්හලක් විවෘත කිරීමට සැරසෙතියි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අද (24) වාර්තා කළේය.
මීට වසර දෙකකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස සමඟ එක් වී ‘කෑම සූත්‍ර‘ නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කිරීමට ජැකලීන් පියවර ගත්තාය. ඉන්දියාවේ ඇරඹීමට යනුයේ මෙම අවන්හල් ජාලයේ ම ශාඛාවකි.
ජැකලීන් සිය රංගන වෘත්තිය සඳහා වැඩි කාලයක් මුම්බායි නුවර ගත කරන නිසා සිය අවහන්හල් ව්‍යාපාරය මුම්බායි දක්වා ව්‍යාප්ත කිරීමට ඇය විසින් කටයුතු කරනු ලබන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් දේකට හිත යොමු කළොත් නරකද?(හේ)
කෑම සුත්‍ර කඩයට හොඳ ඉල්ලුමක් ආදායමක් තියෙනවා (ම)
සුබ පැතුම්! (බ)
සුබ පැතුම්! ජැකී අක්කී (ම)
බෙනට්, එහෙම ඇලපිලි පාපිලි කපලාදාන කඩේට ඔයත් යනවද?
ලංකාවේ විවෘත කළ කෑම කඩය ගැන ඊට පස්සේ කතාවක් ඇත්තෙම නෑ.(හේ)
මුම්බායි වල කඩයක් දාපු එක හොදයි.(හේ)
තවත් ශාඛාවල් රැසක් හදන්න හැකියාව ලැබේවා.(හේ)
මොනවා වුනත් අපේ එක්කෙනෙක් නේ? ඔබට සුබ පැතුම්.(හේ)
ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්ඩ එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා. (ම)
ඔබගේ ව්‍යාපාර දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)
අපගේ සුබ පැතුම් ජැකලීන්.(හේ)
සල්ලි නැද්ද මෙයාට කෑම කඩ දාන්න.කෝටි ගණන් සල්ලි ලැබෙන්නේ.(හේ)
එංගලන්නේ, ඇමැරිකාවේ තවත් කෑම කඩයක් දාන්න වාසනාව ලැබේවා.(හේ)
ඒ කෑම කඩ වල කෑම ගිනි ගණන්නේ.(හේ)
ඇලපිලි පාපිලි කපන්න ඕන නෑ. ඔය නම ඉංග්‍රීසියෙන් ලිව්වහම නිකම්ම අර නමම එනවා (බ)
ඉස්පිලි ,පාපිලි වෙනස් කරලා තව කඩයක් දැම්මොත් නම් මමත් යනවා .(රේ)
අපිට ඉතින් මේවායින් කෑම කන්න තරම් කෝ වත්කමක්? (නි)
කෑම සූත්‍ර අවන්හලේ කෑම ඉතාම රසවත්. නමුත් එහි සේවකයන් එහි එන්නන්ට සලකන ආකාරය ලංකාවේ සාමාන්‍ය අවන්හලකට වඩා වැඩි වෙනසක් නෑ (ම)
කෑම සූත්‍ර අවන්හලේ කෑම ඉතාම රසවත්. නමුත් එහි සේවකයන් එහි එන්නන්ට සළකන ආකාරය ලංකාවේ සාමාන්‍ය අවන්හලකට වඩා වැඩි වෙනසක් නැහැ (නි)
ලංකාවේ කෑම රසයි, පිළිගැන්වීම මිත්‍රශීලීයි කිව්වේ අතීතයේ. නමුත් දැන් නීරස කෑම, කිසිම රසයක් ගුණයක් නැති වංචාවට මුදල් පමණක් ගන්න, ඉතාම අශීලාචාර විදිහට කෑම ලබාදෙන ලෝකේ එකම රට ලංකාව. මේ හෝටලේ වෙන රටක මිනිස්සු හිටියා නම් ජැකලින්ට තව හෝටලයක් ලංකාවේම දාන්න පුළුවන් (නි)
ඔබට තව තවත් ඉදිරියට යන්න හැකිවේවා! (නි)
නරකද ඔය ගමන්ම තව පොඩ්ඩක් ඇලපිලි කපල කොටලා වෙනස් කරලා තවත් කඩයක් දාගත්තොත් . එහෙම කළොත් ඔයිට වඩා ගොඩක් දනවත් වෙන්න පුළුවන් වෙයි (බ)
අයියෝ බෙනට්, ඔයා මට කලින් පැනලා (බ)
මම ළගදි ලංකාවට ආපු වෙලාවේ ජැකලින්ගෙ අවන්හලේ බිත්තර ආප්පයක මැස්සෙක් හිටියා කියල දැනගන්නට ලැබුණ නිසා කිරුලපන සාමාන්‍ය අවන්හලකට ගියා කෑම කන්න. පුදුමයි එක මැස්සෙක්වත් නැහැ. පිරිසිදුයි,ජපානෙ වගේ.යනවම් මෙන්න තැන කිරුල කැෆේ - කිරුලපන. (බ)
අනේ අපිට නම් ඉතින් තේ කඩයක්වත් ඇරගන්න හැකියාවක් නැහැනේ? (නි)
බොහොම හොඳයි (නි)
සම්පත්, ඔබගේ අදහසේ ඇත්තක් තියෙනවා. හෝටල් හා අවන්හල් වල සේවාවෙහි අගය දැන් ගොඩක් අඩුවෙලා. මොන අලුත් සංකල්ප වලට අනුව අලුත් හෝටල් අවන්හල් ඇරියත් වැඩක් නැහැ,සේවකයන්ට හොඳ පුහුණුවක්, ප්‍රායෝගික දැනුම ලබාදුන්නේ නැත්නම්. එ්කේ ප්‍රතිඵල විඳින්නේ මුදල් ගෙවන පාරිභෝගිකයා. මුදලාලිලට මේවා ගැන ඒතරම් දැනුමක් නැහැ (නි)
සුබ පැතුම් ජැකලීන් ඔබට (ම)
කොහොම වුණත් ශ්‍රී ලාංකික කතක් වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ "කෑම සූත්‍ර කඩය" ඉතාමත් ජනප්‍රිය වේවා කියා පතමු. (නි)
ඔය ප්‍රමුඛ පෙළේ සූපවේදියෝ කියන සමහර අය, සේවකයන්ට හරියට සළකන්න දන්නේ නැහැ. අපි ඔය ප්‍රමුඛ පෙළේ සූපවේදියෝ ළඟ වැඩකරපු අය. මීට ටික කලකට ඉහත ඔය අයට විරුද්ධව සේවකයෝ වැඩ වර්ජනය කළා. ඒ අය තමන්ගේ සේවකයන්ට හරියට සළකන්න දන්නේ නැති නිසයි එහෙම වුණේ (නි)
\"කෑම සූත්‍ර\" යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මෙනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දිවේ ජනප්‍රිය වනු ඇත.(ම)
කෑම සූත්‍ර යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මේනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දියාවේ ජනප්‍රිය වනු ඇත. (බ)
ජැකී ඔබට සුබ පැතුම්, පටු විදිහට සිතන , වචන ප්‍රකාශ කරන පුද්ගලයෝ ගැන එතරම් ගණන් ගන්න එපා.ඔබට ඉන්දියාවේ වගේම ලෝකයේත් හොඳ නමක් තියෙනවා. බොලිවූඩ් වල නො-01 රංගන ශිල්පිනිය වීමට ඔබට සියලු ශක්තිය ලැබේවා. සියලු ව්‍යාපාර කටුයුතු සාර්ථක වේවා. (බ)