යුරෝපා කොමිසමෙන් ජීඑස්පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මානව හිමිකම්, ජාතික ආරක්ෂාව හා ශ්‍රී ලංකාවට බලපාන තවත් කරුණු 58කට රජය එකඟ වූ බව දැක්වෙන ලියැවිලි සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලැබී ඇත.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය මෙම කොන්සේදි පිළිගෙන ඇතැයි දැනගන්නට තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් ඉවත් කිරීම, රැඳැවුම් බාරයේ සිටින්නන්ගේ නඩු කඩිනම් කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් අලුතින් හඳුන්වා දීම, පිටරට සිටින දෙමළ (ඩයස්පෝරා) සංවිධානවලට තිබෙන තත්ත්වය සමාලෝචනය කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය විමධ්‍යගත කිරීම, උතුරේ සියලු ඉඩම් අයිතිකරුවන්ට බාර දීම ජාතික සංහිඳියාව හා ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයකට අවතැන් වූවන් යළි පදිංචි කිරීම, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම, ඕනෑකමින් අතුරුදන් කළ අය සම්බන්ධ ප්‍රතිඥාවට අදාළ නීති පැනවීම හා අතුරුදන්වූවන් වෙනුවෙන් සහතික නිකුත් කිරීම එම කොන්දේසි 58ට අතරට ගැනෙයි.
ජීඑස්පී ප්ලස් බදු සහනය ඉල්ලුම් කිරීම සලකා බලන්නටත් පෙර මෙම කොන්දේසි ඉටු කළ යුතු බව යුරෝපා ආර්ථික කොමිසම කියයි.
යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩැලී ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ එම කොන්දේසි ක්‍රියාත්මක වන ආකාරයත්, එහි ප්‍රගතියත් නිරන්තරයෙන් සෝදිසියට ලක් කරන බවයි.
මානව හිමිකම් වෙළඳ ගනුදෙනුවලට සම්බන්ධ කර ගැනීම ගැන තදින්ම විරුද්ධ බව කියන වාණිජ අධ්‍යක්ෂිකා ජනරාල් සොනාලි විජේරත්න මහත්මිය මේ ගැන වැඩිදුර සාකච්ඡා සඳහා බෙල්ජියම් අගනුවරට ගොස් සිටී.
ලබන සතියේ එම සාකච්ඡා ඇරැඹීමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ද එම කණ්ඩායමට අයත්ය.
මේ අතර යුද්ධය අවසන් වී හත් වසරකට පසුව ද පොලිසිය සැකකරුවන් අපයෝජනයට ලක් කරන බවත්, වද හිංසා පමුණුවන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයකු වන ජුවාන් ඊ මෙන්ඩෙස් කොළඹ දී වාර්තාකරුවන් සමඟ පැවසීය.
අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට වදහිංසා පමුණුවන බවටත්, අතුරුදන් කරන බවටත් විශ්වාස කළ හැකි සාක්කි ඇතැයි ඔහු කියයි.
යුද සමයේ පුද්ගලයන් 16,000කටත් 20,000ටත් අතර පිරිසක් අමානුෂික වද හිංසාවලට ලක්වී ඇති බව ද ඔහු කියයි.
සැකකරුවන්ගේ යටිපතුල්වලට පොලුවලින් හා වයර්වලින් පහර දීම, මාංචු දමා පැය ගණන් දෙපයින් එල්ලා තැබීම, ලාම්පුතෙල් දැමූ සිලි සිලි බෑග් මුහුණට දමා හුස්ම හිර කිරීම, ඇතැම් අවස්ථාවල දී ඔවුන්ගේ ඇස්වලට හා මුහුණට මිරිස්කුඩු ගැසීම, ලිංගික අපහරණය සිදුවී ඇති බවත්, ජනනේද්‍රය ඡේදනය කිරීම හා ලූණු ඇතිල්ලීම ද සිදු කර ඇති බවත් මැන්ඩෙස් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොන්දේසි වලින් එකකවත් රට දෙකට කඩන්නවත්, ඊළම දෙන්න කියලාවත් නැහැ. අනික ජීඑස්පී ප්ලස් අහිමි කළේ කලින් රජය කාලේ සිදුවූ මානව අහිමිකිරීම් වැරදි නිසා කියලා නේද කිව්වේ? (නි)
එතකොට ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ සෙබළු ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ කරපු අපරාධ, මේවා කතාකරන්න කවුරුවත් නෑ, වතුර පහත් තැනින්ම තමා ගලන්නේ. (බ)
එතකොට ඇමෙරික එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ සෙබළු ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ කරපු අපරාධ? මේවා කතාකරන්න කවුරුවත් නැහැ. වතුර පහත් තැනින්ම තමා ගලන්නේ. (නි)
මේ කරන්න යන දේ ගොඩක් හොඳයි.(හේ)
අනාගත අපේ අයට දෙවියන්ගේම පිහිටයි.(හේ)
මේ කොන්දේසි වලට එකග වෙන්නේ නෑ අපි.(හේ)
මෙම කොන්දේසි 58ට එකඟ විය නොහැකියි.(හේ)
අපිට දෙයියන්ගේම පිහිටයි.(හේ)
මෙහෙම අපරාධ මේ ආණ්ඩුව යටතේ සිදුවෙන්න ඉඩක් නැහැ. මේ බටහිර සුද්දෝ ඉටුකරන්නේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන්. අපි හැමෝම ඒක හොදින් තෙරුම් ගන්න ඕනා. ජීඑස්පී සහනය සුනාමි ව්‍යසනයෙන් පස්සෙ ලංකාවට ලැබුනු සහනයක්. ඊට කලින් අපේ රටේ ඇගලුම් කර්මාණ්තය තිබුනෙ නැද්ද?. ඇයි අපිට බැරි මේ උගුල් වලින් බේරිල කලින් කළා වගේ ඇගලුම් කර්මාන්තය කරගෙන යන්න . ජාතික ආදායම ඉතා සුළු ප්‍රතිශතයකින් වැඩිකරගන්න රට පාවා දෙන්න එපා. (බ)
බලය සඳහා ඕනෑම පාවාදීමක් කරන්න සූදානම්ද? රටේ හා ජාතියේ ආරක්ෂාව අනතුරේ. (නි)
මේ කොන්දේසි කිසිවක් ලංකාවට අහිතකර නැහැ. මානව හිමිකම් රකින්න, මිනිසුන්ව බලෙන් රඳවාගෙන තිබීම වළක්වන්න, වදහිංසා වළක්වන්න එකඟවීම වරදක් විදිහට පෙනේද? (නි)
කොළපාට ලේ තියෙන සේරටම ප්‍රභාකරන් මරපු එක කොටි විනාශ කළ එක බරපතල වරදක්. සිංහල මුස්ලිම් දෙමළ අහිංසක මිනිසුන් මැරුණු එක සාමාන්‍යයක්. සතුටුයිද දැන් (බ)
අජිත් කරු නියම යු ඇන් පි කාරයෙක් හදවතින්ම පරම්පරාවෙන් ජාති භක්තිකත්වයෙන් යුතුව ඔහොම යමු ජයවේවා (බ)
ජීඑස්පී සහනේ ලංකාවට දැන් ඕනේ ලොකුම දේ.මේ ඔක්කොම ඉල්ලීම් ටිකට කැමති වෙලා ගමු.යුද්දයක් තිබ්බ රටකින් ඉල්ලන ඉල්ලීම් නම් නියමයි.මේ ඔක්කොම දෙමල ඩයස්පෝරා ඉල්ලීම්.මෙහෙම ගියොත් රටක් නම් ඉතුරු වෙන එකක් නෑ අපේ දරුවන්ට (බ)
හැබැයි ඒ වගේ අපරාද කරලා තියෙනවා නම් ඒවා අනුමත කරන්න අපිටත් බැහැයි ලු එතකොට අරන්තලා ඝාතනය, ශ්‍රීමහා බෝධිය ළඟ ඝතනය, දළදා මාලිගාවට බෝම්බ තැබීම ඇතුළු අනිකුත් ඝාතන කළ අය තුරුල් කර ගන්නද කියන්නේ. ඔබගේ අනුමතයෙන් අපට වැඩක් නැත සිංහල අපිට අපරාද කළ ත්‍රස්තවාදීන් පට්ට ගැසිය යුතුය (බ)
මුලින්ම කරපු ඉල්ලීම් බලන්න ඔන.(අ)
ෂා.. හරිම අපුරු කොන්දේසි ටිකක් නේ දාල තියෙන්නේ . මේවා දාල තියෙන්නේ යුරෝපා රටවල් වලින්ද නැත්නම් තමිල්නාඩු වලින්ද කියල හිතාගන්න බැහැ. හැබැයි ඒ වගේ අපරාද කරලා තියෙනවා නම් ඒවා අනුමත කරන්න අපිටත් බැහැ .නමුත් මේ වගේ වෙළඳ ගනුදෙනුවක් ක්‍රියාත්මක කරන්න රටක ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කියල බල කරනවා නම් ඒක කොහෙත්ම කළයුතු නැහැ .. සැකකරුවන්ට වධ හිංසා දෙන ඒක නවත්වන්න කියල බලපෑම් කරන එකට නම් මමත් විරුද්ධ වෙන්නේ නැහැ .(අ)
හරිම අපුරු කොන්දේසි ටිකක් නේ දාල තියෙන්නේ . මේ වගේ වෙළඳ ගනුදෙනුවක් ක්‍රියාත්මක කරන්න රටක ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කියල බල කරනවා නම් ඒක කොහෙත්ම කලයුතු නැහැ .. (ර)
දැන් මේ කලින් අදහස් දාල තියෙන කෙනෙකුට කියන්න පුළුවන්ද ඒ යෝජනා නරක, අසාධාරණ, වැරදි වෙන්නෙ කොහොමද කියල (අ)
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෑ කිව්වලු .අපි දැන් වසර කීපයක් ඕක නැතුව හිටියනේ .වත්මන් තත්වය උඩ ජි එස් ටි ප්ලස් දෙනවනම් දෙන්න කියන්න, *(බ)
මේ වැරදි සිද්ධ වෙලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ. (බ)
මිටවැඩිය හොඳයි සිංහලයාට මවුබිම යැයි කිවහැකි මේ එකම රට කොටි හිතවතුන්ගේ සහ එදා සිටම මේ රට තමන්ගේ බළල් වලිගයක් කරගන්න හැදූ විදේශිකයන්ගේ ප්‍රාන්තයක් බව ප්‍රකාශයට පත්කරන එක. (නි)
මට නම් තේරෙන්නේ නැහැ අනාගත ශ්‍රී ලංකාව මොන වගේ එකක් වෙයිද කියලා (නි)
මේවා කොහෙන් ආ යෝජනාද කියලා හිතාගන්න පුළුවන් නේද? අනේ අපි විහින් වැටුන වළක තරම. ජීඑස්පී ය ලැබුනේ සුනාමිය නිසා. ඊට කලින් ජීඑස්පී තිබුනේ නැහැ. එමනිසා දැනුත් ඒ වගේ වැඩ කරමු (නි)
ජීඑස්පී සහනයද ලංකාවට දැන් ඕනෑ ලොකුම දේ? මේ ඔක්කොම ඉල්ලීම් ටිකට කැමතිවෙලා ගමු එහෙනම්. යුද්ධයක් තිබුණ රටකින් ඉල්ලන ඉල්ලීම් නම් නියමයි. මෙහෙම ගියොත් රටක් නම් ඉතුරුවෙන එකක් නැහැ අපේ දරුවන්ට (නි)
මේකද දැන් ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)