
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café නවතම ශාඛාව යාපනයේදී විවෘත විය. ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට මීටර් 900ක දුරින් අංක 229, පේදුරු තුඩුව පාර, යාපනය ලිපිනයේ පිහිටි එය ආයතනයේ නව වැනි ශාඛාව වේ.
චීන ජාතික යුවළක් 1942දී ඇරැඹූ Chinese Dragon Café පසුගිය දශක කිහිපයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. ඔවුන් වර්තමානයේදී ගල්කිස්ස, රාජගිරිය, පැලවත්ත, බම්බලපිටිය, කඩුවෙල, වත්තල, කදාන හා නුගේගොඩ වැනි ප්‍රදේශ රැසක අවන්හල් විවෘත කර තිබේ. එම ආයතනය 2021දී සිය පළමු විදේශ ශාඛාව ඩුබායිහි විවෘත කළේය.
Chinese Dragon Café යාපනය ශාඛාව විවෘත කළේ බස්නාහිර පළාතෙන් පිටත ජීවත් වන පාරිභෝගිකයන්ටද සිය නිෂ්පාදන සඳහා ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණෙනි. ඔවුන්ගේ ජනප්‍රිය ආහාර අතරින් කිහිපයක් ලෙස හොට් බටර් කට්ල්ෆිෂ්, චිලී චිකන්, සී ෆුඩ් රයිස් වර්ග හැඳින්විය හැකිය. නොවෙනස් රසයක් සහ ඉහළ පාරිභෝගික සේවාවක් සපයන එම ආයතනය පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් නොමිලේ බෙදා හැරීමේ සේවා, කේටරින්, මාර්ගගත ක්‍රමයට ඇණවුම් භාර ගැනීම වැනි සේවා රැසක් හඳුන්වා දී තිබේ. “උතුරු පළාතේ ජනතාව අතරින් බොහෝ දෙනෙකු දීර්ඝ කාලයක් පුරා අපගේ පාරිභෝගිකයන් ලෙස අප සමඟ රැඳී සිටියා. යාපනයේ ශාඛාවක් විවෘත කිරීම අත්‍යවශ්‍යම පියවරක් ලෙස අප හඳුනා ගත්තා. එම ප්‍රදේශයේ ජනතාවට සේවා සැපයීමට ලැබීම අපට විශාල සතුටක්.” Chinese Dragon Café ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ප්‍රනාන්දු පැවසීය. Chinese Dragon Café තිරසාරත්වය සහ දේශීය කෘෂිකර්මාන්තය නගා සිටවීමේ ව්‍යාපෘති රැසක්ද දියත් කර තිබේ. ගොවි ජනතාව සමඟ එක් වෙමින් බාස්මතී වී වගා කිරීම සහ කෑගල්ල ප්‍රදේශයේ බිම්මල් වගාව නැවත නගා සිටුවීම ඒ අතරින් කිහිපයකි. එම ආයතනයේ තවත් ශාඛා කිහිපයක්ම දිවයින පුරා විවෘත වීමට නියමිත බව ගයාන් ප්‍රනාන්දු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චයිනීස් ඩ්‍රැගන් කැෆේ නවතම ශාඛාව යාපනයේ