
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අඛණ්ඩව වසර 50ක් සේවය සැපිරූ ලාල් පෙරේරාගේ චරිතාපදානය ”ඇසූ පිරූ තැන් පිරි ලාල්” එළිදැක්වීම ආදි පීතරයකු වන උපුල් දේවප්‍රියගේ සංස්කරණයෙන් විදුහල් ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. එහිදී ආරාධිතයකු ලෙස සහභාගිවූ චාන්ස් ස්පෝර්ට්ස් අධිපති ලසන්ත අමරසිංහ මහතා ලාල් පෙරේරා වෙත මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
මෙම උත්සවයට ඇන්ටන් රංජිත් හිමි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. විදුහලේ වත්මන් විදුහල්පති රෝහිත රොද්‍රිගෝ පියතුමා සහ දැනට ජීවත්ව සිටින හිටපු විදුහල්පති පියතුමන්ලා සියලුම දෙනා සහභාගි වීම විශේෂත්වයකි. අනෙකුත් ආරාධිත පියවරු, ආදි ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති රොෂාන් ප්‍රනාන්දු ඇතුළු ආදි ශිෂ්‍යයෝ, ගුරු මණ්ඩලය, ආදී ගුරු සංගමයේ නියෝජිතයෝ, ආරාධිතයෝ සහ සුබපතන්න්නෝද මෙම සුවිශේෂ අවස්ථාවට එක් වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd