මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා චීන තානාපති යි ෂියැන්ලියැන්ග් අතර හමුවක් පසුගියදා පැවැත්විණි.
චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන පසුගිය සමයේ මහත් ආන්දෝලනයන්ට තුඩුදුන් ව්‍යාපෘතීන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව දෙපළ මෙහිදී සාකච්ඡා කළහ.
ලැබී ඇති ටෙන්ඩර් වලට වඩා අඩුමුදලට ඇතැම් ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී චීන තානාපතිවරයාට පෙන්වා දුන්නේය. විශේෂයෙන් කඩවත - කෙරවළපිටිය සම්බන්ධ කෙරෙන වටරවුම් මාර්ගය ඉදිකිරීමේදී දැනට ඉදිරිපත්කර ඇති සැලසුම්වල සුළු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් පමණක් රුපියල් බිලියන 25 ක් ඉතිරි කරගත හැකි බව ඇමතිවරයා කීය.
මෙම වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ගැනද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය. එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය. නමුත් ඊට පෙර එසේ අධිවේගී මාර්ගයේ දිගුවක් ඉදිකිරීමේ ප‍්‍රයෝජනයක් ඇත්දැයි ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමෙන් සොයා බැලිය යුතුව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ශී‍්‍ර ලංකාව හා තව තවත් සබඳතා වර්ධනය කරගැනීම චීනයේ අපේක්ෂාව බව සාකච්ඡාවේදී චීන තානාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන ඉදිකිරීම් වල ප්‍රමිතිය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. අධික මිලගණන්සේම මෙම ව්‍යාපෘති වල සේවය සඳහා බඳවා ගන්නා තාක්ෂණික නිලධාරීන් ප්‍රමාණවත් වෘත්තිමය හැකියාවක් නොමැතිවීම විශාල ගැටළුවක් (බ)
2007 වසරේදී බලාත්මක කල ජාතික භෞව්තික සැලැස්මට අනුව උපායමාර්ගිකව රටේ ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා විභවයක් ඇති ස්ථාන හයක් හඳුනාගෙන ඇත. එම ස්ථාන සම්බන්ධ කරගැනීම අධිවේගී මහා මාර්ග සහ අධිවේගී දුම්රිය මාර්ග ඉදි කිරීම අනිවාර්යයෙන්ම කල යුතුයි. මීට අමතරව 1959 UNESCAP ආයතනය විසින් යෝජනා කෙරුණු යුරෝපා -අසියා මහා මාර්ග සහ දුම්රිය මාර්ග ජාලය සමග සම්බන්ධවීමට ඒ සඳහා අත්සන් කල ගිවිසුමට ශ්‍රී ලංකාවද අත්සන් කල නමුත් ශ්‍රී ලංකාව හැරුණු විට අනෙකුත් සියලුම රටවල් තමරටවල දුම්රිය සහ මහා මාර්ග පද්ධතීන් ඉදි කොට අවසන්. ඉන්දියාව සහ ලංකාව අතර පාලම ඉදිකිරීමද ඊට ඇතුලත්. පසුගිය අප්‍රේල් මාසයේදී කසාක්ස්තන්හිදී පවතී ආසියා සංවර්ධන බැංකුවේ වාර්ෂික සැසිවාරයේදී පාලම ඉදිකිරීමට මුල්‍යාධාර සැපයීමට එම බැංකුව කැමැත්ත ප්‍රකාශ කර තිබුනා. එය ඉදි කාල්හොත් දෙරටටම වාසි අත්වුවත් වැඩි වාසි තිබෙන්නේ ඉන්දියාවට. ඒ ඉන්දියානු නැගනහිර ප්‍රදේශයේ නිෂ්පාදන දුම්රියෙන් ත්‍රිකුණාමල වරායට ඉක්මනින් ගෙන ආහැකි නිසා. 2002 වසරේදී මෙම පාලම ඉදි කිරීම සම්බන්ධයෙන් BMICH හිදී පැවති ඉන්දියා-ශ්‍රී ලංකා ඉංජිනේරු සම්මන්ත්‍රණයකදී එහි වාසිය ගැන ඉන්දියානු නාවික ව්‍යාපාරිකයින් අදහස් දැක්වුව. මේ දේ ගැන එලෙස සිතන්නට නම් අපි දුපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි. (කේ)
මහ ලොකුවට පංපෝරි ගහලා චීනය එළවලා දාන්න ගිය උදවිය දැන් ආයෙත් චීනය පිටිපස්සෙන්ම යනවා. (නි)
චිනේ එපා කිව්වා නේද . දැන් හොඳද? බොරුව තමා. (බ)
මගේ හැඟීම නම් අධි වේගී මාර්ගය මත්තල දක්වා දීර්ඝ කර ශ්‍රී ලංකාව ගුවන් හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් තළ යුතුයි. දෙවන කරුණ නම් බෞද්ධ රටක් වන චීනයට බැන බැන සිටිනවාට වඩා රට වටකර නැඟී එන අන්තවාදය විනාශ කර දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. (නදී)
චීනය තමයි අපගේ ළගම මිතුරා.(හේ)
මේක හදන්න තිබුනේ මන්තීරු හයකට. පාලම්,බෝක්කු ඔක්කොම හයකට හදනවා .ඒ අනාගත අවශ්‍යතාවන්ට සරිලන විදියට. මන්තීරු හතරක් වැඩ කරන්නේ. නමුත් , අලුතෙන් හදන්නේ මංතීරු හතරකට. මුදල් අඩුවෙන් ගියා කියල පෙන්වන්න. නමුත් අනාගතේදී මෙය පළල කරන්න සිදු වුවහොත් විශාල වියදමක් වැඩිපුර යනවා. ඒ වගේම වැඩත් අමාරුයි. එකවර හදන තරම් ප්‍රමිතියක් ගන්න බෑ. කවුරු පාලනය කළත් කමක් නෑ රටේ වැදගත් තීරණ ගන්නකොට රටගැන හිතල ගන්න ඕන. මිනිස්සු රවටන්න, චන්ද ගන්න මේ වගේ දේවල් කරන හොද නැහැ. කවුරු හරි මේ ගැන වැඩිපුර දැනගන්න ඕන නම් විස්තර කරන්නම්. (බ)
බොරුවට ලේන් හය හතක් හැදුවට වැඩක් නැහැ. අනාගතයට ඵලදායී ලෙස සිදු වෙයි (නදී)
චින මත තමා දුවන්නේ. ඉතින් යහපාලනයක තරම තමා. දැන් රට එක තැන පල් වෙනවා. සංවර්ධන අඩාලයි. (ස)
චින මත තමා දුවන්නේ ඉතින් යහපාලනයක තරම තමා දැන් රටක එක තැන පල් වෙනවා සංවර්ධන අඩාලයි (ම)
චින මත තමා දුවන්නේ ඉතින් යහපාලනයක තරම තමා දැන් රටක එක තැන පල් වෙනවා සංවර්ධන අඩාලයි (කේ)
සමහර මෝඩයෝ හිතන්නේ අධිවේගයකින් රටකට කිසිම වැඩක් නැහැ කියලා (නි)
පසුගිය රජය බහුතර ව්‍යාපෘති කළේ වාසි බලාගෙන මිසක් අවශ්‍යතාවයකට නොවේ. (නි)
චීන ඉදිකිරීම් වල ප්‍රමිතිය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. අධික මිල ගණන් සේම මෙම ව්‍යාපෘතිවල සේවය සදහා බදවා ගන්නා තාක්ෂණික නිලධාරීන් ප්‍රමාණවත් වෘත්තිමය හැකියාවක් නොමැතිවීම විශාල ගැටළුවක් (ම)
චින මත අපේ ආර්ථිකය දුවනවා සංවර්ධන වැඩ වලදි අපි චිනෙට ණය අපේ මහජන බදු මුදල් වලින් පොලිත් එකක ඔවුනට ගෙවනවා (ම)
කඩවත - කෙරවළපිටිය අධිවේගී මාර්ගය අවලංගු කළයුතුයි! (නි)
අපි අදිවේග මාවත් වලට ගෙවනවා. චුට්ටක් හිතන්න. අපි සත පහක් වත් ගෙවන්නේ නැතිව අලුතින් හැදුව පාරවල් වල යනවා. අපි ණය වුනත් ප්‍රතිපලයක් තියෙනවා. මොකද ඒ පාරවල් වලින් අදායමක් රටට නෑ, වියදමක් පමණි. ඔය පාරවල් හදන නිලදාරී සහ කොන්ත්‍රාත් කරුවන් සදකලයේම හොඳට ගසා කනවා. රටේ දියුණුව ගැන හිතන්න. සිංගප්පූරුව සහ මලයාසියාව දියුණු උනේ මිට වැඩ දරුණු සහ මිනිසුන් මරා දමමින් නේද? හිතන්න...(හේ)
අපි අධිවේග මාවත් වලට ගෙවනවා. චුට්ටක් හිතන්න. අපි සත පහක් වත් ගෙවන්නේ නැතිව අලුතින් හැදුව පාරවල් වල යනවා. අපි නය උනත් ප්‍රතිපලයක් තියෙනවා. මොකද ඒ පාරවල් වලින් අදායමක් රටට නෑ, වියදමක් පමණි. ඔය පාරවල් හදන නිලධාරී සහ කොන්ත්‍රාත්කරුවන් සදාකාලයේම හොඳට ගසා කනවා. රටේ දියුණුව ගැන හිතන්න. සිංගප්පූරුව සහ මලයාසියාව දියුණු වුනේ මිට වඩා දරුණු සහ මිනිසුන් මරා දමමින් නේද? හිතන්න.... (බ)
මහා මාර්ග මුලින් සෑදිය යුතුයි.එතකොට තමයි ආර්ථිකමය අති්න් ජයග්‍රහණ කරා යෑමට හැකියාව තිබෙන්නේ.(හේ)
අපි අදිවේග මාවත් වලට ගෙවනවා. (හේ)
සමහර මිනිස්සු ළිං වල ඉන්න ගෙම්බෝ වගේ. එංගලන්තයට , ඇමරිකාවට චීනයෙන් ණය අරගෙන එයාලගේ රටවල් දියුණු කරන්න පුලුවන් නම් ලංකාව වගේ රටකට මොකද බැරි? මෙතන සමහර අය හිතන්නේ ලංකාවේ තාම යන්න ඕනෑ පරණ බොරළු පාරේ කියලා (නි)
සමහර මිනිස්සු ළිං වල ඉන්න ගෙම්බෝ වගේ . එංගලන්තයට , ඇමරිකාවට චීනයෙන් ණය අරගන එයාලගේ රටවල් දියුණු කරන්න පුලුවන්නම් ලංකාව වගේ රටකට මොකද බැරි . මෙතන සමහර අය හිතන්නේ ලංකාවේ තාම යන්න ඕන පරණ බොරළු පාරේ කියල (බ)
කොහොමහරි කමක්නැහැ, දකුණේ අධිවේගය සාදා නිමකරන්න (නි)
මේ රජයත් චීනය සමග එකතු වුනොත් ඇමරිකන් හා ඉන්දියන් ඔත්තුසේවා තවත් මෛත්‍රී කෙනෙක් සොයාවි. ඊට උඩගෙඩි දෙන්න මේ අය අතරින්ම (ඩොලර් ලැබෙනවනම් තම බිරිඳ සහ දූදරුවන් පවා දීමට තරම් නිවට)ජුදාස්ලා පහල වේවි. සමහර විට එදාට ඇගේ වෛරය වෙනුවට උගේ වෛරයත් පෙන්වන්න බැරිකමක් නෑ. සිංහලයාගේ විදිය ඒකයි. (බ)
අපි නය ගෙවනවා පොලිත් එක්ක (නදී)
මොන දේ වුනත් කමක් කොහොම හරි සංවර්ධන කටයුතු සිදු වෙනවා නම් හොදයි.(හේ)
චීනේ උදව් නැත්තම් අපේ ව්‍යාපෘති සියල්ල අතර මඟ නතර වෙනවා.(හේ)
දකුණු අධිවේගය මාතරින් එහාට වියදම් කිරීමට ප්‍රථම යාපනය දක්වා මාර්ගය සැදීම වැදගත් ජීවත් වන පිරිස දිහා බලන විට. (හේ)
ආරක්ෂාව ගැන හිතුවොත් උතුරු අධිවේගයට මුල් තැන දිය යුතුවෙනවා සියලුම මාර්ග අවශ්‍ය වෙනවා පසුගිය කාලයේ ඔබතුමන්ලා නවත්වපු කටුනායක අධිවේගය නැවත පටන්ගන්න මිලියන විශාල ප්‍රමාණයක් වැඩිපුර ගියා එය නැවත් වූවේ කොන්ත්‍රාත්කරු බේරගන්න කොහොම වුනත් ඔබලාගේ වැඩ ගැන පැහැදීමක් නැහැ මීළඟ සැරේ පත් කරගන්න අදහසක් ඇත්තෙම නැහැ නිකම් කුරුවල් වෙච්ච විදිහක් අපිට හැඟෙනවා. තව 5000 හිරේ දැම්මත් ආයේ නම් එපා (බ)
ඉදිකිරීමේ සංස්කෘතිය ලාංකික උරුමය වේ (බ)
චීනය, චීනය වූ පමණින් ප්‍රතික්ෂේප නොකර ඔවුන්ගේ උපරිමය රටට අවංකව ලබා ගැනීමට පාලකයින්ට නැණ පහල වේවා.. (කේ)
අපේ රටට අවශ්‍ය දේ දුන්නේ ලෝකයේ සමාජවාදී රටවල් විතරයි.අනිකුත් බටහිර සහ අමෙරිජ්කව අපිට නය දීලා නිකන්ම කන්න උගන්නලා අපේ දේවල් පොලියත් සමග හුරාකෑවා.චීනය නයටදුන්නේ කන්න නෙවෙයි,රටේ පැවැත්මට,රට සන්වර්දනයකරන්න.එකයි වෙනස.(කේ)
මහා වැව දාගැබ තනු ලංකික ඉදිකිරීම් සංස්කෘතියේ හෙට දවස (කේ)
අපේ රටට අවශ්‍ය දේ දුන්නේ ලෝකයේ සමාජවාදී රටවල් විතරයි.අනිකුත් බටහිර සහ අමෙරිකාව අපිට ණය දීලා නිකන්ම කන්න උගන්නලා අපේ දේවල් පොලියත් සමග හුරාකෑවා.ජේ ආර් ආවට පස්සේ ඒ දේශීය කර්මාන්තශාලා කුනුකොල්ලෙට විකුනලා විනාසකරලා ඒවායින් නිෂ්පාදනකරපුවා නැවත පිරටවල්වලින් ගෙනාවා.චීනය නයටදුන්නේ කන්න නෙවෙයි,රටේ පැවැත්මට,රට සංවර්ධනය කරන්න. එ්කයි වෙනස.(බ)
චීනය ගැන දන්නේ මොනවද අපි කොයි කවුරුත් මියක් කඩන්නේ නැහැ අත ලෙව කන්න. එ්ක මතක තියාගෙන මේ සංවර්දනයට නැතිනම් අපේ රට බිලීබාගන්නද කියල හිතුවොත් හොඳයි (නදී)
සමාජවාදී දනවාදී කියල වෙනසක් නැහැ. දෙවර්ගයම බලන්නේ ඇමක් දාගන්න. ඇම ගිල්ලොත් අමාරුවේ., මේ ඇම ගිලලා තව පොලිත් ගෙවන්න ඕනේ (නදී)
චීනයට අප ණය ගැතියි.(හේ)
මේ යහපාලන ආණ්ඩුවට පාරක්වත් හදාගන්න බෑ.සියලුම සංවර්ධන වැඩ නතර වෙලා.අපේ රට එක තැන පල් වෙනවා.(බ)
දැන් පාරක් වත් හදාගන්න බහැ සියලුම සංවර්දන වැඩ නතර වෙලා රට එක තැන පල්වෙනවා. (නදී)
මේ යහපාලන ආණ්ඩුවට පාරක්වත් හදාගන්න බෑ. සියලුම සංවර්දන වැඩ නතර වෙලා. (ර)
ලංකාවේ අධිවේගී මාර්ග වලට ඇතුල් වීමේ ගාස්තුව වැඩියි.(හේ)
චීනේ පිහිටෙන් අපි ගොඩ.(හේ)
දැන් අධිවේග මාර්ග හදන එක නතර වෙලා තියෙන්නේ.(හේ)
කවුරුත් නිකන් උදව් කරයි. බලාගෙන ඉන්න.(හේ)
කවුරුත් නිකන් උදව් කරයි. බලාගෙන ඉන්න.අනික පොලිය විතරක් නෙවෙයි ගෙවන්න වෙන්නේ.(අ)
උදව් වුනා වගේම ඒ ව්‍යාපෘතියෙන් 2/3 එහෙට දෙන්න වෙයි.(හේ)
අධි වේගී මාර්ග හදනවට වඩා දුම්රිය මාර්ග අලුත්වැඩියා කර ද්විත්ව දුම්රිය මාර්ගය යාපනය දක්වාම ඉදි කල නම් දුප්පත් මනුස්සයටත් සහනයක් සෙලසේවි.(කේ)