ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ගුවනින් දැකීමට කැමතිම නගරය එස්.එම්.එස් කර දිවයින වටා සිරි නරඹමින් ගුවන් සවාරියක් යාමට වාසනාවන්තයින් 20 දෙනෙකුට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන් ඇනවුම් කර ඇති ඒ 330-300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු ගුවන් යානාව පිළිගැනීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන ලබන 31 වෙනි දින මෙම ගුවන් ගමන සැලසුම් කොට ඇත.
අදාල වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රචාරය වන බවත් එය සවන් දීමෙන් පසු යවනු ලබන එස්.එම්.එස් වලින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.
මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් මේ වන විට ප්‍රචාරය වීම ආරම්භ කර ඇති අතර එයට සවන් දී එස්.එම්.එස් යොමු කිරීම සඳහා මේ මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇත.
මෙම එස්.එම්.එස් අතුරින් ජයග්‍රහණය හිමි කර ගන්නා වාසනාවන්තයින්ගේ නම් මේ මස 27 වෙනි දින නිවේදනය කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමත් හරි, අපේ ගුවන් සේවිකාවන් ලංකාවේ අයට සළකන්නේ හරියට අපි එයාලගේ සල්ලි වලින් යනවා වගේ. කිසිම ගරුකිරීමක් නැහැ. සුද්දෙක් ආවා නම් බලන්න ඕනෑ දත් 32ම එළියට අරගෙන හිනාවෙන හැටි . අපේ ගුවන් සේවය පාඩු ලබන්න එක හේතුවක් තමා ගුවන් සේවිකාවන්ගේ හැසිරීම (නි)
අනේද හා, ඉස්සරනං ගුවන් සේවිකා තනතුරට ගත්තේ පංච කල්‍යනියෝ. දැන් ඉන්න අයව නං දැක්කම සසර එපා වෙනවා. අඩි 33,000 අරන් ගිහින් ප්ලේන් එකේ දොර ඇරලා එලියට විසි කරන්න හිතෙනවා. (බ)
මම නම් නිකන් දුන්නත් යන්නේ නැහැ (නදී)
බොහොම සතුටු වෙන්න පුලුවන් පුවතක්. අනේ ඒත් අලුත් ගුවන් යානා සීයක් ගෙනාවත් වැඩක් නැහැ. ගුවන් සේවයේ ඉන්න වයසක ගුවන් සේවිකාවන් ටිකයි ආච්චිල ටිකයි විශ්‍රාම යවන්නේ නැතුව. සමහර ගුවන් සේවිකාවන් මගීන්ට සලකන්නෙ හරියට අපි සල්ලි නොදී නිකං යනව වගේ. (නදී)
ගුවන් සේවිකාවන් මඟීන්ට හරි ආකාරයෙන් සළකනවා නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හොඳයි. මම ජීවිතේ දැකලා තියෙන කැතම ගුවන් සේවිකාවන් ඉන්නේ මේ ගුවන් සේවයේ. කැත වුණාට උඩඟුකම නම් ඉහටත් උඩින්. (නි)
ගුවන් සේවිකාවන් මගීන්ට හරි ආකාරයෙන් සලකනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය හොඳයි. (නදී)
චිත්‍රෙග් කථාව සම්පූර්ණ ඇත්ත (බ)