ගාල්ලේ තරු පහේ හෝටල 4 ක හිමිකාරීත්වය දරන ඕස්ට්‍රේලියා ජාතිකයකු වන ජෙෆ්රි ඩොබ්ස් ජාතික කොඩියට නිගරු කළැයි දිවයිනට ඇතුළු වීමට ඉඩ නොදී හරවා යැවීමට තීරණය කිරීමෙන් අනතුරුව මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් මත ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් තීරණය කළ බව ඒ එෆ් පී ප්‍රශ් පුවත් සේවය කියයි.
පසුගිය සිකුරාදා ඔහු මෙලෙස දිවයිනට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදීත් ඔහු හරවා යැවීමට මුලින් තීරණය කළත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි හෙතෙම යළිත් තායිලන්තය බලාම හරවා යැවීමට ආගමන විගමන නිළධරයෝ මුලින් තීරණය කළහ.
මෙවරත් ඔහු පැමිණ ඇත්තේ බැංකොක් නුවර සිටය.
ඔහුට එරෙහිව ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති පුද්ගලයින්ගේ ලැයිස්තුවට හෙවත් අසාදු ලැයිස්තුවට ඔහුගේ නමද ඇතුළත්ව තිබීමයි.
මීට හේතුවී ඇත්තේ ශී්‍රලංකාවේ ජාතික කොඩියට අගෞරව වනසේ ඔහු හැසිරී තිබීමයි.පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය පවසන ආකාරයට ඔහු විකාරරූපී ලෙස ඇදි සිංහයෙකු සටහන් වූ ධජ 4 ක් උඩුයටිකුරු කර ඇයගේ නිවස ඉදිරිපස එල්ලා දමා ගොස් තිබේ.මෙම ධජ එල්ලා ගොස් තිබී ඇත්තේද අඩකුඹු කිරීමෙනි.
ඔහුගේ මෙම හැසිරීම ගාල්ලේ සියලූදෙනා දැඩි කෝපයකට පත්කිිරීමට සමත්වූ බව ඇය කියයි.
ජෙෆ්රි මෙසේ හැසිරීමට හේතුව පසුගිය මස පැවැත්වුනු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව නිමිත්තෙන් ගාල්ල නගරය සැරසීමේ කටයුතු වලදී සේවකයෙකු අතින් වැරදීමකින් ඕස්ටේ්‍රලියානු ධජය උඩුයටිකුරු කර එල්ලා ඇතැයි පැවසේ.
බි්‍රතාන්‍යයේ උපත ලබා ඇති ඩොබ්ස් පොත් ප්‍රකාශකයෙකු ලෙස කලක් කටයුතු කර ඇත්තෙකි.ඔහුට ගාල්ල නගරයේ පිහිටි තරු පහේ හෝටල 4 ක අයිතිය හිමිය.මෙම හෝටල වල ඇතැම් කාමර වල කුලිය රැයකට ඩොලර් 2000 ක් පමණ වන බව සදහන්ය.
තැප්රොඛෙන් නම් දුූපතක්ද ඔහුට හිමි අතර එය කොන්ඩේ නාස්ට් ට්‍රැවලර් සගරාවේ දැක්වෙන පරිදි ලොව සුන්දරතම ස්ථාන 50 අතුරින් එකකි.
ඩොබ්ස් 2007 වසරේ සිට වාර්ෂිකව ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන සංවිධායකයාද වේ.මෙම සාහිත්‍ය උත්සවයට ජොවැනා ට්‍රොලොප්,ටොම් ස්ටොපර්ඩ්, මයිකල් මොරුපගෝ වැනි ප්‍රකට සාහිත්‍යධරයන්ද සහභාගී වී තිබේ.
ඩොබ්ස් සතු හෝටල වල අයිතිය හිමිකරගැනීමට මෙසේ ඔහුට දිවයිනට ඇතුලූ වීම තහනම් කර ඇතැයි විපක්ෂයෙන් නැගෙන චෝදනාව බාලසූරිය මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇය පවසන්නේ ඩොබ්ස්ගේ ව්‍යාපාර හවුල්කරුවන් ඔහු වෙනුවෙන් ව්‍යාපාරයන් මෙහෙයවමින් සිටිනා බවයි.ඔවුන් නැවැත්වීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි ඇය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නීති ලිහිල් කරලා මේ වගේ කෙනෙකුට රටට ඇතුල්වෙන්න ඉඩදුන්නේ.(නදී)
මට හිතෙන්නේ වැරදීමකින් එයාගේ රටේ ජාතික කොඩිය යටිකුරු කර තියනවා දැක්කම එයාට ඇති උන තරහ පිරිමහන්න අපේ කොඩියට අවමන් කරලා තියෙන්නේ. හරිම ආත්මාර්ථකාමී මාන්නක්කාර මනුස්සයෙක්. මෙයාට කරන්න තිබුනේ වැරදියට ප්‍රදර්ශනය කරපු කොඩිය නිවැරදි ලෙසට සකස් කරවන්න. සල්ලි තිබුනට මොලේ නැ වගේ. (නදී)
ඕන් බළලා පැන්නා මල්ලෙන් එලියට. ඇත්තම කතාව නම් ඔයා අන්තිමට ලියල තියෙන එක වෙන්නත් පුළුවන්.(නදී)
අපේ රටේ ඉඳගෙන අපේ ජාතික කොඩියට විහිලු කරපු වෙලාවේම ඇදල අරගෙන දෙකක් ඇන්නා නම් ඉවරනේ.(නදී)
එරංග බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමීම මම හෙලා දකිනවා. නමුත් ඔස්ට්‍රේලියා ජාතිකයෙකුට අපේ ජාතික කොඩියට නිග්‍රහ කරන්න ඉඩ දෙන්න බැහැ.(නදී)
මේ මිනිස්සු කරන්නේ ලංකාවේ ඉඳගෙන පරණ කොලොනියල් සිස්ටම් එක ආපහු ගෙන එක. (ත)
කවදත් අපි එක පැත්තක් විතරක් හිතන මිනිස්සු. (ත)
මෙය වැරදීමකින් නොව පළාතේ රාජ්‍ය නිලදාරිනියට එරෙහිව සිතා මතා සිදුකල නිසා මොහු පිටුවහල් කල යුතුය. ඔහුගේ දේපොළ රාජ සන්තක කල යුතුය. ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේද මේ වැනි එවුන්ය.(අ)
ලුම්බිණි අහනවා වගේ උතුරේ රටේ කොඩියට රටට ගරහන අයව ආපහු ( ඉන්දියාවට ) යවනවාද? (අ)
ඔස්ට්‍රලියාවේ බිස්නස් පිටරටවල අයට මෙහෙම ලේසියෙන් ගන්න බැහැ. ඇයි අපි රට මෙහෙම විකුනන්නේ? ආපහු ගන්න නම් හදන්නේ ඒක හොඳයි. (අ)
අනේ මේ ඔන්න අපිව නම් ඕවාට ගාව ගන්න එපා (දී)
ජාතික කොඩියට අගෞරව කිරීම අවවාද කල යුතු දෙයක්. ඒත් බ්‍රිතාන්‍ය ජාතිකයා මරපු අයට, අපේ රටට විතරක් නෙවෙයි ජාතිය විනාශ කරණ දේශපාලකයන්ට මොනවද කලේ. (නදී) .
අපි හොදයිනේ අනේ (දී)
වැරදි වැඩක් නේ කරලා තියෙන්නේ ගස් බදින්න (දී)
අපේ කරුමෙද රටේ කරුමෙද අනේ මන්දා (දී)
මේ අපේ සුන්දර රටේ හුගක් හෝටල් අයිති පිටරට සුද්දන්ටයි (දී)
ජාතියට අගෞරව කරන මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(නදී)
මොනවද ගාල්ලේ ඇති තරු පහේ හෝටල් හතර? මම නම් දන්නේ ලයිට් හවුස් හෝටලේ විතරයි තරු පහ වෙන්න පුළුවන්. අනිත් හෝටල් තුන මොනවද කියලා දන්නා කෙනෙක් කියනවද?(දිල්)
ඒක නීති විරෝදීද (දී)
මේ පුවතයි දාල තියන සමහර අදහසුයි දැක්කහම නම් ලොකු කණගාටුවක් ඇතිවුණා. මේ පුද්ගලයා කව්ද, මොනවාද කරන්නේ කියල මුකුත් සොයා බලන්නේ නැතුව අර්ථ විරහිත අර්ථ ශුන්‍ය ප්‍රකාශ කිරීම නම් බරපතල ගැටලුවක්. (නදී)
සාමාන්‍ය දෙයක්නේ (දී)
ඇමෙරිකාව ඇතුලු බොහොමයක් විදේශ රටවල් හිතාගෙන ඉන්නේ ලංකාවේ ආණ්ඩුව සහ නිතිය රූකඩ වගේ උන්ට කැමති විදියට නටවන්න පුළුවන් කියලා සල්ලි පෙන්නුවොත් උන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා.(නදී)
රටටම ජාතියටම අවමාන කලත් සල්ලිකරකම නිසා දවසකට හෝ රටට ඇතුළුවීමට ඉඩදීම අපේ නිවටකම සහ මුදලට සියල්ල යට බව පෙන්වන හොදම උදාහරණයක්.(අ)
ජාතික කොඩියට අගෞරව කරලා තියෙනවා නම් වහාම රටින් පන්නා දැමිය යුතුය.(නදී)
අනේ අපොයි රටකට ගිය කල.(ත)
අනේ මන්දා අප්පා (දී)
මෙයා උඩු යටිකුරු කර තිබෙන්නේ විකාර රූපී ලෙස ඇදි සිංහයෙකු සිටින කොඩි නේ. ඒක කොහොම ද අපේ ජාතික කොඩියට අපහාස කිරීමක් වෙන්නේ ? අපේ ජාතික කොඩියේ ඉන්නේ විකාරරූපී ලෙස ඇදි සිංහයෙක් ද ? (නදී)
පොන්සේකා ජිවත් වන්නේ 1505 විතරද? (නදී)
එයා වරදක් කරලා තිබ්බා නම් ඒක උසාවි මාර්ගයෙන් විසඳා ගන්න තිබ්බා. (නදී)
ඔහුගේ රටේ කොඩියට උන අපහාසයට අපි සමාව ගත්තාද....? (නදී)
මේක සම්පුර්ණ වාර්තාවක්. මීට වඩා අපේ රටට හා ජාතියට අගරු කරන අය ඕනෑතරම් ඉන්නවා. එයා ප්‍රතිචාරයක් දක්වල තියෙන්නේ එයාලගේ කොඩියට අපේ කෙනෙක් කරපු අගරුවට. ඒක වැරදි වුනත් ඉතා ධනවත් මෙයා නිහඬ ලෙස මෙසේ ක්‍රියාකරලා තියෙන්නේ. නමුත් අපේ රටේ ධනවත් අය පොඩි පොඩි ප්‍රස්නවලදිත් මීට වඩා දරුණු දේවල් කරන්නේ. ජාතික කොඩියකට අපහාස ලෙස ක්‍රියාකළ අර සේවකයාට දඬුවමක් දුන්නද කියල කව්රුහරි හොයල කියන්න.(නදී)
ආස්චර්ය කියලා ආයොජකයො ගෙන්වනවා. ඉන් පසු එම ව්‍යාපාර වලට බලය ඇති දේශපාලුවෝ බැල්ම හෙලනවා. කුමක් හෝ හේතුවක් හදලා ආයොජකයන්ව රටින් පන්නනවා. මේක පසු ගිය කාලය පුරාම විශේෂයෙන් දකුණේ උනා. පසු ගිය දිනවල වාද්දුවෙත් උනා. බලය වැඩි නිසා පොලිසියත් ගෙන්නුවා. මේකත් එවැනි මකොල්ලයක්ද දන්නෙ නැහැ.(නදී)
ජාතික කොඩියට අගෞරව කල කෙනා ලංකාවේ කෙනෙක් නම් ඒත් රටින් එලවනවද? (නදී)
පිටරට කෙනෙකුට ලංකාවේ හෝටල තියෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. (ත)
මෙයාල කොතරම් සල්ලි කාරයෝ උනත් අපිට කමක් නැහැ ,අපේ රට මේ වගේ උන් ලග බාල්දු කරන්න එපා (අ)
නැවත කිසිම දවසක ශ්‍රීලංකාවට ඇතුළු වීමට ඔහුට එදා දෙන්න එපා (අ)
මේ මනුස්සයගේ තරුපහේ හෝටල් නිසා ලංකවට කොච්චර සංචාරකයන් පිරිසක් වගේම කොපමණ ප්‍රසිද්ධියක් එනවා ඇත්ද. සම්පුර්නයෙන්ම වගේ විදේශ විනිමයන් පමණක් ජීවත් වෙන රටක් මෙහෙම දරදඬු වෙලා බැහැ. මොහු වරදක් කරලා ඇත්නම් නීති මගින් කටයුතු කරන්න තිබ්බා.(නදී)
ලංකාවේ නීතිය මගින් තමා ඔහුව අසාදු ලේඛන ගත කරලා තියෙන්නේ. (නදී)
ලංකාවේ සුළු පරිමාණ ශ්‍රී ලංකික හෝටල් හිමියන්ට රජයෙන් කිසිම සලැකිල්ලක් නැහැ. පුළුවන් තරම් තහංචි දමන එක තමයි කරන්නේ. මේ වගේ ලොකු සල්ලිකාර විදේශික හෝටල් හිමියන්ට කඩේ යන එක අපේ සමහර දේශපාලකයන්ගේ සිරිතක් වෙලා. මේ සුද්දට නැවත එන්න දෙන්න ඇත්තේ අපේ කවුරු හරි දේශපාලකයෙකුගේ මැදිහත් විම මත තමයි. (නදී)
ජාතික කොඩියට අවමන් කරපු තව අය ඉන්නවා. ඒ අයට මොනවද කළේ.(නදී)
අනේ පොන්සේකා එහෙනම් ලංකාවේ අයට පිටරටවල හෝටල් නැද්ද (අ)
ලංකාවේ දේශපාලකයෝ ලංකාවටම කරන හානියේ හැටියට විදේශිකයා කරලතියෙන දේ ගණන් ගන්න ඕන නෑ. ඔක්කොම පවු එයාගේ පිටින් ගිහින් වගේ .(අ)
මොනම රටක උනත් ජාතික කොඩියට අවමන් කිරීම බරපතල වරදකි. මේ සිධිය පිළිබඳව මොහුට විරුධව නඩුවක් පවරා වැරදි කරු උනොතින් සුදුසු දඩුවමක් දෙන්න . දෙසපලකයන්ගේ සහ නිලධාරීන්ගේ ඕනෑ එපාකම් අනුව පුද්ගලයන්ට රටට ඇතුල්වීමට තහනම් කිරිම සහ අවසර දීම වැරදි ක්‍රමයකි , (අ)
ජාතික කොඩියට නොව මුළු ජාතියටම අවමන් කරන්නන් යහතින් සිටිද්දී තම ඇසේ තිබෙන පරාලය පසෙක තබා අනුන්ගේ ඇසෙහි රොඩ්ඩක් දකින බව මට පෙනේ.(නදී)