IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


ගාලු හෝටල හිමියාට තාවකාලික වීසා

ගාල්ලේ තරු පහේ හෝටල 4 ක හිමිකාරීත්වය දරන ඕස්ට්‍රේලියා  ජාතිකයකු වන ජෙෆ්රි ඩොබ්ස්  ජාතික කොඩියට නිගරු කළැයි දිවයිනට ඇතුළු වීමට ඉඩ නොදී හරවා යැවීමට තීරණය කිරීමෙන් අනතුරුව මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් මත ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් තීරණය කළ බව ඒ එෆ් පී ප්‍රශ් පුවත් සේවය කියයි.

පසුගිය සිකුරාදා  ඔහු මෙලෙස දිවයිනට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදීත් ඔහු  හරවා යැවීමට මුලින් තීරණය කළත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි  හෙතෙම යළිත් තායිලන්තය බලාම හරවා යැවීමට ආගමන විගමන නිළධරයෝ මුලින් තීරණය කළහ.

මෙවරත් ඔහු පැමිණ ඇත්තේ බැංකොක් නුවර සිටය.  

ඔහුට එරෙහිව ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති පුද්ගලයින්ගේ ලැයිස්තුවට හෙවත් අසාදු ලැයිස්තුවට ඔහුගේ නමද ඇතුළත්ව තිබීමයි.

මීට හේතුවී ඇත්තේ ශී්‍රලංකාවේ ජාතික කොඩියට අගෞරව වනසේ ඔහු හැසිරී තිබීමයි.පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය පවසන ආකාරයට ඔහු විකාරරූපී ලෙස ඇදි සිංහයෙකු සටහන් වූ ධජ 4 ක් උඩුයටිකුරු කර ඇයගේ නිවස ඉදිරිපස එල්ලා දමා ගොස් තිබේ.මෙම ධජ එල්ලා  ගොස් තිබී ඇත්තේද අඩකුඹු කිරීමෙනි.

ඔහුගේ මෙම හැසිරීම ගාල්ලේ සියලූදෙනා දැඩි කෝපයකට පත්කිිරීමට සමත්වූ බව ඇය කියයි.

ජෙෆ්රි මෙසේ හැසිරීමට හේතුව පසුගිය මස පැවැත්වුනු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව නිමිත්තෙන් ගාල්ල නගරය සැරසීමේ කටයුතු වලදී සේවකයෙකු අතින් වැරදීමකින් ඕස්ටේ්‍රලියානු ධජය උඩුයටිකුරු කර එල්ලා ඇතැයි පැවසේ.

බි්‍රතාන්‍යයේ උපත ලබා ඇති ඩොබ්ස් පොත් ප්‍රකාශකයෙකු ලෙස කලක් කටයුතු කර ඇත්තෙකි.ඔහුට ගාල්ල නගරයේ පිහිටි තරු පහේ හෝටල 4 ක අයිතිය හිමිය.මෙම හෝටල වල ඇතැම් කාමර වල කුලිය රැයකට ඩොලර් 2000 ක් පමණ වන බව සදහන්ය.

තැප්රොඛෙන් නම් දුූපතක්ද ඔහුට හිමි අතර එය කොන්ඩේ නාස්ට් ට්‍රැවලර් සගරාවේ දැක්වෙන පරිදි ලොව සුන්දරතම ස්ථාන 50 අතුරින් එකකි.

ඩොබ්ස් 2007 වසරේ සිට වාර්ෂිකව ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන සංවිධායකයාද වේ.මෙම සාහිත්‍ය උත්සවයට ජොවැනා ට්‍රොලොප්,ටොම් ස්ටොපර්ඩ්, මයිකල් මොරුපගෝ වැනි ප්‍රකට සාහිත්‍යධරයන්ද සහභාගී වී තිබේ.

ඩොබ්ස් සතු හෝටල වල අයිතිය හිමිකරගැනීමට මෙසේ ඔහුට දිවයිනට ඇතුලූ වීම තහනම් කර ඇතැයි විපක්ෂයෙන් නැගෙන චෝදනාව බාලසූරිය මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඇය පවසන්නේ ඩොබ්ස්ගේ ව්‍යාපාර හවුල්කරුවන් ඔහු වෙනුවෙන් ව්‍යාපාරයන් මෙහෙයවමින් සිටිනා බවයි.ඔවුන් නැවැත්වීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි ඇය කියයි.



අදහස් (0)

ගාලු හෝටල හිමියාට තාවකාලික වීසා

නුවන් මංගල පන්ඩිත Thursday, 26 December 2013 01:44 AM

ඔහුගේ රටේ කොඩියට උන අපහාසයට අපි සමාව ගත්තාද....? (නදී)

:       0       0

ශාන් Thursday, 26 December 2013 02:01 AM

මේක සම්පුර්ණ වාර්තාවක්. මීට වඩා අපේ රටට හා ජාතියට අගරු කරන අය ඕනෑතරම් ඉන්නවා. එයා ප්‍රතිචාරයක් දක්වල තියෙන්නේ එයාලගේ කොඩියට අපේ කෙනෙක් කරපු අගරුවට. ඒක වැරදි වුනත් ඉතා ධනවත් මෙයා නිහඬ ලෙස මෙසේ ක්‍රියාකරලා තියෙන්නේ. නමුත් අපේ රටේ ධනවත් අය පොඩි පොඩි ප්‍රස්නවලදිත් මීට වඩා දරුණු දේවල් කරන්නේ. ජාතික කොඩියකට අපහාස ලෙස ක්‍රියාකළ අර සේවකයාට දඬුවමක් දුන්නද කියල කව්රුහරි හොයල කියන්න.(නදී)

:       0       0

සෑම් Tuesday, 31 December 2013 06:51 AM

ජාතික කොඩියට අවමන් කරපු තව අය ඉන්නවා. ඒ අයට මොනවද කළේ.(නදී)

:       0       0

සිංහ Monday, 13 January 2014 05:36 PM

මේ පුවතයි දාල තියන සමහර අදහසුයි දැක්කහම නම් ලොකු කණගාටුවක් ඇතිවුණා. මේ පුද්ගලයා කව්ද, මොනවාද කරන්නේ කියල මුකුත් සොයා බලන්නේ නැතුව අර්ථ විරහිත අර්ථ ශුන්‍ය ප්‍රකාශ කිරීම නම් බරපතල ගැටලුවක්. (නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 08 January 2014 05:04 PM

මොනවද ගාල්ලේ ඇති තරු පහේ හෝටල් හතර? මම නම් දන්නේ ලයිට් හවුස් හෝටලේ විතරයි තරු පහ වෙන්න පුළුවන්. අනිත් හෝටල් තුන මොනවද කියලා දන්නා කෙනෙක් කියනවද?(දිල්)

:       0       0

ගිම්හානි Saturday, 28 December 2013 01:19 PM

මෙයාල කොතරම් සල්ලි කාරයෝ උනත් අපිට කමක් නැහැ ,අපේ රට මේ වගේ උන් ලග බාල්දු කරන්න එපා (අ)

:       0       0

ගමගේ Tuesday, 07 January 2014 03:36 PM

මේ අපේ සුන්දර රටේ හුගක් හෝටල් අයිති පිටරට සුද්දන්ටයි (දී)

:       0       0

ද සිල්වා Thursday, 02 January 2014 04:31 PM

අපේ රටේ ඉඳගෙන අපේ ජාතික කොඩියට විහිලු කරපු වෙලාවේම ඇදල අරගෙන දෙකක් ඇන්නා නම් ඉවරනේ.(නදී)

:       0       0

ද සිල්වා Thursday, 02 January 2014 04:35 PM

එරංග බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමීම මම හෙලා දකිනවා. නමුත් ඔස්ට්‍රේලියා ජාතිකයෙකුට අපේ ජාතික කොඩියට නිග්‍රහ කරන්න ඉඩ දෙන්න බැහැ.(නදී)

:       0       0

කමල් Thursday, 02 January 2014 05:03 PM

මේ මිනිස්සු කරන්නේ ලංකාවේ ඉඳගෙන පරණ කොලොනියල් සිස්ටම් එක ආපහු ගෙන එක. (ත)

:       0       0

මහේෂ් Thursday, 26 December 2013 09:21 AM

ආස්චර්ය කියලා ආයොජකයො ගෙන්වනවා. ඉන් පසු එම ව්‍යාපාර වලට බලය ඇති දේශපාලුවෝ බැල්ම හෙලනවා. කුමක් හෝ හේතුවක් හදලා ආයොජකයන්ව රටින් පන්නනවා. මේක පසු ගිය කාලය පුරාම විශේෂයෙන් දකුණේ උනා. පසු ගිය දිනවල වාද්දුවෙත් උනා. බලය වැඩි නිසා පොලිසියත් ගෙන්නුවා. මේකත් එවැනි මකොල්ලයක්ද දන්නෙ නැහැ.(නදී)

:       0       0

සිංහ Wednesday, 01 January 2014 05:46 AM

ජාතික කොඩියට නොව මුළු ජාතියටම අවමන් කරන්නන් යහතින් සිටිද්දී තම ඇසේ තිබෙන පරාලය පසෙක තබා අනුන්ගේ ඇසෙහි රොඩ්ඩක් දකින බව මට පෙනේ.(නදී)

:       0       0

අජන්ත Saturday, 04 January 2014 10:17 PM

අනේ මේ ඔන්න අපිව නම් ඕවාට ගාව ගන්න එපා (දී)

:       0       0

ඉන්දික Sunday, 05 January 2014 10:09 PM

අපි හොදයිනේ අනේ (දී)

:       0       0

ලලිත් Sunday, 05 January 2014 02:30 AM

ඇයි නීති ලිහිල් කරලා මේ වගේ කෙනෙකුට රටට ඇතුල්වෙන්න ඉඩදුන්නේ.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 26 December 2013 12:03 PM

ජාතික කොඩියට අගෞරව කල කෙනා ලංකාවේ කෙනෙක් නම් ඒත් රටින් එලවනවද? (නදී)

:       0       0

ස්ටීවන් Thursday, 02 January 2014 09:24 PM

කවදත් අපි එක පැත්තක් විතරක් හිතන මිනිස්සු. (ත)

:       0       0

දාලා Sunday, 29 December 2013 09:24 AM

නැවත කිසිම දවසක ශ්‍රීලංකාවට ඇතුළු වීමට ඔහුට එදා දෙන්න එපා (අ)

:       0       0

ෆොන්සේකා Wednesday, 25 December 2013 04:49 PM

පිටරට කෙනෙකුට ලංකාවේ හෝටල තියෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. (ත)

:       0       0

දිනේෂ් Wednesday, 08 January 2014 01:27 PM

ජාතියට අගෞරව කරන මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

නුවන් Wednesday, 25 December 2013 06:00 PM

ජාතික කොඩියට අගෞරව කරලා තියෙනවා නම් වහාම රටින් පන්නා දැමිය යුතුය.(නදී)

:       0       0

අජිත් Friday, 17 January 2014 03:41 PM

ඇමෙරිකාව ඇතුලු බොහොමයක් විදේශ රටවල් හිතාගෙන ඉන්නේ ලංකාවේ ආණ්ඩුව සහ නිතිය රූකඩ වගේ උන්ට කැමති විදියට නටවන්න පුළුවන් කියලා සල්ලි පෙන්නුවොත් උන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා.(නදී)

:       0       0

සුභා Wednesday, 15 January 2014 11:37 AM

සාමාන්‍ය දෙයක්නේ (දී)

:       0       0

ආනන්ද Sunday, 05 January 2014 11:36 PM

වැරදි වැඩක් නේ කරලා තියෙන්නේ ගස් බදින්න (දී)

:       0       0

අනුත්තරා Monday, 06 January 2014 12:00 AM

අපේ කරුමෙද රටේ කරුමෙද අනේ මන්දා (දී)

:       0       0

රණවක Friday, 10 January 2014 06:25 AM

ඒක නීති විරෝදීද (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 03 January 2014 03:30 AM

මෙය වැරදීමකින් නොව පළාතේ රාජ්‍ය නිලදාරිනියට එරෙහිව සිතා මතා සිදුකල නිසා මොහු පිටුවහල් කල යුතුය. ඔහුගේ දේපොළ රාජ සන්තක කල යුතුය. ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේද මේ වැනි එවුන්ය.(අ)

:       0       0

අමිල Sunday, 29 December 2013 01:42 PM

මේ මනුස්සයගේ තරුපහේ හෝටල් නිසා ලංකවට කොච්චර සංචාරකයන් පිරිසක් වගේම කොපමණ ප්‍රසිද්ධියක් එනවා ඇත්ද. සම්පුර්නයෙන්ම වගේ විදේශ විනිමයන් පමණක් ජීවත් වෙන රටක් මෙහෙම දරදඬු වෙලා බැහැ. මොහු වරදක් කරලා ඇත්නම් නීති මගින් කටයුතු කරන්න තිබ්බා.(නදී)

:       0       0

හේමන්ත Thursday, 02 January 2014 11:19 AM

මට හිතෙන්නේ වැරදීමකින් එයාගේ රටේ ජාතික කොඩිය යටිකුරු කර තියනවා දැක්කම එයාට ඇති උන තරහ පිරිමහන්න අපේ කොඩියට අවමන් කරලා තියෙන්නේ. හරිම ආත්මාර්ථකාමී මාන්නක්කාර මනුස්සයෙක්. මෙයාට කරන්න තිබුනේ වැරදියට ප්‍රදර්ශනය කරපු කොඩිය නිවැරදි ලෙසට සකස් කරවන්න. සල්ලි තිබුනට මොලේ නැ වගේ. (නදී)

:       0       0

ජාගුරු Friday, 03 January 2014 05:26 AM

ලුම්බිණි අහනවා වගේ උතුරේ රටේ කොඩියට රටට ගරහන අයව ආපහු ( ඉන්දියාවට ) යවනවාද? (අ)

:       0       0

අක්ෂි Friday, 03 January 2014 05:31 AM

ඔස්ට්‍රලියාවේ බිස්නස් පිටරටවල අයට මෙහෙම ලේසියෙන් ගන්න බැහැ. ඇයි අපි රට මෙහෙම විකුනන්නේ? ආපහු ගන්න නම් හදන්නේ ඒක හොඳයි. (අ)

:       0       0

ශානක Wednesday, 25 December 2013 09:31 PM

අනේ අපොයි රටකට ගිය කල.(ත)

:       0       0

සාරම් Tuesday, 31 December 2013 04:25 PM

අනේ පොන්සේකා එහෙනම් ලංකාවේ අයට පිටරටවල හෝටල් නැද්ද (අ)

:       0       0

සත්‍යපාල Saturday, 28 December 2013 06:07 AM

රටටම ජාතියටම අවමාන කලත් සල්ලිකරකම නිසා දවසකට හෝ රටට ඇතුළුවීමට ඉඩදීම අපේ නිවටකම සහ මුදලට සියල්ල යට බව පෙන්වන හොදම උදාහරණයක්.(අ)

:       0       0

saram Tuesday, 31 December 2013 04:38 PM

ලංකාවේ දේශපාලකයෝ ලංකාවටම කරන හානියේ හැටියට විදේශිකයා කරලතියෙන දේ ගණන් ගන්න ඕන නෑ. ඔක්කොම පවු එයාගේ පිටින් ගිහින් වගේ .(අ)

:       0       0

රොෂාන් Thursday, 02 January 2014 12:11 PM

ඕන් බළලා පැන්නා මල්ලෙන් එලියට. ඇත්තම කතාව නම් ඔයා අන්තිමට ලියල තියෙන එක වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

මංජු Wednesday, 25 December 2013 10:01 PM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

චන්දික Monday, 30 December 2013 11:24 AM

ලංකාවේ නීතිය මගින් තමා ඔහුව අසාදු ලේඛන ගත කරලා තියෙන්නේ. (නදී)

:       0       0

සෙලාන්සියුස් Wednesday, 25 December 2013 10:53 PM

මෙයා උඩු යටිකුරු කර තිබෙන්නේ විකාර රූපී ලෙස ඇදි සිංහයෙකු සිටින කොඩි නේ. ඒක කොහොම ද අපේ ජාතික කොඩියට අපහාස කිරීමක් වෙන්නේ ? අපේ ජාතික කොඩියේ ඉන්නේ විකාරරූපී ලෙස ඇදි සිංහයෙක් ද ? (නදී)

:       0       0

එරංග Wednesday, 01 January 2014 04:23 PM

ජාතික කොඩියට අගෞරව කිරීම අවවාද කල යුතු දෙයක්. ඒත් බ්‍රිතාන්‍ය ජාතිකයා මරපු අයට, අපේ රටට විතරක් නෙවෙයි ජාතිය විනාශ කරණ දේශපාලකයන්ට මොනවද කලේ. (නදී) .

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 31 December 2013 06:41 PM

මොනම රටක උනත් ජාතික කොඩියට අවමන් කිරීම බරපතල වරදකි. මේ සිධිය පිළිබඳව මොහුට විරුධව නඩුවක් පවරා වැරදි කරු උනොතින් සුදුසු දඩුවමක් දෙන්න . දෙසපලකයන්ගේ සහ නිලධාරීන්ගේ ඕනෑ එපාකම් අනුව පුද්ගලයන්ට රටට ඇතුල්වීමට තහනම් කිරිම සහ අවසර දීම වැරදි ක්‍රමයකි , (අ)

:       0       0

නිහාල් Thursday, 26 December 2013 12:03 AM

පොන්සේකා ජිවත් වන්නේ 1505 විතරද? (නදී)

:       0       0

අමිල Thursday, 26 December 2013 12:26 AM

එයා වරදක් කරලා තිබ්බා නම් ඒක උසාවි මාර්ගයෙන් විසඳා ගන්න තිබ්බා. (නදී)

:       0       0

ද සිල්වා Tuesday, 31 December 2013 04:50 AM

ලංකාවේ සුළු පරිමාණ ශ්‍රී ලංකික හෝටල් හිමියන්ට රජයෙන් කිසිම සලැකිල්ලක් නැහැ. පුළුවන් තරම් තහංචි දමන එක තමයි කරන්නේ. මේ වගේ ලොකු සල්ලිකාර විදේශික හෝටල් හිමියන්ට කඩේ යන එක අපේ සමහර දේශපාලකයන්ගේ සිරිතක් වෙලා. මේ සුද්දට නැවත එන්න දෙන්න ඇත්තේ අපේ කවුරු හරි දේශපාලකයෙකුගේ මැදිහත් විම මත තමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 111 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 177 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 120 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 256 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 624 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2123 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1848 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site