
එකී මෙකී නොකී සියල්ල මිලදී ගැනීමට නම් පිටකොටුව වෙළෙඳ සංකීර්ණය වෙත යා යුතුය. පිටකොටුවේ වීදී රාශියකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින්නේ පිටකොටුව 04 වැනි සහ 5 වැනි හරස් වීදිය ය. අප අද ගොඩ වූයේ 4 වැනි හරස් වීදීයේ එම්. මහේන්ද්‍ර කුමාරන් මහතාගේ සිංහ ට්‍රේඩර්ස් වෙතය.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
අපි මිරිස්, කහ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, අබ, කොත්තමල්ලි වගේ කුළුබඩු වර්ග විකුණන්නේ. අපි තොග වෙළෙන්දෝ. අපි බඩු ආනයනය කරන්නේ නෑ. දේශීය නිෂ්පාදන තමයි විකුණනේ. සේවකයෝත් හයදෙනෙක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. ගිය මාසෙත් හොඳටම බිස්නස් අඩු වුණා. ජනවාරිවල නම් බිස්නස් ටිකක් තිබ්බා.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව මොකක්ද කියලා හරියටම කියන්න බෑ. එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් බලපානවා. එක හේතුවක් තමයි පහුගිය කාලේ තිබ්බ හාල් ප්‍රශ්නේ නිසා දිගුකාලීනව පිටකොටුවෙ වෙළෙදාම් කළ වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වුණා. සිල්ලර වෙළෙන්දෝ පිටකොටුවට එන්නේ ඔක්කොම ඕන කරන බඩු ටික අරන් යන්න. ඒ අතර හාල් ප්‍රධාන දෙයක්. හාල් හිඟය නිසා වෙළෙන්දෝ පිටකොටුවට එන එක අඩු වුණා. ඒක අපිටත් බලපෑවා.
තවත් ගැටලුවක් තමයි ඉස්සර ලංකාවේ හැම තැනටම බඩු දුන්නේ කොළඹ කොටුවෙන්. හැබැයි දැන් හැමතැනම වෙළෙඳ මධ්‍යස්ථාන තියනවා. දඹුල්ල, තඹුත්තේගම, මී ගොඩ, වැලිසර. ඒ නිසා අපේ වෙළෙඳාම දැන් හැම තැනටම බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි කොටුවේ වෙළෙඳාම අඩු වෙලා තියෙන්නේ. අනිත් හේතුව තමයි මිනිස්සුන්ට තියන ආර්ථික ප්‍රශ්න. මේ තියන ආර්ථිකේ එක්කෙ මිනිසුන්ට හිතේ හැටියට වියදම් කරන්න බෑ. ඔය වගේ හේතු නිසා තමයි වෙළෙදාම් අඩු වෙන්නේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප- සුමුදු හේවාපතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd