IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගනුදෙනු සතිය අවසානයටත් කලින් දරුණු පරාජයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිහීමක් වාර්තා කරන අතර කරුණු ගණනාවක් එයට බලපා ඇත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අතිරේක පොලියක් ගෙවන රජයේ තීරණය සමග වාණිජ බැංකු තැන්පත්වලින් ස්ථාවර ආදායමක් අරමුණු කරගෙන ඇතැම් කොටස් සිය ලාබ ඉවත් කරගැනීමට වෑයම් කරන බව පෙනේ. අනෙක් අතට අඩු මිල ගණන්වලට මිල දී ගත් කොටස් විකිණීමට උපරි අවස්ථාවක් ලැබී තිබේ. ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින ගැටුම් මෙරටට බලපාන බවට වූ අනියත බිය තවත් එක සාධකයකි. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,818.21 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 253.23 ක පසුබැසීමකි. දින පහක් තුළ ජුනි මාසයේ ආරම්භක සතියේ තිබුණ අගය දක්වා පහත වැටීම විශේෂත්වයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,019.15 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 77.16 පසුබැසීමක් සේ වාර්තා වේ. කෙසේ වෙතත් කාලයකට පසු දෙවැනි දිනයටත් විදේශීය ගනුදෙනු සක්‍රීය වූ බව නිරීක්ෂණය කළ හැකිය. මිල දී ගැනීම් රු. මිලියන 136.0 ක් වූ අතර විකිණීම් රු. මිලියන 58.2 කි. රුපියල් මිලියන 78.2ක වාසිදායක තත්වයක් රටට ලැබී තිබේ. 

මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 27,066 කි. සමාගම් 49 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 194 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,319.08 ක් විය. කොටස් මිලියන 139.3 ක් හුවමාරු වූ බව දැක්වේ. 

 



අදහස් (0)

ගනුදෙනු සතිය අවසානයටත් කලින් දරුණු පරාජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site