IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගනුදෙනු පිරිහීමකින් අවසන් වූ මාසයක්

මෙම වසරේ මාර්තු මාසය ඇතුළත පමණක් කොළඹ කොටස් වෙළෙඳාමේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 664 කින් පිරිහී ගිය අතර මිලංකා දර්ශකය ඒකක 198 කින් අඩු වී ඇති බව වාර්තා පෙන්වයි. මෙකී කාලය තුළ දී පැවැති අඩු උනන්දුව හේතු කරගෙන කොටස් විකිණීමක් ලෙස සටහන් වූ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන දෙසිය හයකින් අඩු වී තිබේ. ගනුදෙනු පැවැති දින දහනවයක කාලය තුළ රු. මිලියන දෙසිය හයක් ඉවත්වීම සැලකිය යුතු පසුබෑමක් වශයෙන් දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙම දත්ත පදනම් කරගෙන තෝරාගත් කොටස් මිල දී ගැනීමට අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

මාර්තු මාසය පුරා බැංකු හා මූල්‍ය අංශයේ කොටස් සඳහා කැපී පෙනෙන ඉල්ලුමක් තිබුණි. ප්‍රවාහන, සන්නිවේදන සහ ආහාරපාන හා දුම්කොළ අංශවල කොටස් සැලකිය යුතු ප්‍රමාණයකින් හුවමාරු විය. හේමාස් කොටස් වෙන් කිරීමක් ප්‍රකාශයට පත් කර තිබේ. සම්පත් බැංකුව බිලියන දහයක ණයකර නිකුතුවක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය සඳහා සියයට 11.75 ක වාර්ෂික ප්‍රතිලාභ හිමිවේ. ලංකා බැංකුව ද තවත් රුපියල් බිලියන දහයක කොටස් ණයකරයක් නිකුත් කරන අතර එය ඉල්ලුම අනුව අතිරේකව තවත් රුපියල් මිලියන 50 ක් දීර්ඝ කරනු ඇත. 2025 මූල්‍ය වසර සඳහා රජය අලුතින් පනවන ලද හා සංශෝධිත බදු අද සිට බලපැවැත්වේ. මෙහි බලපෑම වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි කෙබඳු පීඩනයක් ඇතිකරන්නේ ද යන්න මෙම සතිය තුළ ආයෝජකයන්ගේ හැසිරීම අනාවරණය කරනු ඇත.

මේ අතර ඉකුත් සිකුරාදා (මාර්තු 28) ගනුදෙනු අවසන් වන උච්ඡාවචන අවසානයේ දී තරමක පසුබෑමක් සහිතව දිනයේ ගනුදෙනු අවසන් විය. සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,814.82 තෙක් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 67.24 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,723.72 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 25.14 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. මෙදින විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 170 කි. විකිණීම් රු.මිලියන 258 ක් විය. ශුද්ධ අවාසිය රු. මිලියන 48 කි.

නිරීක්ෂක
 



අදහස් (0)

ගනුදෙනු පිරිහීමකින් අවසන් වූ මාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site