( තිළිණි ද සිල්වා )
කොළඹට එන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව සංස්කෘතික වැඩසටහන් සතිපතා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු යොදා ඇත.
මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ 07 ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් හී දි පැවැත්වේ.
එමෙන්ම මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව ඒම අධිකාරිය කියා සිටියි.
ගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මේ සඳහා ඇතුළත් කර තිබෙන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදෙයි.
සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මේ ද අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ මේ වැඩසටහන ආරම්භයක් පමණක් බවත් ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවත් ය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
එමෙන්ම ආකේඩ් සහ නිදහස් චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙය පැවැත්වෙන අතර ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බවද ඒම අධිකාරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා නොමිලේ සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කළ බව හොදය. නමුත් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය යනු නොමිලේ සංස්කෘතික වැඩසටහන්ම බැලීම නොව. කොළඹ නගරයේ රෙස්ටුරන්ට් සමග බාර් වීදී අඩුම තරමේ 3ක් වත් තිබීය යුතුය කැරෝකේ සහ එහි අඩුම තරමේ 80, 90 දශකේ ගීත දැමිය යුතුය. මන්ද එන සංචාරකයන් අවූරුදු 50 / 25 අතර වන බැවින්. උණවටුන සංචාරකයන්ගේ ප්‍රියතම ස්තානය වූයේ මෙම විනෝදාස්වාදය එහි ඇති බැවිනි.
සංචාරක කලාප ඇතිකරන්න ඕනේ. කොළඹ නාගරික සංචාරක කලාප. මේවා සාමාන්‍ය ජනතාවගෙන් ටිකක් වෙන් වුන වෙනම පරිපාලනයකට අයත් කරන්න ඕනේ. මූලිකවම මුදල් ඉපයීම ගැන වාදනය යොදන්න ඕනේ. උදාහරණයකට, තායිලන්තයේ ෆුකට් , කැනඩාවේ වැන්කුව , මැලේසියාවේ , ක්වොලම්බූර්. අලුතෙන් හදන වරයා නගරය මේකට හොදම තැනක්. ඔවුන්ට නිදහසේ විනෝද වෙන්නත් ,හොද ආරක්ෂාවකුත් තියෙන්න ඕනේ.. දිවා රාත්‍රී එකලෙස විනෝද වෙන්න පුළුවන් වෙන්න ඕනේ..