(හර්ෂණ තුෂාර සිල්වා)
(ඡායාරූප - ඉෂාන් සංජීව)
පරිසර හිතකාමී ඉදිකිරීම් සහිත නරගයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලය අද (13) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවට සමගාමීව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද අතර කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහත්මිය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලයේ සභාපති මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.
කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය හරිත ඉදිකිරීම් සහිත කොළඹ නගරයක් යන්න තේමා කරගනිමින් ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුව සංවිධානය කර තිබිණි.
වැඩමුළුවට සමගාමීව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමත් සමඟ කොළඹ නගරයේ ඉදි කිරීම් සහ අලුතෙන් ඉදි කරන ගොඩනැගිලි කොතරම් පරිසර හිතකාමීද යන්න ශ්‍රේණිගත කෙරෙන අතර ඉදි කිරීම් සඳහා බලපත්‍ර දීමේදී එය සාධකයක් ලෙස සැලකිල්ලට ගනු ලැබේ. ඊට අමතරව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිත කරන ඉදි කරන ක්ෂේත්‍රයේ සමාගම්වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට ද ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර පරිසර හිතකාමීද කියලා බලන්න පුළුවන් පොළ දවසට කොළඹ කොටුවේ පොඩ්ඩක් වටේ අවිද්දාම....
කියන තරම් පරිසර හිතකාමි වුනොත් තමයි පුදුම!! පටන්ගන්නකොට නම් බොහොම පරිසර හිතකාමියි. එත් ටිකකලත් යනකොට තමයි ඉතින් ගොඩනැගිලි හදන අය කීය කීය හරි හොර පාරෙන් දෙනකොට පරිසරය නිකම්ම අමතක වෙනවා. ලංකාවේ කොහෙද මෙහෙම වෙලා තියෙන්නේ? මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න මුලින්ම.
කොළඹ හරිම ලස්සනයි දැන්. නමුත් තව තියෙනවා ඇහැට පෙනෙන නැති තැන පිරිසිදු කරන්න. මම ඉන්නේ වෙන රටක. නමුත් එම රටට වඩා කොළඹ පිරිසිදුයි.
බෙර ගහල නටල සෝබන දැම්මට වැඩක් නැ වැඩේ වෙන්නේ නැත්නම්
මුලින්ම ගස් කපන එක නවත්තන්න. ආසාවට ගහක් හොයාගන්න නැති වේවි.