IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ කැසිනෝ තරගය තියුණු අතට

  • 2024 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරගෙන ඇති කැසිනෝ බලපත්‍ර ගාස්තුව රු. බි. 5.1 ක්

භානුක අමරසිංහ 

කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරය මේ වනවිට වඩාත් තරගකාරී මට්ටමකට පත්ව තිබෙන බව වාර්තා සඳහන් කරයි. විශේෂයෙන්ම පසුගියදා නෙළුම් කුලු‍ණ පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු කැසිනෝ ව්‍යාපාරය මෙන්ම අගෝස්තු 02 වැනිදා සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි විවෘත වූ කැසිනෝ ව්‍යාපාරය මේ සඳහා හේතුව වී තිබේ. 
අද වනවිට කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධානම කැසිනෝ ව්‍යාපාර හතරක් ක්‍රියාත්මක වෙයි. බැලිස්, බෙලාජියෝ, එම්ජීඑම්‍, ස්ටාර්ඩස්ට් සහ කැසිනෝ මරිනා කලම්බු ඒවා වෙයි. 

පසුගියදා නෙළුම් කුලු‍ණේ දී විවෘත කෙරුණු කැසිනෝව ඉන්දියාවේ ගෝආහි ක්‍රියාත්මක අක්වෙරළ කැසිනෝ ව්‍යාපාරයක් වන Majestic Pride Casino මගින් ආරම්භ කරවූවකි. එසේම සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි විවෘත Melco කැසිනෝ ශාලාව Melco Resorts & Entertainment සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හවුල්කාරීත්වයෙන් ඉදිරිපත් කරන්නකි. 

දැනට ක්‍රියාත්මක වන කැසිනෝ ව්‍යාපාර මෙන්ම අලු‍තින් ආරම්භ වන ව්‍යාපාරවලද මූලික ඉලක්කය වී ඇත්තේ ඉන්දියානු ඔට්ටු අල්ලන්නන්ය. ඒ අනුව ඉදිරියේදී එම පිරිස් ආකර්ෂණය වෙනුවෙන් මෙම කැසිනෝ ශාලා අතර තරගය තියුණු වනු ඇතැයි අදහස වී තිබේ. 

“කොළඹ කැසිනෝ අතර තරගය හොඳයි. ඒකෙන් කැසිනෝ ව්‍යාපාරය දියුණු වෙනවා වගේම වඩාත් හොඳ ඔට්ටු අල්ලන්නන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබේවි.“ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වන පිරිස් පවසති. 

එසේම කවරෙක් කුමන අදහසක් දැරුවද මෙම කැසිනෝ ව්‍යාපාරය මෙරට සංචාරක කර්මාන්තය වෙත ඉතා ඉහළ එහෙත් නිහඬ දායකත්වයක් දක්වන බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. 

මේ අතර දැනට රට තුළ ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරය සඳහා අලු‍ත් ක්‍රීඩා උපකරණ ආනයනය සඳහා වත්මන් රජය පසුගිය මාසයේදී අනුමැතිය ලබාදුනි. සංචාරක කර්මාන්තයේ උන්නතිය එහි අපේක්ෂාව විය.

ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත (Betting and Gaming Levy Act) යටතේ නියාමනය කර ඇත. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත මගින් කැසිනෝ කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ නියාමනය කිරීම සඳහා නව විධිවිධාන හඳුන්වා දීම සිදු විය. 

2025 වසරේදී, ශ්‍රී ලංකා රජය විසින් සූදු නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා “Gambling Regulatory Authority Act, No. of 2025” නමින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. මෙම පනත මගින් භෞතික හා මාර්ගගත කැසිනෝ ඇතුළු සියලු‍ම සූදු ක්‍රියාකාරකම් නියාමනය කිරීම අරමුණු කරයි. 

මෙහිදී නව බලපත්‍ර නිකුත් කිරීම, නියාමන ප්‍රමිතීන් සැකසීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති (AML) සහ පාරිභෝගිකයා හඳුනාගැනීමේ නීති (KYC) ක්‍රියාත්මක කිරීම, වගකිවයුතු සූදුව ප්‍රවර්ධනය කිරීම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම ආදිය මෙහි ප්‍රධාන අරමුණු වේ. 

මේ අතර 2024 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් රැස් කරගෙන ඇති කැසිනෝ බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 5.1 කි. එය එම වසරේදී අපේක්ෂා කළ එම ආදායම වූ රුපියල් බිලියන 1 හා සැසඳීමේදී සියයට 510 ක වර්ධනයකි. එසේම 2023 වසරේදී රැස් කරගත් රුපියල් මිලියන 500 ට සාපේක්ෂව එය සියයට 920 ක වර්ධනයකි. එහිදී පසුගිය වසරේ අලු‍තින් ආරම්භ වූ කැසිනෝ ව්‍යාපාර සඳහා ලබාදුන් බලපත්‍ර මෙම ආදායම් ඉහළ යාමට හේතුවක් වී තිබේ.

 



අදහස් (0)

කොළඹ කැසිනෝ තරගය තියුණු අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site