IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි. ඒ අනුව තේමාත්මක බැඳුම්කර සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ නියාමන රාමුව මෙය බවට පත්වනු ඇතැයිද එම හුවමාරුව සඳහන් කරයි. 
වඩාත් පුළුල් හා ඉහළ අන්තර්ග්‍රහණයකින් යුත් ප්‍රවේශයකට අනුකූල වෙමින් විකාශනය වෙමින් පවතින ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි මෙම හඳුන්වාදීම සිදු කරන බව පැවසෙයි. 
මේ යටතේ, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීතිවල “තිරසාර බැඳුම්කර” යන යෙදුම වෙනුවට “GSS+ බැඳුම්කර” යන්න යොදා ඇති අතර, හරිත, නිල්, සමාජ, තිරසාර සහ තිරසාරභාවය සම්බන්ධ බැඳුම්කර ඇතුළු අනෙකුත් සමාන බැඳුම්කර වර්ග එමගින් ආවරණය වේ. 
මේ අතරින් සමාජ බැඳුම්කර ස්ථාවර ආදායම් මූල්‍ය උපකරණ වන අතර, එයින් ලැබෙන ආදායම සමාජ ගැටලු‍ විසඳීම සහ ධනාත්මක සමාජ බලපෑම් ඇති කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති සඳහා මූල්‍යයනය හෝ ප්‍රතිමූල්‍යයනය සඳහා පමණක් යොදා ගනී. එනම් අත්‍යවශ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම, දැරිය හැකි මිලකට පවතින නිවාස පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ රැකියා අවස්ථා වැනි ව්‍යාපෘති ඊට අයත්ය. 
මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙ​ෙළඳපොළ වෙත GSS+ හඳුන්වාදීම තිරසාර ආයෝජන නිෂ්පාදන පරාසය ව්‍යාප්ත කිරීම පමණක් නොව, අපගේ ප්‍රජාව තුළ දිගුකල් පවත්නා වෙනස්කම් ඇති කළ හැකි සමාජීය බලපෑම් සහිත ව්‍යාපෘති සඳහා අරමුදල් ඒකරාශී කිරීමට නිකුත් කරන්නන්ට හැකියාව ලබා දීම ද සිදුවේ.“ යනුවෙන් පවසා සිටියි. 

 



අදහස් (0)

කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site