කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය.
දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.393.54ක් ලෙස දැක්විණි. පෙර දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.367ක් ලෙස දැක්වුණු අතර ඒ අනුව අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිවීම සියයට 0.60කි.
කෙසේ නමුත් ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද දිනයේදී සියයට 1.28ක එනම් ඒකක 22.13ක පහළ යෑමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ ඒකක 1,707.02ක් ලෙස සටහන්ව තිබිණි. පෙර දිනයේ දී එය ඒකක 1,729.15ක් ලෙස දැක්විණි.
දිනය අවසානයේදී කොටස් පිරිවැටුම රුපියල් බිලියන 3.6 ඉක්මවා තිබුණු අතර ඊට වැඩිම දායකත්වයක් සපයා තිබුණේ කොමර්ෂල් බැංකුවයි. දිනය තුළ කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන 2.93ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබිණි.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ කොටස් වෙළෙඳපොළ - සියලු කොටස් මිල දර්ශකය ඉහළට
දැනට නමුනුකුල සමාගමෙ කෙටස් එකක වටිනාකම කියද Tuesday, 11 July 2023 09:13 AM
දැනට නමුනුකුල සමාගමේ කෙටස් එකක වටිනාකම කීයද