IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොහොමද බිස්නස් : දැන්නම් බිස්නස් ටිකක් අඩුයි

මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයාගෙන අපි පංචිකාවත්තේ ඉදිරියට ගියෙමු. සිකුරාදා දිනයක් වුවත් සෑම කඩයකම එක්කෙනෙක් හෝ දෙන්නෙක් භාණ්ඩවල මිල අසාගෙන යන ආකාරයද අපට දැකගත හැකිය. කඩයක් දෙකක් පසුකර ගිය අප පංචිකාවත්තේ වාහනවලට අවශ්‍ය ලයිට් බඩු විකුණන කඩයකට ගොඩ වුණෙමු. ඔහු රුවන් ප්‍රසන්න මල්ලවාරච්චිය. 
රී කන්ඩිෂන් ලයිට් ගැනීම හා විකිණීම ඔහුගේ ව්‍යාපාරයයි. මෙය තාත්තාගෙන් පුතාට උරුම වූ ව්‍යාපාරයකි. අවුරුදු 60ක් පමණ තාත්තා මේ ව්‍යාපාරයේ යෙදී පුතාට උරුමකරදී ඇත.‘මල්ලවාආරච්චි ලයිට්ස්’ රුවන්ගේ ව්‍යාපාර නාමයයි. 

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
දැන්නම් බිස්නස් ටිකක් අඩුයි. ඒත් ඉතින් කොහොම හරි කරගෙන යනවා. බිස්නස් නෑ කියන්නම බෑ ඉතින්. සමාන්‍යයෙන් සතියේ නිවාඩු දවසක් සෙට් වුණොත් අපට බිස්නස් වැඩියි. එහෙම වුණොත් තමයි මිනිස්සු ඇවිල්ලා වාහන හදන්නේ. සතියේ දවස්වල මිනිස්සු රැකියාවලට යනකොට අපට බිස්නස් අඩුයි. සමහරු පුරුද්දක් විදියටත් කොච්චර බිස්නස් තිබුණත් නැහැ කියනවා. බිස්නස් තිබුණත් නැහැ කියනවා. අපි නම් එහෙම නෙවෙයි. ඒ කියන විදියට හැමදාම බිස්නස් නැත්නම් ව්‍යාපාර වහන්න වෙනවනේ. තමුන්ට යැපෙන්න පුළුවන් බිස්නස් එකක් හැමෝටම තියෙනවා. මිනිස්සු හැමදේම කරගන්න ඕනනේ. අපි සාමාන්‍යයෙන් පෝය දවසේ වැඩ කරන්නේ නැහැ. සෙනසුරාදා වරුවක් වැඩ.


Q: බිස්නස් අඩුවුණේ ඇයි?
මිනිස්සු අතේ සල්ලි අඩුයි. තමන්ගේ අතේ සල්ලි තියනවනම් තමයි මිනිස්සු තමන්ගේ වාහන හොඳට හදන්නේ. සල්ලි නැත්නම් අටවගෙන දුවන්න තමයි බලන්නේ. රී කන්ඩිෂන් ලයිට් තමයි බලන්නේ. රක්ෂණයෙන් ගෙවනවානම් හොඳට ලයිට් දානවා. මම තනියම මේ බිස්නස් එක කරන්නේ. සේවකයෝ නැහැ. සේවයෝ දාගෙන මේ බිස්නස් එක කරගෙන යන්න අමාරුයි. ඉස්සර සේවකයෝ හිටියා.

අමිල චින්තක ගමගේ 
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

කොහොමද බිස්නස් : දැන්නම් බිස්නස් ටිකක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site