IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොහොමද BUSINESS: බිස්නස් හොඳටම පහත වැටිලා

පසුගිය වසරවලට සාපේක්ෂව වෙළෙඳාම සියයට 50 කින් පමණ පහත වැටී තියෙනවා. උත්සව සමය, නව පාසල් ආරම්භක සමය වුණත් පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. වෙනදා මේ වෙද්දී කඩවල ඉඩ හැරෙන්නවත් බෑ ඒ තරම් සෙනඟ. ඒත් මේ පාර එහෙම වෙළෙඳාමක් නෑ.

යනුෂ්කා වෙළෙඳ ආයතනයේ හිමිකරු

 

කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායටත් මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියක් බවට පත්ව තිබේ. ඉංග්‍රීසි පාලන සමයේ කොළඹ කොටුවෙහි අලංකාර මල් යාය සහිත ප්‍රභූ නිවාස පෙළ පිළිබඳව කිසිදු නිමිත්තක් ඉතිරි නොවන සේ වළලා ඇතත් තවමත් මල්වත්ත නම පමණක් ඉතිරිව තිබේ. 

අක්‍රමවත් වෙළෙඳ නගරයක අපිළිවෙළ කඩ සාප්පු අතර මල්වත්ත පාර කාලයක්‌ පුරා ප්‍රසිද්ධ වී තිබුණේ පරණ කෝට්‌වලට බව මෙහි තතු දත්තෝ දනිති. මේ වන විට බොහෝ වෙළෙඳසල් සපත්තු සහ බෑග්වලින් වැසී ගොස් තිබේ. මිලෙන් අඩුම බඩුවේ සිට ලෝකයේ හොඳම තත්වයේ සන්නාම දක්වා සියල්ල මෙම මීටර් දෙසීය ඇතුළේ සොයා ගැනීමට පුළුවන. විටෙක හොඳම සන්නාමයේ සපත්තු කුට්ටමටත් වඩා නිමාවක් ඊට අඩු මිලට ඇති සපත්තු කුට්ටමක දැකිය හැකි සපත්තු විශේෂ ගණනාවක්‌ මල්වත්ත පාරේ පේව්මන්ට්‌ එකේ ගොඩගසා තිබෙනු ද දැකගත හැකිය. 

මේ දිනවල මල්වත්ත පාරේ වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී මිස් මොනවද බැලු‍වේ. මේවා ඔරිජිනල් ලෙදර් බඩු, කීයටද කුට්ටමක් බලන්නේ, ආයේ වෙන ගන්න තැනක් නෑ, මෙතන විතරයි. සාප්පුවක් පසු කරන වාරයක් ගාණේ මේ වචන පෙළ අපට අසන්නට ලැබිණ. එක් එක් කඩවල් පසුකරගෙන අපි ගොඩවැදුණේ යනුෂ්කා වෙළෙඳ ආයතනය වෙතටය. එහිදී එම වෙළෙද ආයතනයේ හිමිකරු මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
පසුගිය වසරවලට සාපේක්ෂව වෙළෙඳාම සියයට 50 කින් පමණ පහත වැටී තියෙනවා. උත්සව සමය, නව පාසල් ආරම්භක සමය වුණත් පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. වෙනදා මේ වෙද්දී කඩවල ඉඩ හැරෙන්නවත් බෑ ඒ තරම් සෙනඟ. ඒත් මේ පාර එහෙම වෙළෙඳාමක් නෑ. මම එක් සහයකයෙක් විතරයි මේ පාර සීසන් එකට ගත්තෙත්. වැඩි සහයක පිරිසක් අරගෙන වෙළෙදාම් කරන්න අමාරුයි මේ පාර ලොකු බිස්නස් එකක් නැති නිසා. අනිත් බිස්නස්වලට කොහොමද කියලා නම් දන්නේ නෑ. සපත්තු, බෑග් බිස්නස් නම් මේ පාර පහළ වැටිලා තියෙන්නේ.


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
වෙළෙඳපොළේ ඇති තරම් භාණ්ඩ තියෙනවා. ඒත් මිනිසුන්ට බඩු ගන්න තරම් මුදලක් අතේ මිටේ නැතිවීම වෙළෙඳාම අඩුවෙන්න එක් හේතුවක්. අනෙක් භාණ්ඩවල මිලෙහි යම් අඩුවක් තිබුණත් සපත්තු සහ බෑග්වල මිලෙහි වෙනසක් වෙලා නැහැ. පරණ මිල ගණන් යටතේ තමයි භාණ්ඩ පවතින්නේ. පාරිභෝගිකයන් භාණ්ඩයේ ගුණත්මකභාවයට වඩා භාණ්ඩයේ පෙනුම සමාන නම්, මිල අඩු නම් ඒ භාණ්ඩ මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් භාණ්ඩයේ කල් පැවැත්ම ගැන හිතන්නේ නෑ. දැන් ඕනෑම තැනකින් අඩු මුදලට භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන් පුරුදු වෙලා ඉන්න නිසා අපේ වෙළෙඳාම් අඩුවෙලා තියෙන්නේ. 

මනීෂා වීරසිංහ


ඡායාරූප ඉසුරු පෙරේරා



අදහස් (0)

කොහොමද BUSINESS: බිස්නස් හොඳටම පහත වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site