IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොහොමද BUSINESS: තවම ලොකු වෙනසක් නෑ

 

මීට අවුරුදු ගාණකට කලින් තිබුණු බිස්නස් එක තාම නැහැ. මොකද තාම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ පටන් අරන් නැහැ. අනිත් ක්ෂේත්‍ර නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙමින් තිබෙනවා. ඉදිකිරීම් පැත්තෙන් පොඩි වර්ධනයක් තියෙන නිසා අපේ ව්‍යාපාරයත් පොඩි වර්ධනයක් අත්පත් කර ගනිමින් සිටිනවා. 

නාමල් මෝටර්ස් අධිපති - සෙනරත් නාමල්

 

 


එක එක දේවල්වලට ප්‍රසිද්ධ එක එක විදි තිබේ. පංචිකාවත්ත ප්‍රසිද්ධව තිබෙන්නේ මෝටර් රථ අමතර කොටස් සඳහාය. මේ දවස්වල බිස්නස් කොහොමද කියා හොයාගෙන යන ගමනේ පසුගිය දිනක උදෑසන කාලයේ පංචිකාවත්තේ පොඩි රවුමක් ගැසුවෙමු. ඒ අමතර කොටස් ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල තත්වය දැන ගැනීමටය. නාමල් මෝටර්ස් හි සෙනරත් නාමල් යනු පංචිකාවත්ත ප්‍රධාන වීදියේ මැදට වන්නට ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. 


Q: මේ දවස්වල වෙ​ෙළඳාම කොහොමද? 
ඉදිකිරීම් කෂේත්‍රයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය බඩු සැපයීම තමයි අපි කරන්නේ. දීර්ඝ කාලයක ඉඳන් අපි මේ ව්‍යාපාරයේ නිරත වී සිටිනවා. අපි සපයන දේවල් අතර මැෂිනරි, බෙල්ට්, බෙයාරින්, සිල්වර් ආදී දේ තිබෙනවා. මේ දවස්වල බිස්නස් ගත්තොත් පසුගිය අවුරුදු කීපය පුරාම වගේ එක ලෙවල් එකකින් තමයි බිස්නස් එක පවත්වාගෙන යන්නේ. මීට අවුරුදු ගාණකට කලින් තිබුණු බිස්නස් එක තාම නැහැ. මොකද තාම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ පටන් අරන් නැහැ. අනිත් ක්ෂේත්‍ර නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙමින් තිබෙනවා. ඉදිකිරීම් පැත්තෙන් පොඩි වර්ධනයක් තියෙන නිසා අපේ ව්‍යාපාරයත් පොඩි වර්ධනයක් අත්පත් කර ගනිමින් සිටිනවා.

 
Q: පසුගිය කාලේ බිස්නස් අඩු වු​ෙණ් ඇයි?
බිස්නස් අඩු වෙන්න හේතුව තමයි පාරිභෝගිකයාගේ මුදල් මාකට් එකට වැටුණේ නැහැ. හැමෝම රටේ තත්වයත් එක්ක මුදල් තියාගෙන හිටියේ. දැන් ඉතින් දේශපාලන වශයෙන් පොඩි ස්ථාවරයක් තිබෙන නිසා මුදල් වෙළෙඳපොළට එන්න ගනීවි. ඉස්සරහට ව්‍යාපාර හොඳ වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි වැඩ කරගෙන යන්නේ. 
හැබැයි එකක් කියන්න ඕනේ. තාම ලොකු වෙනසක් වෙලා නැහැ. පහුගිය ආණ්ඩුව කරගෙන ගිය දේවල්ම තමයි මේ අයත් කරන්නේ. තාම මේ ආණ්ඩුව පත්වෙලා කෙටි කාලයයි. තව අවුරුද්දක් එක හමාරක් යනකොට අපිට හරියටම කියන්න පුළුවන් බිස්නස් වැඩි වුණාද අඩු වුණාද කියලා. තව කාලයක් ඕනේ. ඉස්සර අපටත් ඇණවුම් දෙන්න බැරි තරමට ඉදිකිරීම් වුණා. දැන් අපි මහා පරමාණයෙන් ඉදිකිරීම් කරන සමාගම්වලින් ඇහුවාම කියන්නේ තාම හරියට වැඩ පටන් අරන් නැහැ කියලා. ඒ කාලේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති පටන් ගත්තොත් අපටත් හොඳ කාලයක් උදාවේවි. සේවකයෝ හතර දෙනෙක් වැඩ කරනවා. ඒ අය මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න හොඳ සහයෝගයක් ලබා දෙනවා.

අමිල චින්තක ගමගේ


ඡායාරූප ඉසුරු පෙරේරා



අදහස් (0)

කොහොමද BUSINESS: තවම ලොකු වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site