IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කසල එකතු කරන්න ජංගම යෙදුමක්

පළාත් පාලන ප්‍රදේශ තුළ කැලි කසල එකතු කිරිමේ ක්‍රියාදාමය සවිබල ගැන්වීම සඳහා ජංගම යෙදුමක් මිනුවන්ගොඩ නගර සභාව හා බස්නාහිර පළාත් සභාව එක්ව ආරම්භ කළේය.

මෙහි නියමු ව්‍යාපෘතිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවාස ආවරණය කරගෙන සිදු කරනු ලබයි. පසුව ක්‍රමයෙන් මෙම ජංගම යෙදුම අනෙකුත් ප්‍රදේශ කරා සංවර්ධනය කිරිමට බලාපොරොත්තු වන බව බලධරයෝ කියති.

මෙම ව්‍යාපෘතිය පළාත් පාලන අමාත්‍යංශය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සහයෝගය ඇතිව මෙම ප්‍රදේශය තුළ කුණු කසල රැස්කිරිම සිදුකරන දිනයන් හා කාලය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ඇති.

මෙහි ඇති වාසි පිළිබඳව අදහස් දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර නලීන් මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසීය.

‘කුණු කසල එකතු කිරිම සඳහා කාලසටහන පිළිබඳව බොහෝ නිවැසියන් දැනගෙන සිටියේ නැහැ. කසල එකතු කිරිම හා වෙන් කිරිම සඳහා අප විසින් සකස් කර ඇති මාර්ගෝපදේශයන් නිවැසියන් අනුගමනය කරන්නේ නෑ. මෙමගින් පදිංචිකරුවන් රැඳී සිටින බව සහතික කරනු ලබනවා. ඒ අනුව කටයුතු කළ හැකි වනවා. එය ඉතාමත් පහසු හා කාර්යක්ෂමව සිදුකළ හැකි වෙනවා.’ යැයි කීය.

ඩේලිමීරර් ඇසුරෙනි

(28535)



අදහස් (4)

කසල එකතු කරන්න ජංගම යෙදුමක්

menna Sunday, 03 February 2019 05:21 AM

අපි පොඩි කාලෙත් කුණු එකතු කරන ට්‍රැක්ටර් තිබුන. බැලු බැල්මටම මටනම් පෙන්නේ පිටිපස්සේ බහලුම අලුත් වෙලා කියන එක විතරයි. කුණු ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ එකතු කිරීමේ ප්‍රශ්නයක්ද? හරියට නිකම් බඩ ජිරණයට දත් බුරුසුව වෙනස් කරනවා වගේ කියලා මටනම් හිතෙන්නේ.

:       19       32

අට පාස්Tuesday, 05 February 2019 06:41 AM

සිංහලෙන් කියනවා නම් මේක App එකක්. දැන් තේරෙන්න ඇති මම හිතන්නෙ.

:       0       62

SathyaWednesday, 06 February 2019 04:15 AM

මේක ජංගම දුරකථන ඇප් එකක්. සන්නිවේදන කටයුතුවලට භාවිතා කරන්නේ. එකතු කරන්නේ ට්‍රැක්ටරෙන්ද, කරත්තෙන්ද කියන එකට වඩා නිසි පරිදි කසල වෙන්කරලා, මනා කාර්යක්ෂමතාවකින් අ වැඩේ වෙනවද කියන එකයි වැදගත්.

:       0       2

onna Tuesday, 05 February 2019 12:21 PM

ඔය ජංගම යෙදුම හොඳයි. නිසියාකාරව කුණු විනාශ කරන තැනක් තියෙනවනම්. කුණු විනාශ කරන යෙදුමකුත් තිබුනොත් හොඳයි.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 220 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 739 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1161 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site