IMG-LOGO

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පොලී අනුපාතයට සීමාවක්

(රංජන් කස්තුරි)
 
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල වාර්ෂික ණය පොලී අනුපාතය   30%ක උපරිමයකට සීමා කිරීමේ නව නීති පනවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
 
ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්  40%ක සිට 220% දක්වා වන අධික පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීම නිසා ග්‍රාමීය ජනතාව දැඩි ණය බරක හිරවී තිබෙන බව ද රුපියල් ලක්ෂයට අඩු එවැනි ණය කපා හරින බව ද මුදල් ඇමැතිවරයා කීය.



අදහස් (4)

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පොලී අනුපාතයට සීමාවක්

lal Sunday, 22 July 2018 05:02 PM

හොඳ වැඩක්. 30% නෙවෙයි 20% බස්සන්න ඕන.

:       0       0

sampath Monday, 23 July 2018 06:24 AM

මෙය ඉතාමත්ම හොද දෙයක්. ක්ෂුද්‍ර මුල්‍ය ආයතන දුප්පත් මිනිස්සු සූරන් කන ක්‍රමය නතර කල යුතුයි. මේ යෝජනාව අපි 2007 තරම් ඈත කාලයේදී යෝජනා කලා. ඒත් ක්‍රියාත්මක වුනේ නැහැ. විශේෂයෙන්ම ඉතා දිලිදු ග්‍රාමීය ජනතාවට යම් තරමකින් හෝ සහනයක් ලබාගත හැකි එකම ක්‍රමය ක්ෂුද්‍ර මුල්‍යයි මේක වගේම අනිවාර්ය ඉතිරුම් ප්‍රතිශතය අඩු කිරීමත් කල යුතුයි.

:       0       6

Udaya Monday, 23 July 2018 07:47 AM

කරනවා නම් වටිනා වැඩක්.. ගම්මානවල රැඳිලා කටයුතු කරන මෙම මූල්‍ය සමාගම්වල පොලී ප්‍රතිශත හරිම ඉහළයි. කණ්‌ඩායම එකිනෙකට අත්සන් කරලා ණය දෙනවා. ලොකු ගණන් පවා ණය දෙනවා. මිනිස්සු පොලිය ගැන දන්නෙත් නෑ. අහන්නෙත් නෑ. සමතල ක්‍රමයටයි ණය දෙන්නෙත්. මිනිස්සු මුලා කරවන වචන කියන්නේ. ප්‍රධාන බැංකු මඟින් රජයේ නිලධාරීන්ගේ අත්සන් සහිත ඇප ඉල්ලන නිසා බොහෝ ව්‍යාපාරිකයන් පවා මෙවැනි ආයතනවලින් ණය ගන්නවා. බොහෝ රාජ්‍ය සේවකයන්ගේ නම් ක්රිබ් එකේ තියෙන නිසා ඔවුන්ටත් අත්සන් කරන්න බෑ. අන්තිමේ අධික පොලී නිසා ණය ගෙවන්න බැරිව අසරණ වෙනවා. කාන්තාවන් මේ සමිතිවලට අසුවීම නිසා පවුලේ ගැටුම් ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි මූල්‍ය ආයතන නිසි පරිදි නියාමනය ඉතා වැදගත් සමාජ මෙහෙවරක්... වචන නෙවෙයි, ක්‍රියාත්මක වීමයි වැදගත්.

:       0       30

AsankaMonday, 23 July 2018 09:39 AM

සහතික ඇත්ත... නිවැරදිව විස්තර කරල තියනවා.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 773 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1195 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site