(විනීතා එම් ගමගේ)
ක්ෂේත‍්‍ර 14 ක් ඔස්සේ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානය සූදානම් බැවින් ජපන් භාෂාව හා වෘත්තීය නිපුණතාව ලබාගැනීම ආරම්භ කරන්නැයි ජපානයේ රැකියා බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලීමක් කරයි.
සාත්තු සේවය, පිරිසිදු කරන්නන්, යාන්ත‍්‍රික ඉංජිනේරු සේවා, නිෂ්පාදන යන්ත‍්‍ර කර්මාන්ත, විදුලි කාර්මික, ඉදිකිරීම්, නැව් ඉදිකිරීම්, ඔටෝ මොබයිල්, ගුවන් සේවා, කෘෂිකර්මාන්තය, මත්ස්‍ය වගාව, ආහාරපාන නිෂ්පාදන, ආහාර සේවා ඇතුළු අංශ 14 ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට අවස්ථාව උදාවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂ අවස්ථාවක් වන මෙම රැකියා අවස්ථා අනුව ශ‍්‍රම බළකායේ විශාල පිරිසක් එරට රැකියාවලට යැවීමට අවස්ථාව උදාවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් පිරිසක් මේ වන විටත් එරට බලධාරින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව කී නානායක්කාර මහතා එක් එක් රැකියා සඳහා වයස් සීමාවන් හා සුදුසුකම් වෙනස්වනු ඇති බවත් ඒ පිළිබඳව ජපාන රජය නියෝජිත පිරිස දැනුවත් කරනු ඇති බවත් සඳහන් කළේය.
වෘත්තිය දැනුම හා භාෂා ප‍්‍රවීණතාව ඇති පිරිසට ඉක්මණින් රැකියා අවස්ථා ලැබෙනු ඇති බව පැවසූ මන්ත‍්‍රීවරයා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන වලදී ද භාෂා පුහුණුව සහන මිලට ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බව ද පවසා සිටියේය.
කෙසේ වෙතත් ශ‍්‍රමිකයන් යැවීම තවමත් ආරම්භ නොකළ අතර ජුලි අවසානය වනවිට යවන මුල් පිරිස තෝරා ගැනෙන බවද කිසිවෙකුටත් මේ සඳහා මුදලක් ගෙවීමක් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.
කාර්යංශයේ පැවති මෙම මාධ්‍ය හමුවට එහි සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.එම්.ජේ. වනසේකර සහ එහි අතිරේක සාමාන්‍යධිකාරි ඩී. ඩී. එම්. සේනානායක සහකාර සාමාන්‍යධිකාරි ප‍්‍රචාරක ශ්‍රීයන්ති කුමාරගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්ෂේත‍්‍ර 14 ක රැකියා දෙන්න ජපානය සුදානම්
prasad indika Wednesday, 26 June 2019 02:07 PM
ඇත්තටම මෙය ලොකු දෙයක්... කරුණාකර මෙය පටන් ගත් විගස අපව දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
P.g chminda Kumara bandraa Thursday, 27 June 2019 01:28 PM
ගොඩක් හොඳයි. අපේ තරුණ අය වෙනුවෙන් ඒක දැනුම් දුන්නට ඉක්මනින්
P.g chminda Kumara bandara Thursday, 27 June 2019 01:50 PM
ලංකාවේ තරුණ අපට ගොඩක් වටිනවා
H.A.dhanushka chathuranga Sunday, 04 August 2019 11:36 AM
ඒ තීරණය ගොඩක් වටිනවා...