IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කැවෙන්ඩිස් ඩොලර් උල්පතක්

කෙසෙල් ගෙඩි පිරිසුදු කරමින්

  • අතුරු නිෂ්පාදනවලටත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් 
  • කාබනික කෙසෙල් වගාවෙන් ඩොලර් වැඩි ප්‍රමාණයක් උපයන්න පුළුවන්
  • කර්මාන්තයක් ලෙස කිරීම රැකියා උත්පාදනයටත් ග්‍රාමීය ආර්ථිකයටත් ශක්තියක්
  • අපනයනයට කෙසෙල් ලබාදෙන ගොවීන් 35ක් විතර කලින් සිටියත් දැන් ඉන්නේ විස්සක් පමණ 
  • මාසයකට කිලෝ 25 000ක් 60 000ක් පමණ අපනයනය කරන්න පුළුවන්
  • වතුර ප්‍රශ්නය වගාවට බාධාවක් 
  • අස්වනු ප්‍රවාහනයෙදී අබලන් මාර්ග තවත් ප්‍රශ්නයක් 

මහව - සජීවා කෝට්ටගොඩ

කෙසෙල් වගාව, ශ්‍රී ලංකාවේ ගොවියාට ආර්ථික වාසි සැලසෙන වගාවකි. ලංකාවේ විවිධ ප්‍රදේශවල කෙසෙල් වගාව කරන අතර යම් යම් කාලවලදි මූල්‍යමය වාසි සැලසෙන අයුරු දක්නට ලැබේ. මහ පොළොවේ රස සාරය උරා ගනිමින් විවිධ රස වර්ග ඔස්සේ විවිධ නම්වලින් කෙසෙල් වර්ගද හඳුන්වා දී තිබේ. 

ඉන් අපනයනය සඳහා වඩාත්ම යොමුව ඇති කෙසෙල් වර්ගය වන්නේ කැවෙන්ඩිස් කෙසෙල්ය. මෙය ඩොලර් උපයන උල්පතක් ලෙස හැඳින්විය හැකිය.

ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලු‍මේදී කැවෙන්ඩිස් කෙසෙල් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය කෙසෙල් ප්‍රභේදයකි.

එය නැවුම් පලතුරක් ලෙස මෙන්ම සැකසූ ආහාරවල අමුද්‍රව්‍යයක් ලෙසද ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලු‍මක් පවතී.

මෙම ඉල්ලු‍ම නිසා අපනයනය සඳහා අවස්ථා රැසක් නිර්මාණය වීම වගාකරුවන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ටද වටී. කෙසෙල්වලට දිගු ආයු කාලයක් ඇති බැවින්, ඒවා විදේශ රටවලට අපනයනය කිරීමට පහසුය.

ශ්‍රී ලංකාව වැනි රටවලින් කැවෙන්ඩිස් කෙසෙල් අපනයනය කිරීමෙන් විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගත හැකිය.

කෙසෙල්වලින් අතුරු නිෂ්පාදන ලෙස කෙසෙල් චිප්ස්, කෙසෙල් පිටි සහ කෙසෙල් බීම වැනි විවිධ සැකසූ නිෂ්පාදන නිපදවිය හැකිය. මෙම නිෂ්පාදනවලට විදේශීය වෙළෙඳපොළවල ඉහළ ඉල්ලු‍මක් ඇති අතර, ඒවා අපනයනය කිරීමෙන් ගොවියාට අත මිට සරුකරගත හැකිය.

විශේෂයෙන් කාබනික වගාවකට සමාන නිසා කාබනික කැවෙන්ඩිස් කෙසෙල් සඳහා ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලු‍මක් පවතී. කාබනික කෙසෙල් වගා කර අපනයනය කිරීමෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයා ගත හැකිය. මෙහිදී කර්මාන්තයක් ලෙස බොහෝ රැකියා උත්පාදන වීමක් දැකිය හැකිය.

වගාව, අස්වනු නෙළීම, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම යන ක්‍රියාවලදී බොහෝ රැකියා අවස්ථා උත්පාදනයවේ. එය රටේ ආර්ථිකයට සහ ග්‍රාමීය සංවර්ධනයට දායකත්වයක් සපයයි.

කෙසෙල් වගාව සාර්ථකව කිරීමට නම්, ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව නිෂ්පාදන කිරීම, නිසි අලෙවිකරණ ක්‍රමවේද භාවිත කිරීම සහ රජයේ සහයෝගය ඉතා වැදගත් වේ.
කෙසෙල් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරීත්වය වැඩිදියුණු කළ හැකිය. අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ද වෙළෙඳපොළ අවස්ථා විවෘත කිරීමට උපකාරී වේ. කෙසෙල් කර්මාන්තය වර්ධනය වනවා සේම ආර්ථික වර්ධනයට දායක වීමද සිදු වේ.

මෙම වාසිදායක තත්වය උපරිම කර ගැනීම සඳහා, උසස් වගා ක්‍රම භාවිත කිරීම, ගුණාත්මක නිෂ්පාදන නිපදවීම සහ ඵලදායී අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කිරීම වැදගත් වේ.

වාණිජමය අරමුණු මුල්කරගෙන කරන කෙසෙල් වගා ක්‍රමයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් කැවෙන්ඩිස් කෙසෙල් ප්‍රභේදය තෝරාගනු ලබන අතර, එමඟින් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

භූමිය තෝරා ගැනීම, ජලය, හිරු එළිය, සුළඟ, පැළ, රෝගවලින් ආරක්ෂාවීම, පටක රෝපණ ක්‍රම වැනි දෑ කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

කැවෙන්ඩිස් කෙසෙල් අපනයනකරුවකු වන සමන්ත ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය.

අපනයනය සඳහා කෙසෙල් ලබා දෙන ගොවියන් 35 ක් විතර කලින් සිටියා. දැන් 20 ක් විතර ඉන්නවා. ඒකට හේතුව වන්නේ විශාල ලාබයක් ලැබුණහම ගොවියන් වෙනත් වැඩ කටයුතුවල නිරත වෙනවා. බොහෝ අවස්ථාවල වාහන මිලදී ගැනීම සහ ගෙවල් අලු‍ත් වැඩියා වැනි කටයුතු සිදු කිරීම නිසා ගොවියන්ගේ අවධානය වගා වෙත යොමු නොවීම නිසා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වෙනවා. අපනයනය සඳහා යැවීමට හොඳ කෙසෙල් තියෙන්න ඕනා.

මාසෙකට කිලෝ 25,000 - 50,000-60,000 වැනි ප්‍රමාණවලින් අපනයනය කරන්න පුළුවන් වෙනවා. මේ නිසා රටට ඩොලර් ගේන්න දායකත්වය දක්වන්න පුළුවන් වුණා. මේ දිනවල අස්වැන්න අඩු මට්ටමක් තියෙනවා. ඉතා හොඳ ඉහළ ආදායමක් ගන්න පුළුවන්.

කෙසෙල් වගාවේදී ගොවීන්ට ගැටලු‍ කිහිපයකට මුහුණදීමට සිදුවෙනවා. මගේ කෙසෙල් පැළ 7000 ක් පමණ තියෙනවා. වතුර ප්‍රශ්නය නිසා වතුර මැෂිමට ඩීසල් සඳහා විශාල වියදමක් යනවා. විදුලි පද්ධතිය ලබා ගැනීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ.

අධික උෂ්ණත්වය, නියඟය සහ අධික වර්ෂාපතනය කෙසෙල් වගාවට බලපානවා. ඒ හේතුවෙන් අස්වැන්න අඩු වීම සහ ගුණාත්මක භාවය පහත වැටීම සිදුවෙන්න පුළුවන්. කෙසෙල් වගාවට නිසි ජල කළමනාකරණයක් අවශ්‍ය වෙනවා.

වැව්වල වතුර තිබුණත් ගොවි සංවිධාන වලින් දෙන්න කැමැති නෑ. මාර්ග කැඩී තිබීම් නිසා අස්වැන්න රැගෙන ඒමේදී ගැටලු‍ මතු වෙනවා. අස්වෙන්න නෙලා කෙටි කාලයක් ඇතුළත ඇසුරුම් කිරීමේ ස්ථානයට රැගෙන යා යුතු වෙනවා. මාර්ගවල අබලන් තත්වය නිසා එසේ යාමේදී වාහනවලට බලපෑම් ඇති වෙනවා. රජය හෝ මාර්ග පිළිසකර කර දෙන්නේ නම් අපිට හැකි අයුරින් මේ වගාව වැඩිදියුණකර රටට ඩොලර් ගේන්න පුළුවන්.
කෙසෙල් ගෙඩිවලට පහසුවෙන් හානි විය හැකි බැවින්, අස්වැන්න නෙළීම සහ ප්‍රවාහනය පරෙස්සමෙන් කළ යුතුය.

කෙසෙල් වගාව සඳහා වැඩි ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. කෙසෙල් ගෙඩි නිසි පරිදි ඇසුරුම් කර වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතුය. කැවෙන්ඩිස් කෙසෙල් වගාව සාර්ථකව කිරීම සඳහා නිසි සැලසුමක් සහ කළමනාකරණයක් අවශ්‍ය වනවා.

මහව ප්‍රාදේශී ලේකම් නඳුන් ආර්. සම්පත් මහතා මෙසේ කීය.

මෙම කෙසෙල් වගා කිරීමෙන් හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මුලින්ම කෙසෙල් පැළ 28,000 ක් ගොවීන් හතළිස් දෙනකු අතරේ දුන්නා. උනන්දුවෙන් ගොවීන් ක්ෂේත්‍රයේ මේ කටයුත්ත කරගෙන යනවා. මේ සඳහා තාක්ෂණික සහය ප්‍රදේශයේ අපනයනකරුවකු වන සමන්ත මහතාගෙන් ලබාදීමට කටයුතු කර තියෙනවා.

මසකට කෙසෙල් කිලෝ ලක්ෂ පහක් පමණක් අපනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලැබෙන ආදායම ඩොලර්වලට පරිවර්තනය වෙනවා. ප්‍රදේශයේ ජනතාවට ඉතා හොඳ ආදායම් මාර්ගයක්. වගාවත් සමඟ මුං, කවුපි වැනි යටි වගා කිරීම නිසා තවදුරටත් ආදායම වැඩිකර ගැනීමේ හැකියාවක්ද පවතිනවා. 
රැකියාවක් නොමැති තරුණ පිරිසට ආරාධනා කරනවා මෙවැනි වාණිජ වගාවවලට යොමු වෙමින් ජීවිතය සාර්ථකකර ගන්න කියලා.

 



අදහස් (0)

කැවෙන්ඩිස් ඩොලර් උල්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 12 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 21 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 21 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 11 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 16 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 12 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 733 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1228 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site