(කල්පීටිය පද්මා කුමාරී කංකානම්ගේ )
"ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා."
සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ, අද (18 )දින, කල්පිටිය සංචාරක පුරවරයේ හෝටල් හිමියන් සහ ආයෝජකයින් හමුවෙමිනි.
තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසුවේ ය.
"කල්පිටියේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් කිසිම දෙයක් සිදු කරළා නැහැ. දැනට අන්තර්ජාලයේ තිබෙන්නේ කල්පිටියේ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් නිර්මාණය කරණ ලද වීඩියෝපටි පමණයි."
"කල්පිටිය ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති පුරවරයක්. මිනිස් ජනපදවල ආරම්හය හෙවත් තම්බපණ්නී නිජ බිම පිහිටලා තිබෙන්නේ මේ ආසන්නයේ. දියඹේ දැකිය හැකි දැවැන්තම මත්සයා තල්මසාත්, ගොඩබිම දැකිය හැකි දැවැන්තයා අලියාත් සංචාරකයින්ට එකම චාරිකාවකින් දැකිය හැක්කේ මෙහේ පමණයි. ඊට අමතරව ඩොල්පින් මසුන්, කොරළ් පරය, දිය මත සරුංගල් ක්‍රීඩාව, ඇතුලු විවිධ ජල ක්‍රීඩා, විල් පත්තුව ගඟේ වාඩිය ප්‍රදේශයන්හී ගෝණා, මුවා සහ දිවියා දැකිය හැකියි."
" සංචාරක කර්මාන්තය ස්ථාපනය වී තිබෙන, සෑම ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයකටම සංචාරක සංවර්ධන නිලධාරියෙකු පත් කරණ ලෙස මම ගරු ජනාධිපතිතුමාට යෝජනා කළා " යැයි පැවසීය.
මෙහිදී,කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ ලේකම් එස්.එම්.මලික් මහතා ප්‍රකාශ කළේ සංචාරක නිකේතනයන්ට ප්‍රවේශ වීමේ මාර්ගයන් අබලංව පැවැතීම, පෙර දැනුම් දීමකින් තොරව සිදුවන, නිතර සිදුවන විදුලි කප්පාදුව, කැළි කසල බැහැර කිරීමේ අක්‍රමවත් බව, සංචාරක කර්මාන්තයට බාධාවක් බව පෙන්වා දුන්නේය.
දිය මත ලිස්සා යාමේ ක්‍රීඩා පාසැල් සංගමයේ ලේකම් දිල් සිරි වැළිකල මහතා පෙන්වා දුන්නේ, බලපත් නොමැතිව විදේශීය සරුංගල් පුහුණුකරුවන් කල්පිටියට පැමිණ, විදේශ ක්‍රීඩකයින් සදහා පුහුණු පාඨමාලා පවත්වමින්, මුදල් උපයන බවත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මැදිහත්ව මේවා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ය.
කල්පිටියේ සංචාරක නිකේත්න 117ක් ඇතත් ඉන් 20 ක් පමණක් ලියාපදිංචි බවත්, ජල ක්‍රීඩා පාසැල් 13ක් ඇතත් ඉන් 9 ක් පමණක් ලියාපදිංචි බවත් මෙහිදී අනාවරණය විය.
ලියා පදිංචි නොමැති සියලුම ක්‍රීඩා පාසැල් සහ සංචාරක නිකේතන වහාම ලියා පදිංචියට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා මෙහිදී අදාළ නිළධාරීන්ට දැනුම් දුන්නේ ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්නැහේටනම් හොඳයි. අරවා මුහුදෙන්ම ගෙනල්ලා මුහුදෙන්ම විකුණනන්න පුලුවන්.
ඉතාම හොඳ අදහසක්. මාලදිවයිනට ගිහින් බැලුවොත් පෙනේවි ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සදහා සබ්මැරින්, සි ප්ලේන් ඇතුළු නවීන විනොදාශ්වාදන ක්‍රම සංචාරක කර්මාන්තය සදහා ඔවුන් භාවිත කරනවා. හැබැයි බොරුවට කටින් බතල කොළ නොහිටවා උනන්දුවෙන් වැඩ කළොත් අපිටත් ඒ තත්වෙට යන්න පුළුවන් වේවි.
ලංකාවේ හොඳ මාදිලියේ බෝට්ටුවක් නැති හින්ද පිට රටකින් හරි ගෙනල්ල සංචාරක අංශයට දාන්න හදද්දී ලෝකේ නැති දේවල් කියලා ඒක කඩාකප්පල් කරන රාජ්‍ය ආයතන , එක්ක ඔය කතා හමස් පෙට්ටියට තමයි .
ආයේ ඡන්දේ දෙන්න එපා. වෙන කෙනෙකුට ඡන්දෙ දෙමු.
මෙයා හදන්නේ ආපහු පාර්ලිමේන්තු යන්න.
මෙයා ආවොත් බඩුම තමයි......
රටම දන්න ලෝක හොරෙක්..............
මෙයා කරන්න හදන්නේ දැනට තයෙන ඒවාට බලපත් දීලා ඒවායෙන් ගානක් කඩාගන්න වැඩක් වගේ. ඒම නැතුව කරන්න හදන අලුත් දෙයක් කියලා නැහැ නෙ.
සංහාර කෙසේවෙතත් එතනෝල් පුරවරයක් නම් වෙයි..
රටකට ගිය කලක්... කොහොමද මේවගේ දෙයක් කරන්නේ? අනේ මන්දා අපේ ජනාධිපතිතුමා රට ගොඩගන්න හදන්නේ මේවගේ අය එක්කද? සිහිනයක් තමයි ඉතින් දෙයියන්ගේම පිහිටයි.