ගිනි ගහන කස වැල්ල පෝෂණය කරමින් විවිධ එළවළු හා පලතුරු සාරවත් ලෙස වගා කිරීමට කල්පිටිය වගාකරුවෝ අති දක්ෂයෝය. ඒ සියල්ල අතරේ කල්පිටියේ ගොවීහු දිනෙන් දින විවිධ අත්හදා බැලිම් කරති. එසේ සිදුකළ අත්හදා බැලිම් සාර්ථක වී මේ වන විට මේ බිම්වල සරුවට වගා කළහැකි පලතුරක් ලෙස රතු දෙළුම් වගාව හඳුනාගෙන තිබිම සුවිශේෂ කරුණකි.
දෙළුම් වර්ග රැසක් තිබුණද මෙතෙක් කල්පිටියේ වගා බිම්වල සාර්ථක ලෙස වගා කර තිබුණේ නාමලි නමැති කහ පැහැයට හුරු දෙළුම් ප්‍රභේදය වෙයි.
එහෙත් ඉන්දීයන් රෙඩ් ඒන්ජල් නමින් හැඳින්වෙන එසේම කල්පිටි රතු දෙළුම් වගාව ක්‍රමයෙන් සාර්ථක අයුරින් කිරීමට වගාකරුවන් යොමුව සිටී.
පිළිකාවට ලක්වු සේම තවත් බොහෝ රෝග රැසකට දෙළුම් ඖෂධයකී. ඒ නිසාම දෙළුම්වලට තිබෙන ඉල්ලුම සපුරා ලීමට ශ්‍රී ලංකික වගාකරුවන්ට තවමත් හැකිවි නැත.
ඒ හේතුවෙන් රටට අවශ්‍ය දෙළුම් ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් ආනයනය කිරීමට සිදුව ඇත්තේ රටේ දෙළුම් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමටය.
එහෙත් මේ වන විට රෙඩ් එන්ජල් නමින් හැඳින්වෙන කල්පිටිය රතු දෙළුම් වගාව සාර්ථකව කළ වගාකරුවන් පවසන්නේ තමන්ට මෙම වගාව කිසිදු ගැටලුවක් නොමැතිව පුත්තලම දිස්ත්‍රික්කයේ වගා කිරීමට හැකියාව පවතින බවයි.
එහෙත් දෙළුම් වගාව සඳහා අවශ්‍ය ඉඩම් හා මුදල් තමන් සතුව නොමැති වීමෙන් එම දෙළුම් අවශ්‍යතාව සැපිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව ඔවුහු කියති.
දෙළුම් වගාකරුවන් පවසන්නේ මේ වන විට වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති විදේශීය රතු දෙළුම්වලට නොදෙවෙනි දෙළුම් අස්වැන්නක් තමන්ට රට තුළින් ලබා දීමට හැකියාව පවතින බවයි.
එසේම විදේශීය රතු දෙළුම්වල රසට වඩා වැඩි රසකින් හා ඖෂධීය ගුණයකින් යුත් දෙළුම් වගා කර රටේ දෙළුම් අවශ්‍යතාව සපුරන කොටස්කරුවන් වීමට තමන්ට ඇති හැකියාවට ඉඩ කඩ ලබා දෙන්නැයි ඔවුහු රාජ්‍ය හා පෞද්ගලික අංශයෙ මැදිහත් විම බලාපොරොත්තුවෙන් සිටිති.
ඒ නිසාම කල්පිටිය තිහලි ආශ්‍රීත ප්‍රසිද්ධ දෙළුම් වගාකරුවකු වන එස්.එච්.එම්.අස්මී මහතා වසර 20 කට අධික කාලයක සිට කල්පිටියෙ දෙළුම් වගාව සම්බන්ධව විවිධ හැල හැප්පිම් මැද එයට එල්ල වන තර්ජන හා යහපත් ප්‍රතිචාර විඳ දරා ගනිමින් මෙම වගාව සාර්ථක කර ගැනිමට උත්සහ ගන්නා සාර්ථක දෙළුම් වගා කරුවෙකි. මේ ඔහුගේ හඬයි.
“ඇත්තටම කල්පිටිය කියන්නේ වෙනස්ම පරිසර පද්ධතියක්. ඒ පරිසර පද්ධතිය භුගෝලිය විවිධ වෙනස්කම් දක්වන පරිසර රටාවකින් යුක්තයි.
අතීතයේ කල්පිටිය කියපුවාම වෙනස්ම චිත්‍රයක් තමා මැවිලා තිබුණේ. එහෙත් එය වෙනස් කරන්න මම වාගේම කල්පිටියේ බහුතරයත් වගාකරුවන් පුදුම වෙහෙසක් ගත්තා. ඒ එළවළු, පලතුරු වාගේම විවිධ වගා ආරම්භ කරමින් වැලි තලාවක් වූ කල්පිටිය සරු බිමක් කරන්න.
ඒ නිසාම මමත් කාලයක් එළවළු ගොවියකු ලෙස තමයි හිටියේ. එහෙත් මාව දෙළුම් වගාවට යොමු කළේ කෘෂී නිලධාරීයකු වන පාරුක් මහතායි.
එදා නිමාලි නැමති දෙළුම් වර්ගය අපි සිටුවමින් කල්පිටියේ දෙළුම් වගාව ආරම්භ කළා. එය ඉතාමත් සාර්ථක ලෙස තමයි පවත්වාගෙන ආවේ.
එහෙත් මම 2023 දි හිටපු කෘෂීකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පෞද්ගලිකව හමුවී කල්පිටියේ දෙළුම් වගාවට උදව් කිරීමට මැදිහත් වුණා. එතුමාගේ මැදිහත් වීම මත අපි ඉන්දියන් රෙඩ් එන්ජල් නමින් හඳුන්වන කල්පිටිය රතු දෙළුම් සාර්ථකව වගා කිරීමට මම ඇතුළු පිරිසක් කටයුතු කළා.
මේ වෙද්දි කල්පිටිය රතු දෙළුම් වගාවේ අස්වැන්න ලබා ගන්න සුදානම්. මේ වන විට අපි තහවුරු කරලා තියෙනවා අපිට රතු දෙළුම් වගා කරන්න පුළුවන් කියලා.
ඒ සමගම දෙළුම්වලට මිල ගැටලුවක් නැහැ. අලෙවියත් ප්‍රශ්නයත් නැහැ. එවැනි තත්වයක් මත අපිට මතුවු ප්‍රධාන ගැටලුවක් නිසා ඉදිරියට මෙම වගාව දියුණු කරන්න බැරි වෙලා තියෙනවා.
එය තමා අපිට ඉඩම් හා මුදල් නැහැ. ඒ දෙකම දෙනවා නම් මම සුදානම් රටට වුවමනා දෙළුම් ලබා දෙන්න. එහෙත් අපි කියන බාධාව ඉවත් කර අපිට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා ඉල්ලනවා.
කල්පිටියෙ රතු දෙළුම් වගාව සම්බන්ධයෙන් පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංගීකා ශාමලි මහත්මිය මෙලෙස පැවසුවාය.
“ඇත්තටම කල්පිටියේ හොඳ වගාකරුවන් සඳහා භුමියේ සිමාකාරී සාධකයක් මතුව තිබේනවා. ඒ නිසාම එම භුමිය යොදා ගනිමින් වැඩි පලදාවක් ලබා ගත හැකි දෙළුම් වර්ග අපි සොයා ගන්න කටයුතු කළ යුතුයි.
එයට අමතරව කල්පිටියෙ දෙළුම් වගාකරුවන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වන ඉඩම් ගැටලුවට යම් පිළිතුරක් ලබා දීමටත් අපි සූදානම්.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල්පිටියේ දෙළුම් වගාවට ඉඩක් නැද්ද?