ඉන්දියාව මූලස්ථානය කරගත් චිසෙල්ස් කායවර්ධන මධ්‍යස්ථානයේ ශාඛා ශ්‍රී ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යෝජනා කර ඇතැයි වාර්තාවේ.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලිට චිසෙල්ස් සමාගමේ 30%ක කොටස් හිමි බව කියති. මෙම සමාගම කැලිෆෝනියාව මූලස්ථානය කරගත් ව්‍යාපාරික ආයතනයක් හා සම්බන්ධව සිටී. සත්‍ය සිංහා එහි සම හිමිකාරිත්වය දරයි.
එම සමාගම මේ වන විට බැංග්ලෝර් සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි ශරීර සුවතා මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. තමන් ඊළඟ මාස කිහිපය ඇතුළත දිල්ලි, මුම්බායි, ගුවහාටි, හයිද්‍රාබාද් සහ චෙන්නායි හි ද 2018 වසර වන විට සමස්ත ඉන්දියාව පුරා ශාඛා 100ක් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සිංහා පවසයි.
ඒ සමගම බර අඩුකරන කෑම හා ඇඳුම් නිෂ්පාදනයට යොමුවීමට නියමිත බව ඔහු කියයි. චිසෙල්ස් සමාගම තම එක් ශාඛාවක් සඳහා ඉන්දීය රුපියල් මිලියන 20ක් පමණ ආයෝජනය කිරීමට කටයුතු යොදා ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ මොනවාද නිශ්පාදනය කරන්නේ. ලංකාවේ අයට රැකියා ලැබෙනවා ද. රටේ තියෙන ඩොලර් ටිකත් අදින වැඩක් නේ.(බ)
මේක ඉන්දියාවක්ම කරන්න. එතකොට තමයි අපේ අයට නින්ද යන්නෙ (නි)
ඔවා කිසිම හරයක් නැති බොරු වැඩ. මොලේ ටිකක් හරි තියෙන මිනිස්සු ඕවට අහුවෙන්නේ නෑ (ම)
ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙයි මේ සමාගම, මට හිතෙන හැටියට (නි)
රැකියා අවස්ථා කීයක් එනවද මේකෙන්?(හේ)
රැකියා අවස්ථා කීයක් එනවද මේකෙන්?(හේ)
එච්චරයි දැන් මේ රටට අඩු. (හේ)
එච්චරයි දැන් මේ රටට අඩු. (හේ)
ගිහින් බලන්න ඕනේ ජිම් එක කොහොමද කියලා.(හේ)
අපේ අයත් මේ උගුල් වලට අහු වෙනවනේ.(හේ)
වෙනසකටත් එකක් හොදයි.(හේ)
ඉන්දියන්කාරයෝ නම් අපේ රටට වද්දාගන්න එපා. (නි)
ඕකෙ මොනවාද නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ අයට රැකියා ලැබෙනවා ද. රටේ තියෙන ඩොලර් ටිකත් අදින වැඩක් ද දන්නේ නැහැ(කෞ).
පළමුව ඇවිදින ඇටසැකිලි වලට සමබර ආහාර වේලක් ලැබිය හැකි වාතාවරණයක් සකසන්න.. ඒ ඇති...අනෙක ප්‍රයිවට් බස් එකක දිනපතා ගමන් කරන මෙවන් ජනතාවට නම් දිනකට අවශ්‍ය ව්‍යායාම නිකම්ම වගේ ලැබෙනවා නේ....ඒ නිසා කායවර්ධන මධ්‍යස්ථාන මෙවන් ජනතාවකට අවශ්‍යම දෙයක් නොවේ.(බ)
එට්කා 1 ඉන්දියන් ජිම්. (බ)
කොල්ලනේ ගිහින් වෙට්ස් කරපල්ලා හැබයි සල්ලි දෙන්න එපා.(හේ)
එහෙනම් ඒ නමටම අපේ අය ගොඩක් අය යයි.(හේ)
මාත් ගිහින් බලන්න ඕනේ කොහොමද ජිම් එක කියලා.(හේ)
ලොකු වියදමක් දරන්න ඇති නේද?(හේ)
ලෝකයේ දියුණු රටවලත් එක එක සමාජ පන්ති වලට ගැළපෙන ශරීර සුවතා මධ්‍යස්ථාන තිබෙනවා (නි)
ගම් පළාත්වල කොල්ලෝ කුඩා පරිමාණයෙන් ශරීර සුවතා කායවර්ධන ආයතන පවත්වාගෙන යන එකටත් තට්ටුවෙයි එහෙනම්? කොල්ලනේ, මින්පස්සේ යන්න වෙන්නේ ඉන්දියන් ජිම් වලට. (නි)