IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කොරෝනාට එරෙහි සටනට හම්බන්තොට වරායේ සහාය

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය වගකීම ඉටු කරමින්, කොරෝනා වසංගතයට එරෙහි අඛණ්ඩ සටනේ යෙදී සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය සංවිධාන කිහිපයක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පසුගියදා පරිත්‍යාග කළේය. හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

පාසල් සිසුන්ගේ භාවිතය සඳහා විෂබීජ නාශක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ වන දියර ඉසින යන්ත්‍ර, බූට් පාවහන්, රබර් අත්වැසුම්, මුහුණු ආවරණ, පැඩල් වර්ගයේ අත් සෝදන සින්ක් සහ පැඩල් වර්ගයේ කසළ බඳුන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ප්‍රදානය කළේය. කොරෝනා ආසාදිතයන් සමඟ ඍජුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පෞද්ගලික ආරක්ෂක කට්ටල (PPE), KN95 මුහුණු ආවරණ, ශල්‍ය මුඛ ආවරණ සහ සනීපාරක්ෂක බෝතල් පරිත්‍යාග කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද සපයන ලදී.

අඟුණකොළපැලැස්සේ නව කොරෝනා රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට භාර දෙන ලදී.

මෙම පරිත්‍යාග HIPG හි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු, ප්‍රධාන මූල්‍ය නිලධාරි රේමන්ඩ් මු, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ සහ වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ යන මහත්වරුන් විසින් අදාළ රජයේ නිලධාරීන්ට භාර දෙන ලදී.



අදහස් (0)

කොරෝනාට එරෙහි සටනට හම්බන්තොට වරායේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1010 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site