IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට

කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා අද (4) ප්‍රකාශ කළාය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික වර්ධනය වේගය පසුගිය වසරේ සියයට 2.9ටත් වඩා අඩු වනු ඇතැයි ද ඇය කීවාය.

‘‘කොරෝනා වයිරසය මේ වෙද්දි කලාපීය අර්බුදයක් නෙමෙයි. එය ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා. ඊට ගෝලීයව ප්‍රතිචාර දැක්විය යුතු’’ යැයි ඇය මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.

මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3.3කින් වර්ධනය වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය. එහෙත් නව පුරෝකථනයට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකය සියයට 0.5කින් පහත වැටෙනු ඇතැයි පැවසේ.

වයිරසය විශ්වාසයට බලපෑම් එල්ල කරන බවත් වයිරසය මැඬීමට ගන්නා ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම්වලට බලපෑම් එල්ල කරන බවත් එම නිසා මේ වසරේදී ගෝලීය වර්ධනය පසුගිය වසරට වඩා අඩු බවත් ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කීවාය.

කෙසේ නමුත් කොතරම් දුරට ආර්ථිකය පහත වැටෙනු ඇතැයි කිව නොහැකි බවත් එසේම කොරෝනා වයිරසය කොතරම් කාලයක් බලපෑම් කරනු ඇත්දැයි අනාවැකි කීම දුෂ්කර බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය. 

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site