
බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොලොන්නාව නගරය වෙතය. කොලොන්නාව නගර මධ්‍යයේ පිහිටි කුළුබඩු අලෙවිසැලක් වූ චිලීස් බෙස්ට් වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ මොහොමඩ් ෂාමිල් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් කියන්න තරම් සරු නෑ. බිස්නස් අඩුයි. මම මේ කඩේ කරන්න පටන් අරන් දැන් අවුරුදු 18 ක් වගේ කාලයක් වෙනවා. මේ අවුරුදු 18න් අවුරුදු 3 ක වගේ ඉඳන් ලොකුවට බිස්නස් නෑ. අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දටත් හජ්ජි අවුරුද්දටත් ලොකුවට සෙනගක් ගැවසුණේ නෑ.
Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න හේතුවක් තමයි බඩු මිල ඉහළ යෑම. බඩු මිලෙත් අඩු වීමක් නෑ. ඒ නිසා මිනිස්සුන්ට ගොඩක් ආර්ථික වශයෙන් අමාරුයි. කලින් රුපියල් 400ට විකුණපු පොල්තෙල් දැන් රුපියල් 750 යි විකුණන්නේ. අප්‍රේල් මාසයේ රු.3000ට ගත්ත කජු කිලෝ එක අද රුපියල් 6500ක් වෙනවා. දෙගුණයක්ම වැඩිවෙලා. පාරිභෝගිකයෝ ඉල්ලන දේ දෙන්න ඕන නිසා කොහෙන්හරි ණයක් අරන් තමයි අපිත් බඩු ගන්නේ. අපිටත් විකුණන්න ඕන නිසා ගන්නවා. ලොකු ප්‍රමාණ ගන්නේ නෑ. එවලෙට කිලෝ එකක් දෙකක් තමයි ගන්නේ.
සිංහල අවුරුදු වලට එහෙම අපිට හොඳට බිස්නස් තියනවා. 13වැනිදා තමයි වැඩියෙන්ම බිස්නස් තියෙන්නේ. එහෙත් මේ අවුරුද්දේ බිස්නස් තිබ්බෙම නෑ. බිස්නස් තියෙයි කියල හිතලා ණය වෙලා බඩු ගත්තාම අපිටත් අමාරුයි ඒ ණය ගෙවා ගන්න. අපෙත් බිස්නස් සම්පූර්ණයෙන්ම අවුල් වුණා ඒ නිසා. අපේ ණයත් වැඩි වුණා. කොලොන්නාව ගත්තාම ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පවුලකට දවසට උයන්න රුපියල් 3000ක් විතර ඕන. කුකුල් මස්, හාල්, පොල් තෙල් වගේ හැම දේම ගන්න ඕනිනේ. දැන් මෙහෙ තියන අලුත්ම දේ තමයි අප්‍රේල්වල රුපියල්1000 ට 2000ට ලොකු බත් පැකට්, බුරියානි විකුණනවා. ඒක උයනවට වඩා ලාබ නිසා මිනිස්සු ඒවගෙන් තමයි කන්නේ. හජ්ජි අවුරුදු වලටත් එහෙම තමයි. බුරියානි ලොකු සවානක් 7000කට විතර ගන්න පුළුවන්. ගෙදර බුරියානි එකක් හදනවානම් 10000ක් වගේ යනවා. මොකද කුළුබඩු වර්ග එහෙම ගොඩක් දාන්න ඕන නිසා. ඒ නිසා ඇණවුම් කරලා කෑම ගන්න එක මිනිස්සුන්ට ලාබයි. එහෙත් ඒකෙන් අපේ බිස්නස් වලට තමයි පාඩු. මොකද අපෙන් බඩු ගන්නේ නෑනේ. මිනිසුන්ට අමාරුයි මේ ආර්ථිකේ දරා ගන්න.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කියන්න තරම් බිස්නස් සරු නෑ