IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කියන තරම් බිස්නස්වල සරුවක් නැහැ

සිංහල හින්දු උත්සව සමය නිමා වී වෙසක් උත්සව සමය මේ දිනවල ගෙවී යයි. වෙසක් උත්සව සමය යනු වෙසක් කූඩු, බල්බ් වැල්, වෙසක් සැරසිලි වෙළෙන්දන්ගේ වෙළෙදාම් සරු කාලයයි. මෙම වෙසක් සමයේ රෙදිපිළි වෙළෙදාමේ තත්වය සොයා බැලීමට අපි නුගේගොඩ වෙළෙද නගරය වෙත ගියෙමු. මේ දිනවල බිස්නස් පිළිබදව දැන ගැනීමට අප ගොඩ වූයේ දයානන්ද වීරමුණි මහතාගේ රෙදි සහ පාවහන් වෙළෙදසල වෙතයි. 

මේ දිනවල බිස්නස් කොහොමද?
මම බිස්නස් කරන්නේ දැන් අවුරුදු 40 ක වගේ ඉදන්. මගේ ළඟ සේවකයොත් 6 දෙනෙක් වැඩ කරනවා. අපි විකුණන්නේ රෙදි සහ සෙරප්පු. සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද කියන්නේ බිස්නස් කරන කාටත් සරු කාලයක්. අනිත් මාසවලට වඩා අප්‍රේල් මාසේ බිස්නස් වැඩි වෙනවා. 
විශේෂයෙන්ම රෙදි බිස්නස් කරන අයට අවුරුදු කාලේ කියන්නේ හොදටම බිස්නස් තියන කාලයක්. මොකද අනෙක් දවස්වලට නැතත් අවුරුදු කාලේට කොයි කවුරුත් එක ඇදුමක් හරි අලු‍තින් ගන්නවා. ඒ නිසා රෙදි බිස්නස් කරන අපි බලන් ඉන්නේ අවුරුදු කාලේ එනකන්. හැබැයි මේදා පාර අවුරුදු බිස්නස් අඩු වුණා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ පාර බිස්නස් අඩුයි. අවුරුද්දෙන් පස්සේ නම් බිස්නස් ඇත්තෙම නැති තරම්. වෙසක් එකට සුදු ඇදුම් බිස්නස් ටිකක් තිබුණා. ඒ ඇරෙන්න කියන්න තරම් බිස්නස්වල සරු බවක් නෑ.


බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් හරියටම කියන්න බෑ. ඒකට හේතු කීපයකම බලපානවා. එක හේතුවක් තමයි මිනිස්සුන්ට සල්ලි නෑ. මිනිස්සු අාර්ථික අතින් ගොඩක් පසුබෑමක ඉන්නේ. සල්ලි තියන කෙනාට ඇති වෙන්න සල්ලි තිබ්බට නැති කෙනා කන්න බොන්නත් හොයා ගන්නේ හරිම අමාරුවෙන්. අපි ළඟට එන්නේ කොහොමත් ධනපතියෝ නෙමෙයි. ඒ නිසා අපිට බිස්නස් අඩුයි. 
තව හේතුවක් තමයි අපි පිටරටින් ආනයනය කරලා රෙදි සෙරප්පු ගේන්නේ නෑ. අපි කරන්නේ පිටකොටුවේ තොග කඩවලින් බඩු අරන් විකුණන එක. එතකොට අපිත් ලාබයක් තියාගෙන විකුණද්දි අඩුම මුදලකට රෙදි විකුණන්නත් බෑ. මිනිස්සු හොයන්නේ අඩුම මිලට භාණ්ඩ මිලදී ගන්න. ඒ නිසා ගොඩක් පාරිභෝගිකයෝ දුර ගැනත් හිතන් නැතුව පිටකොටුවටම ගිහින් රෙදි මිලදී ගන්නවා. ඒකත් එක හේතුවක් අපිට බිස්නස් අඩු වෙන්න. 

ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (1)

කියන තරම් බිස්නස්වල සරුවක් නැහැ

Kamal Koyrala Thursday, 15 May 2025 02:59 PM

මුළු ඉතිහාසයම කොයි වෙළෙන්දද කිව්වේ බිස්නස් සරුයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site