වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමග කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂා සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත.
2025 මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත, විශේෂයෙන් සකස් කළ ගෙවීම් සැලසුම්, පළමු වසරේ රක්ෂණ වාරික සඳහා වට්ටම්, රුපියල් 10,000 ක අවම ගාස්තුවක් සහිත ණයවර ලිපි සඳහා කොමිස් ගාස්තුවලින් සියයට 50 ක නිදහස් කිරීමක් සහ සම්බන්ධ වීමේ ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කරන ලද නොමිලේ ලබාදෙන ක්‍රෙඩිට් කාඩ්පතක් මෙම පැකේජයට අයත් වේ. ඊට අමතරව බැංකුව මගින් ණයවර ලිපි විවෘත කිරීමටත් අවස්ථාව සකසා දී තිබේ.
ගනුදෙනුකරුවන්ට කඩිනමින් සහ කරදරයකින් තොරව ලීසිං පහසුකම් සඳහා අනුමැතිය ලබා දීම සහ වාහන අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබා දීම ද මෙම පැකේජයේ කොටසක් බව බැංකුව පවසයි. මෙම විශේෂ ප්‍රතිලාභ අදාළ වන්නේ ලියාපදිංචි නොකළ වාහනවල ලීසිං සඳහායග
කොමර්ෂල් බැංකුව විසින් වාහන කල්බදු සඳහා වසර හතක ලීසිං පහසුකමක් සඳහා සෑම රුපියල් 100,000 කටම රුපියල් 1,598 ක අඩු වාරිකයක් ලබා දෙයි.
කොමර්ෂල් බැංකුවේ ලීසිං ගනුදෙනුකරුවන් සඳහා බැංකුවේ සුපර් ලීසිං සහ හයිබ්‍රිඩ් ලීසිං පහසුකම් මගින් තනි පුද්ගල ආදායමට ගැළපෙන පරිදි සකස් කළ ලීසිං විකල්ප තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.
2025 නොවැම්බර් මස 04
141
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1572
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොමර්ෂල් බැංකුවෙන් වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්