IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොමර්ෂල් බැංකුවෙන් ආනයන - අපනයනකරුවන්ට ‘TradeLink’ ඩිජිටල් සේවාව

මෙරට පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත.

‘Combank TradeLink’ ඩිජිටල් සේවාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, පරිශීලකයන්ට පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සැලසුම් කළ අතුරු මුහුණතකින් සමන්විත වන අතර, එය වෙළෙඳ මූල්‍ය ගනුදෙනු සරල කර වේගවත් හා පාරිභෝගික අනුකූලතාව වර්ධනය කරමින් පරිශීලකයාට අවශ්‍ය විසඳුම් ලබා දෙන බව බැංකුව පවසයි.

‘Combank TradeLink’ භාවිත කරන ආනයනකරුවන්ට 24x7 තත්‍ය කාලීන සේවා ලබා ගත හැක. එම සේවා අතරට ආනයන ණයවර ලේඛන, ආනයන එකතු කිරීමේ ලේඛන, නැව්ගත කිරීමේ ඇපකර හා අත්තිකාරම් ලේඛන, විවෘත ගිණුම් පියවීම, අත්තිකාරම් ගෙවීම් සහ ඇපකර ලේඛන ආදිය ඇතුළත් වේ.

අපනයනකරුවන්ට මෙම මාර්ගගත සේවාව හරහා අපනයන ණයවර ලේඛන සහ අපනයන එකතු කිරීමේ ලේඛන ලබාගත හැකි අතර, එමගින් ඔවුනගේ අපනයන ආශ්‍රිත ගනුදෙනු වේගවත් කර කාර්යක්ෂමතාව වැඩිදියුණු වේ.
මෙම සේවාව සියලුම අංශවල මෙන් ම විවිධ ප්‍රමාණ සහ ධාරිතාවලින් යුත් ව්‍යාපාර සඳහා සහය වනු ඇති අතර බැංකුවට තම පාරිභෝගිකයන් සමඟ සන්නවේදනය කිරීමට තවත් මාර්ගයක් සපයනු ඇත.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “ආරම්භයේ සිටම කොමර්ෂල් බැංකුව වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රියාකරුවකු වී ඇති අතර, ඓතිහාසිකව ආනයන හා අපනයන ක්ෂේත්‍ර සඳහා මෙරට විශාලතම පහසුකම් සපයන්නා බවට ද පත්ව ඇත. වෙළෙඳ මූල්‍ය පහසුකම් සැපයීම සඳහා වූ මෙම කැපවීම මෙම නවතම මුලපීරීම සමඟ ද අඛණ්ඩව පවතින අතර, එමගින් මෙම ක්ෂේත්‍රයේ දේශීය හා ගෝලීය වෙනස්කම් සමඟ පුළුල් වන සහ පරිණාමය වන මාර්ගගත සේවා සමූහයක් සමග වෙළෙඳ මූල්‍යකරණය ඩිජිටල් ක්ෂේත්‍රයකට රැගෙන යනු ඇත.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවෙන් ආනයන - අපනයනකරුවන්ට ‘TradeLink’ ඩිජිටල් සේවාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site