|
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා බැංකුව වෙනුවෙන් සම්මානය ලබාගත් අයුරු |
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හය වැනි වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය.
මෙම සම්මානයෙන් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ පුනර්ජනනය දිරිමත් කරන, පාරිසරික වශයෙන් තිරසර වූත්, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූත් නිෂ්පාදන ආකෘති සඳහා සහාය ලබා දෙන ආකාරයේ මූල්‍යකරණ මුලපිරීම් ඉදිරියට ගෙන යමින් ලබා දෙන නායකත්වයයි. මෙම වසරේ චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් අනෙක් කලාපවල ජයග්‍රාහකයන් අතර උතුරු ඇමෙරිකාවේ Scotiabank බැංකුව හා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය සඳහා UVB බැංකුව ද සම්මාන ලැබීය.
පසුගිය දා ලන්ඩන් නගරයේ ලෑන්ඩින් 42 හිදී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත්තේය.
මෙම ජයග්‍රාහකයන් තෝරාගෙන ඇත්තේ, සමස්ත තිරසරභාවය සඳහා වන මූල්‍යකරණය, බැඳුම්කර නිකුතුවල විශිෂ්ටත්වය, ප්‍රජා සහයෝගය, සම්පත් කළමනාකරණය, විනිවිදභාවය හා වාර්තාකරණය, යටිතල පහසුකම් හා නැගී එන වෙළෙඳපොළවල තිරසරභාවය වෙනුවෙන් අරමුදල් සැපයීම වැනි ක්ෂේත්‍ර අනුව බව සඟරාව පැවසීය.
කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගය හරහා පරිසරයට කාබන් මුදාහැරීම අවම වන, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූ හා පාරිසරික වශයෙන් ප්‍රයෝජනවත් ව්‍යාපෘති මුලපිරීම්වලට යොමුවීම සඳහා යහපාලනික පදනම සපයයි. මෙම උපායමාර්ගය ශ්‍රී ලංකා මහ බැංකුවේ හරිත මූල්‍ය වර්ගීකරණය, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික නියාමන ප්‍රතිපත්තිවලට ද අනුකූල වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd