IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුවට ගෞරවණීය සම්මාන තුනක්

එංගලන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන සම්මාන ත්‍රිත්වය දිනාගන්නා ලදී.

මෙහිදී, බැංකු ක්ෂේත්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් ඉස්ලමික් බෑන්ක්, මැලේසියාවේ MBSB බෑන්ක් සහ කුවේටයේ ගල්ෆ් බෑන්ක් යන බැංකු කොමර්ෂල් බැංකුව සමග මෙහිදී සම්මානයට පාත්‍රවිය.

මෙය කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් සම්මාන දිනාගත් තුන්වැනි අවස්ථාව වේ. මේ අනුව, 2020 වසරේදී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය බැංකුකරණ සේවාව’ ලෙසින්ද 2019 වසරේදී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය වාණිජ බැංකුව’ ලෙසින්ද කොමර්ෂල් බැංකුව මෙම සඟරාව වෙතින් සම්මාන දිනාගන්නා ලදී.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ ලංකාවේ තෙවැනියට විශාලතම බැංකුව වේ. කොමර්ෂල් බැංකු සමූහය 2020 වසර අවසානයේදී රුපියල් ටි්‍රලියන 1.762 ක සමස්ත වත්කමක්, රුපියල් බිලියන 151.966 ක දළ ආදායමක්, රුපියල් බිලියන 24.52 ක බදුවලට පෙර ලාභයක්, රුපියල් බිලියන 17.087 ක ශුද්ධ ලාභයක්, රුපියල් බිලියන 961.859 ක ණය පොතක් සහ රුපියල් ට්‍රිලියන 1.287 ක තැන්පතු වාර්තා කර ඇත.

‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සම්මාන ප්‍රදානය ස්ථානය, ප්‍රමාණය සහ හිමිකාරීත්වය යන කරුණු සලකා බැලීමකින් තොරව ලෝකය පුරා විසිරී සිටින සියලුම සමාගම් සඳහා විවෘත වේ. මෙහිදී, මෙම සමාගම් තමන්ගේ කර්මාන්තයේ තිබෙන දක්ෂතාව සහ විශේෂඥතාව පමණක් සැලකිල්ලට ගනිමින් සම්මානයට පාත්‍ර කරයි.

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට ගෞරවණීය සම්මාන තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site