|
සභාපති ෂාර්හන් මුෂීන් |
|
කළමනාකාර අධ්‍යක්ෂ |
කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු වල ශක්තිමත් වර්ධනය, නිසාවෙන් බැංකුව සතු වූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB)ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදු වූ පාඩුව දරා ගැනීමට හැකි වී ඇත.
(SLISB) ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් සමූහයට සිදු වූ රුපියල් බිලියන 45.11 ක මුළු ශුද්ධ අලාබය වසරේ අවසන් කාර්තුවේදී හදුනාගත් අතර එමගින් 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 12 සඳහා දළ ආදායම රුපියල් බිලියන 274.98 ක් දක්වා සියයට 19.50 කින් අඩු විය. කෙසේ වෙතත්, මූලික වශයෙන් (SLISB) සම්බන්ධ ප්‍රතිපාදන ආපසු හැරවීම හේතුවෙන් හානි පූර්ණ ගාස්තු සඳාහා කළ රුපියල් බිලියන 62.30 ක ප්‍රතිපාදන ආපසු හැරවීමක් සිදු වූ අතර එමගින් ද සමස්ත බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය. අඩු පොලී අනුපාත හේතුවෙන් පොලී ආදායම සියයට 7.54 කින් රුපියල් බිලියන 275.22 ක් දක්වා අඩු වීම ද සමූහයේ දළ ආදායම අඩු වීමට බලපෑ බව සමූහය පවසයි.
තැන්පතු වල කාලානුරූප ප්‍රතිමිලකරණය සහ බැංකුවේ ශක්තිමත් CASA පදනම හේතුවෙන් සමස්ත පොලී වියදම් රුපියල් බිලියන 157.08 ක් දක්වා සියයට 25.63 කින් අඩු වූ අතර එමගින් ශුද්ධ පොලී ආදායම 2023 දී තිබූ රුපියල් බිලියන 86.41 ට සාපේක්ෂව මෙම වසරේ රුපියල් බිලියන 118.13 දක්වා එනම් සියයට 36.71 ක ඉතා හොඳ වර්ධනයක් අත්කර ගත්තේය. මේ අතර, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද රුපියල් බිලියන 23.65 දක්වා සියයට 5.62 කින් වර්ධනය වී ඇත.
(3 වැනි පිටුවට)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොමර්ෂල් බැංකුවේ 2024 වසරේදී විශිෂ්ට කාර්යසාධනයක්