IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


කොමර්ෂල් බැංකු සමූහයෙන් සංකීර්ණ කාර්යසාධනයක්

කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂවරු ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග


කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වැනි කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට ධනාත්මක සහ ඍණාත්මක ලෙස දැඩිව බලපා ඇතැයි එම බැංකුව කියයි.

එම බැංකුව වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක දළ ආදායමක්, රුපියල් බිලියන 34.244 ක සමස්ත මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 28.284 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 33.41 කින්, සියයට 41.74 කින් සහ සියයට 66.33 කින් වර්ධනය වීමකි.

පසුගිය වසරට සාපේක්ෂව ණය පොත වර්ධනය වීමට අමතරව 2022 මාර්තු මාසයේදී අනපේක්ෂිත ලෙස රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ මුදල් වලින් තිබෙන වත්කම් කළඹෙන් ලැබූ පොලී ආදායමේ දායකත්වයෙන් සමස්ත පොලී ආදායම් සියයට 19.41 කින් රුපියල් බිලියන 37.847 ක් දක්වා අදාළ මාස තුනක කාලය සඳහා වර්ධනය වී ඇත. මේ අතර, මෙම කාලය තුළදී පොලී වියදමද සියයට 17.30 කින් රුපියල් බිලියන 19.024 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ සඳහා හේතුවී තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු කළඹේ ඇතිවූ වර්ධනය සහ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ණය සහ තැන්පතුවල පොලී වියදම වැඩිවීම හේතුවෙනි. මෙම තත්ත්වය තුළ කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 18.823 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 21.62 ක වර්ධනයකි.    

මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 28.284 ක් දක්වා සියයට 66.33 කින් වර්ධනය වී තිබෙන අතර 2021 පළමු කාර්තුවේදී එම ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 17.005 ක් ලෙසිනි. 

එසේම, මෙම කාර්තුව තුළදී මෙහෙයුම් වියදම රුපියල් බිලියන 8.721 ක් වූ අතර එය වර්ධනය වී තිබෙන්නේ සියයට 23.66 ක සාපේක්ෂකව  අඩු අනුපාතයකිනි. මේ අනුව, මෙම කාර්තුව තුළදී බැංකු සමූහය විසින් මූල්‍ය සේවා මත බදුවලට පෙර රුපියල් බිලියන 19.563 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 96.56 ක දැවැන්ත වර්ධනයක් වේ.    

මේ අතර, සලකා බලන කාර්තුව තුළදී මූල්‍ය සේවා මත ගෙවූ අගය එකතු කිරීමේ බදු දෙගුණයකට වඩා වැඩිවෙමින් රුපියල් බිලියන 3.155 ක් වූ අතර එම වර්ධනයට හේතු වූයේ අගය එකතු කිරීමේ බද්දට යටත් වූ ලාභ වර්ධනය වීම සහ 2022 ජනවාරි 01 වැනිදා සිට අගය එකතු කිරීමේ බදු අනුපාතය සියයට 15 ක සිට සියයට 18 ක් දක්වා වැඩි කිරීමයි. මේ නිසා, ආදායම් බදු වලට පෙර බැංකු සමූහයේ ලාභය සලකා බලන කාර්තුවේදී සියයට 95.21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.406 ක් වී තිබෙන අතර සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 11.775 ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.23 ක වර්ධනයකි.      

කොමර්ෂල් බැංකුව වෙනම ම ගත්විට මෙම කාර්තුව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 16.089 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 96.61 ක වර්ධනයක් වේ. එසේම, කොමර්ෂල් බැංකුව සලකා බලන මෙම කාර්තුව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 11.548 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 73.44 ක වර්ධනයකි.

මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ සහ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 02 ක සංධිස්ථානය පසුකළ අතර මෙවැනි සංධිස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පසුකළ පළමු පෞද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි. 2022 මාර්තු 31 වනදා වනවිට කොමර්ෂල් බැංකු සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.287 ක් බවට පත්වී තිබේ.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

කොමර්ෂල් බැංකු සමූහයෙන් සංකීර්ණ කාර්යසාධනයක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 601 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 314 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 240 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 145 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 268 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 56 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 799 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2353 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site