IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුඩා තේ වතු හිමියෝ දුක් අඳෝනා නගති

අමු තේ දලු කිලෝවක මිල ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව කුඩා තේවතු හිමියෝ මැසිවිලි නගති.

මීට මාස හයකට පමණ පෙර රුපියල් 100ක්ව පැවැති අමු තේ දලු කිලෝවක් මේ වනවිට රුපියල් 75 ත් රුපියල් 80 ත් අතර මිලකට අලෙවි වීම නිසා තවදුරටත් කර්මාන්තය පවත්වාගෙන යෑමේ අර්බුදයකට කුඩා තේ වතු හිමියන් මේ මුහුණදී සිටින බව සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන හිමියන්ගේ සමිති සංවිධානයේ සභාපති කේ.එල්. ගුණරත්න මහතා ලංකාදීපයට ඊයේ (4) පැවැසීය.   

කුඩා තේ වතු හිමියන් මෙරට තේ කර්මාන්තයට ඉහළ දායකත්වයක් සපයන බව කී සභාපතිවරයා රත්තපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් වැඩිම පිරිසක් සිටින බවද සඳහන් කළේය. 

එම පිරිස 92,000ක් පමණ වන බව කී සභාපතිවරයා මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 64759ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 816991ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 35,708ක් ද සිටින බව ද සඳහන් කළේය.  

මේ වනවිට දිවයින පුරාම කුඩා තේ වතුහිමියන් ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් සිටින අතර මිලියන දෙකකට අධික සේවකයන් පිරිසක් ඉන් යැපෙන බවද ඔහු කීය.

සාමාන්‍යයෙන් තමන්ගේ වත්තෙන් එදිනෙදා ලැබෙන ආදායමෙන් කුඩා තේ වතු හිමියා ජීවත්වන බවත් ආදායම කඩාවැටීම හේතුවෙන් ඔවුන්ගේ එම ආදායම සම්පූර්ණයෙන්ම අහිමිව තිබෙන බවත් ඔහු කීය. 

මේ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙකු මේ වනවිට තේ ඉඩම්වල කුරුඳු ඇතුළු වෙනත් බෝග වර්ග වගා කිරීමට පෙළඹී සිටින බැවින් තේ කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව තිබෙන බවද කුඩා තේ වතු සංවර්ධන හිමියන්ගේ සමිති සංවිධානයේ සභාපතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හරිත් රණසිංහ මහතා සඳහන් කර සිටියේ තේ කර්මාන්තයේ මතුව තිබෙන අර්බුද හේතුවෙන් දිවයින පුරා පිහිටි තේ කර්මාන්ත ශාලා 729 න් මේ වනවිට කර්මාන්ත ශාලා 15 ආසන්න ප්‍රමාණයක් වසාදමා තිබෙන බවය.

කර්මාන්ත ශාලා වසාදැමීම හේතුවෙන් සේවකයන්ගේ රැකියා සම්බන්ධයෙන්ද ප්‍රශ්නයක් මතුව තිබෙන බවද ඔහු කීය. 

රුපියල් දහසකට අලෙවි වූ පහත රට නිමි තේ කිලෝවක් (තේ කුඩු) මේ වනවිට රුපියල් 600 දක්වා තිබෙන බවත් උඩරට තේ කිලෝවක මිල ඊටත් වඩා අඩුවී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.   

මීට වසර හයකට පමණ පෙර බැංකු ණය ලබාගනිමින් බොහෝ තේ කර්මාන්ත ශාලා නවීකරණ කළ බවත් ඒ සඳහා සියයට 10 ක් වැනි අඩු පොලී මුදලක් ගෙවූ බවත් ඔහු කීය. 

නමුත් මේ වනවිට සියයට 16 සිට - සියයට 28 අතර පොළී මුදලක් ගෙවීමට සිදුව තිබීම තේ කර්මාන්ත ශාලා හිමියන්ට අහිතකර ලෙස බලපා තිබෙන බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කීය.



අදහස් (1)

කුඩා තේ වතු හිමියෝ දුක් අඳෝනා නගති

චමින්ද Friday, 05 July 2019 11:41 AM

මමත් මැයි මාසේ දළු කිලෝ සියයක් පමණ දුන්නා මට නම් කීයක්වත් ලැබුනේ නැහැ. මේ පුවතින් කියනවා කිලෝ එකකට රුපියල් 75 ත් 80 ත් අතර මුදලක් ලැබෙන්නේ කියලා. 2015 ජනවාරියට පෙර නම් තිබුනේ රුපියල් 40 ත් 45 ත් අතර මිළක්.නමුත් කියන්න දෙයක් තියෙනවා. දළු මිළ රුපියල් සියයක් තරම් මිළක් වූ අවස්ථාවේ දළු නෙලීමට කිලෝ එකකට ගෙවන මුදල රුපියල් 30 ත් 35 ත් අතර වුනා. දැන් එය අඩු කරන්න බැරි නිසා වගාවන් අත්හරින්න තමා වෙන්නේ කියල

:       2       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site