ඊයේ වෙළෙඳපොළ ගනුදෙනු දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳාමේ දී ද වර්ධනයක් පෙන්නුම් කළේය. අප්‍රේල් මාසය ආරම්භයේ පළමු දින දෙකම වර්ධනයක ලක්ෂණ සනිටුහන් වී ඇත. පසුගිය මාර්තු මාසයේ මැද කොටස් වෙළෙඳ පොළ සියලු මිල දර්ශකය ඒකක 15,734 තෙක් පහත වැටුණු අතර එය ඒකක දහ හත් දහස ඉක්මවා තිබුණ පිබිදීම දුබලකර පහතටම ගෙන එන ලද බව දැක්වේ. එම පසුබැසීම ක්‍රමයෙන් වර්ධනයක් කරා ගමන් කරවන්නට සමත් ද යන්න විමසිල්ලෙන් සිටිය යුතුය.
ඊයේ (අප්‍රියෙල් 02) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,007.44 තෙක් ඉහළ ගිය අතර එය ගනුදෙනු දින දහ හතරකට පසු නැවතත් ඒකක දහ සයදහසක සීමාවට ළඟාවීමකි. කලින් දිනයට සාපේක්ෂව දර්ශක 173.06 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,762.64 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 10.84 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. ආරම්භයේ සිට පැයක පමණ කාලයක් තියුණු වර්ධනයක් පෙන්වන ලද නමුත් පසුව එය විකිණීමේ උත්සාහය හේතු කොටගෙන සාමාන්‍ය තැනකට පත්විය.
ජෝන් කීල්ස් රු. මිලියන 302 ක්, හේලීස් ලෙෂර් රු. මිලියන 149 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 108 ක්, සී.අයි.සී. රු. මිලියන 91 ක්, සම්පත් රු. මිලියන 87 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 78 ක්, ලයන් බෲවරි රු. මිලියන 66 ක්, පැරක්වෙට් රු. මිලියන 59 ක්, සී.අයි.සී. නිෂ් ඡන්ද රු. මිලියන 58 ක්, සහ සන්ෂයින් රු. මිලියන 42 ක් ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
ඊයේ වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 15,697 ක් වූ අතර සමාගම් 168 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 65 ක් විය. දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රු. බිලියන බිලියන 2.29 ක් දක්වා සිමාවී තිබුණි.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
180
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටස් වෙළෙඳාමේ සුළු ප්‍රගතියක්